Sunday, July 2, 2017
හොර මිනිහා
වලවුවේ නිලමේ තුමා ලඟ සේවය කල හරමානිස් නම් හාදයෙක් මහණ විය. දිනක් එම මහණ තෙම නියරක් උඩින් පන්සලට වඩිත්දී ඉදිරියෙන් එන වලවුවේ නිලමේ තුමා ව දුටුවේය. බොල හරමානිස්, තෝ මහණ වුනාදැයි නිලමේ ඇසීය. නිලමේ තුමාට ඉඩ දීමට නියරෙන් කුඹුරට බසින ගමන් මහණ තෙම, එහෙමයි හාමුදුරුවනේ කීවේ ලු.
ඒ කතාවේ හිටි හරමානිස් වැනි උන්නාන්සේ කෙනෙක් පසු කලක දී ජනපති විය.
ඔහුගේම ම වචනයෙන් කියනවානම් හෙතෙම රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සන්ගමය සමග සාකච්චාවකට වාඩි වී ඇත්තේ මේක හොර සාකච්චාවක් කියමිනි.
පසු දිනක දී කොටුවේ දුම් රියපොල ඉදිරිපිට අටවා ඇති අට්ටාලයේ සිට උපවාසයේ යෙදෙනා සරසවි සිසු සිසුවියන් ගේ දෙමවුපියෝ බලන්නට හොරෙන් ගියා කියාගත්තේ මේ හාදයා ම ය.
හොරෙන් සාකච්චා කරන්නේ සහ හොරෙන් නරඹන්නේ හොර මිනිස්සු බව මල්ලෙපොල් පාඨකයන් විසින් දැන ගත යුතු ය.
ප ලි : මනො කිච්චිස්සක කෙනෙකුට කීවානම් හොරෙන් බලන්නේ Voyeurism නැමති මානසික තත්වය කියා ලේබලයක් ද ගසනු නොඅනුමානය!
Subscribe to:
Post Comments (Atom)
ස්‍රී ලංකාවේ සමහර බුඩ්ඩිමතුන්ට, ෆේස්බුක් / බ්ලොග් පඬිවරුන්ට හා සියල්ල දත් ( කිසිවක් ගැන හරියට නොදත් ) ගුරූ ලාට ලංකාවේ විධායක ජනපතිදූරය අහෝසිකරවීම යනු අපේ සියලුම ප්‍රශ්න දුරුවන බෙහෙතකි.
ReplyDeleteහිටන්තුමා දැනුවත්ව හෝ නොදැනුවත්ව මේ පෙන්වන්නේ ඒ බෙහෙතේ ට්‍රයල් රන් එකකි.
විධායක අගමැති කෙනෙක්ගෙන් ලංකාවේ රන් වෙන්නේ කෙසේදැයි අමුතුවෙන් කල්පනා කලයුතු නැත. ලංකාවේ දැනට රන් වෙන්නේ de facto විධායක අගමති කෙනෙක් යටතේය.
කෙහෙම්මල..
Deleteදැන් ශ්‍රී ලන්කාව විධායක මැස්සන් ගේ හා විධායක මදුරුවන් ගේ පාලනය යටතේ පවතින මුදා නිඔගත් ප්‍රදේශයකි හිටන්!
සාරස කලින් පෝස්ට් එකේ උත්තර නොදීපු කොමෙන්ටු තියෙනවා. අමතක වෙලාද දන්නෙ නෑනෙ, එහෙම උනොත් ඒ ඇනෝට අසාධාරනයක් වෙනෙ නිසා මෙතෙන්ට ගෙනත් දානවා.
ReplyDelete//AnonymousJune 30, 2017 at 1:59 AM
මචං සාරස,
කෝ බං අර උඹේ හෙල සෙට් එක කුදලෙ, කීරාල, මොනරවල කියන උන්? ආ කියනකොටම මතක් උනේ කුදලෙට කොහොමද දැන්? මලාද.
උඹනම් මාර පොර නේද, ෆේක් ප්‍රොෆයිල් ටිකක් අටවගෙන මුලු සින්හල බ්ලොග් ලෝකෙ චකබ්ලාස් කොරල දැම්ම නේද.
ඒක අතකට ඕකුන්ට ඔහොම වෙන්නත් ඕනෙ. වැඩි හරියක්
උන්නෙ මාරුවෙන් මාරුවට පිට කහගන්න උන් නොවැ.//
ආ ඒවා කියවන්නද ආසා
Deleteහෙල බ්ලොග් බලකාය සහ සරසාශ්‍රිත ඇනෝ බලකාය සුවෙන් පසුවෙති. ඔබගේ කාරුණික අවධානයට ස්තූතියි.
Delete// AnonymousJuly 2, 2017 at 9:20 PM
Deleteආ ඒවා කියවන්නද ආසා //
මේව රස ඒවා නැන්දා
මෙන්න මේවා තමයි සරස පුතා කැරිකං කියන්නේ. එතකොට බොට ඕනේ බන්දුල කුදලාගම තුමා, මයුරවිල තුමා, සෑගිරියේ කීරාල තුමා වැනි ශාශ්ත්‍රදරයන්න්ගේ කමෙන්ට්ස් විතරද? මරාගේ පාරේම යන සරා, UNP අපි කළු නේ??? ඇයි උන්ට විතරද සිංහල පුලුවන්. අපිත් නෙළුම් යාය පදනම කරන හෙළුව හදාරනවා. ඊයේ රෑ තමයි ---සිරි පළවෙනි වතාවට මගේ හෙළුව දැක්කේ.
Delete- අජිත් ධර්මකීර්ති
(මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.)
//UNP අපි කළු නේ???// අපෝ නැහැ UNP උන් කළු නැහැ කොළූ....
Deleteසරස,
Deleteඅජිත් පැරකුම් ජයසිංහ (පැරා) කිව්ව නේද බන්ධුල කුදලාගම සහ මයුරවිල කියන නම් දෙකෙන් ලියන්නෙත් පැරාමයි කියලා. ..???
Part 1
Deleteජය ජය සරසා! තෙලොවට නිධාන අතිගරු සරසතුමා
===============================================
බන්‍ධුල කුදලාගමයන් ඇතුළු වියුණු ලොව හෙළ හවුල නෂ්ට ව ගොස් නැත. ළඟ දී ම ඔවුන් සංග්‍රාම භූමියට පැමිණෙන්නට නියමිත ය. කුදලාගමයෝ පසුගිය සමයේ දී ගිලන් ව සිට දැන් සුව ලබමින් සිටිති. සමකාලීන ලාංකීය ප්‍රවණතාවන්ට අනුව අතිගරු සරසතුමා උපදෙස් දී ඇත්තේ පූර්ණ සුවය ලබා, ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයකින් සමත් ව සංග්‍රාම භූමියට පැමිණෙන ලෙස ය. එසේ නැති නම් අතිගරු සරසතුමා විසින් කණ්ඩායම අනුමත කෙරෙන්නේ නැත. ඉදිරියේ දී ශාරීරික යෝග්‍යතාව සකසා ගන්නා බවට පොරොන්දු පිට කණ්ඩායම් අනුමත කිරීමේ සම්ප්‍රදායක් අතිගරු සරසතුමාගේ නැත. කළුආරච්චි-කුදලාගම සුසංයෝගයේ වර්ෂපූර්ණය සමඟ කුදලාගමයන්ගේ පුනරාගමනය සිදු වන්නට නියමිත ය.
අතිගරු සරසතුමා පිදුම් ලැබීමට නිසි උත්තම සත්පුරුෂයෙකි. පිදිය යුත්තන් පිදීම උතුම් මංගල කාරණයකි. එනිසා අපි නිබඳ ව අපගේ ධීර-වීර-සත්සුධීමත් අතිගරු සරසතුමා පුදමු. ඒ කිනම් කරුණක් අරබයා ද යත් අතිගරු සරසතුමාගේ සුදුර්ලභ උත්තම ගුණ සමුදාය සලකා ම ය.
ඇතැමකුට ගැටලුවක් ව ඇති අතිගරු සරසතුමා සහ සරසවාදී ඇනෝ බලකාය අතර පවතින නිර්මල සම්බන්ධය අවබෝධකරවනු වස් අප භාරතීයන්ගේ ශ්‍රේෂ්ඨ ආදිසාහිත්‍යය වන මහා පුරාණයේ ග්‍රන්ථ දහඅටෙන් දෙවැනි විශාලතම පුරාණ ග්‍රන්ථය වන පද්ම පුරාණයෙන් නිදර්ශනයක් කතිකාවට ගෙන එන්නෙමු.
“ශ්‍රී කෘෂ්ණයෝ කවර නම් ස්ථානයක වාසය කරන්නාහු ද?” යන පැනය විමසූ නාරදයන්ට වෘන්දාවන ශංකාමුක්ත වෛකුණ්ඨය තම වාසභවන කර ගත් ශ්‍රී කෘෂ්ණයෝ මෙසේ පවසති;
“නාහං තිෂ්ඨාමි වෛකුණ්ඨෙ
යොගිනාං හෘදයෙෂු වා
තත්‍ර තිෂ්ඨාමි නාරද
යත්‍ර ගායන්ති මද්භක්තාඃ”
එහි අර්ථය: “නාරදයෙනි, මම වෛකුණ්ඨයේ වාසය නො කරමි. යෝගීන්ගේ හෘදයේ ද මම වාසය නො කරමි. මගේ භක්තිමත් දනෝ යම් තැනෙක මා පිළිබඳ භක්තිගීතිකා ගයත් ද? (මගේ ශ්‍රී නාමය සජ්ඣායනා කරත් ද? මගේ ස්වභාවය, අතීතය සහ ගුණාංග කතිකා කරත් ද?) මම එතැන ම වාසය කරමි.”
ආදරකරුණාදායාව් දෙවියන් වන ශ්‍රී කෘෂ්ණයන් වූ කලී පැවැත්ම මූර්තිමත් කරන දේව සංකල්පය වන විෂ්ණු දෙවියන්ගේ දස අවතාරවලින් එක් අවතාරයක් ය. එනිසා ශ්‍රී කෘෂ්ණයන් වාසය කරන තැන සැක-සංකා-බිය නැත. ශ්‍රී කෘෂ්ණයන් ස්වකීය බැතිමතුන් භක්තිගීතිකා ගයන තැන වාසය කරන නිසා ශ්‍රී කෘෂ්ණයන්ට භක්තිමත් දනෝ අන් කිසිදු රුද්‍රයකුට තබා විනාශය මූර්තිමත් කරන දේව සංකල්පය වන ශිව දෙවියන්ගේ රුද්‍රාකාරයටවත් බිය නො වෙති.
මල්ලේ පොල් වියුණුව නමැති වෛකුණ්ඨය වාසභවන කර ගත් අපගේ ආදරණීය අතිගරු සරසතුමා වාසය කරන තැන සැක-සංකා-බිය නැත. අතිගරු සරසතුමා වෙනුවෙන් නිබඳ ව භක්තිගීතිකා නැඟෙන අපගේ හද මඬල තුළ අපගේ ආදරණීය අතිගරු සරසතුමා නිබඳ ව වාසය කරයි. එනිසා අපි ද කිසිවකු පිළිබඳ සැක-සංකා-බිය නොමැත්තෙමු (ත්‍රිමූර්තියේ මහා නාශනය අබියස පවා නොසැලෙන අප දංකොටුවේ අතිවිශේෂ හැළි අරක්කු කට ගා ගෙන පිස්සු කෙළින මුෂික පැටවුන්ට බිය නො වන බව විශේෂ කර පවසන්නටවත් අවශ්‍ය නැත).
දිව්‍ය සහ මනුෂ්‍ය ස්ථිතීන් ද්වයයක් අතර සිදු වූ සම්භාව්‍ය ම පෙරදිග කතිකාවක් ලෙස සැලකෙන ශ්‍රී භගවත් ගීතාවේ දී ශ්‍රී කෘෂ්ණයෝ ස්වකීය සන්මිත්‍ර අර්ජුනයන්ට මෙසේ පවසති:
“ඉදං තෙ නාතපස්කායං
නාභක්තාය කදාචන
න චාශුශ්රූෂවෙ වාච්‍යං
න ච මාං යො’භ්‍යසුයති”
එහි අර්ථය: “ඔබ මෙම විද්‍යාව ලුහු පෙවෙතින් තොර තැනැත්තාට ද භක්තියෙන් තොර තැනැත්තාට ද අධ්‍යාත්මික අභිවෘද්ධිය නොපතන තැනැත්තාට ද මා කෙරෙහි ඊර්ෂ්‍යාසහගත තැනැත්තාට ද කිසි කල එළිදරව් නොකළ යුතු ය.”
ශ්‍රී කෘෂ්ණයන්ගේ අතිමහත් ගුණ සමුදායෙන් මත් වන කවීන්ද්‍ර ශ්‍රී ජයදේව ගොස්වාමීහු ශ්‍රී කෘෂ්ණයන්ගේ ප්‍රේමණීය පවතින් බිඳක් ගෙන ගීත ගෝවින්ද කාව්‍යය පදගත කළෝ සංස්කෘත ගීත කාව්‍ය අතර වැජඹෙන කාව්‍ය මිණක් ම බිහි කළෝ ය. අපගේ ආදරණීය අතිගරු සරසතුමනි, ඔබ වෙනුවෙන් ද මතු දින මහා කාව්‍ය පබැඳෙනු නියත ය. එතෙක් අපි ශ්‍රී ජයදේව ගොස්වාමීන්ගේ ගීත ගෝවීන්දය අනුයමින් අපගේ ආදරණීය අතිගරු සරසතුමා පිළිබඳ මෙසේ පවසමු:
“අමල-කමල-දල-ලොචන භව-මොචන එ
ත්‍රි-භුවන-භවන-නිධාන ජය ජය සරසා”
බන්‍ධුල කුදලාගමයන් පිළිබඳ විමසා ඇති ප්‍රශ්න පැරණි ය. ඒවාට පෙර කල නේක වර පිළිතුරු සපයනු ලැබ ඇත. පහත පළ වන්නේ සෑගිරියේ කීරාළයන් මෙම වියුණුවේ දී ම සති කීපයකට පෙර ලබා දුන් පිළිතුරකි.
සරසවාදී ඇනෝ බලකාය විසිනි
Ctd…
Part 2
Deleteඋපුටනය:
//
Dear Dr Kumar Kaluarachchi,
I remember someone else asking, sometime back, a similar question enquiring about Dr Kudalagama. His query was worded, if I may render the original question in Sinhala into English, as ‘What is Bandula Kudalagama’s real name?’. I shall still relive the sensation of Dr Kaluarachchi’s most formidable and witty answer worded concisely as ‘Bandula Kudalagama’! In fact, that happened to be his real name as it appears on his birth certificate, obviously with a few other nomina and familial modifiers.
The man as well as his profile is real, and I can testify its genuineness as one of his close associates at least for three decades. A physician and a teacher by profession, an ex-Trotskyist and an Internationalist by politics, a materialist by ideology, an atheist by religion, and a proud Oxonian by alma mater, Dr Kudalagama always characterised his academic stature, humane attitudes, and genial humbleness in his writings. He epitomised the high standards observed and cherished by his generation. It is not surprising at all that the learned men like Dr Kumar Kaluarachchi, Mr Pradeep [Arjuna] Jayatunge, Mr Mavuravila et al. who are of the same feather flocked together with Dr Kudalagama.
I do not wish to make this note a eulogy to the noble man since I am confident that he will fight against the daunting illnesses of his advanced age and come back to unite with us soon.
I consider myself to be fortunate, along with the other collaborators of The Public Sphere, to be known to Dr Kudalagama as a close friend. The memories of his evening symposia on many a topic will remain with us forever. Dr Kudalagama has always been singing praises of Dr Kaluarachchi for the young man’s great commitment to realise his much valued dreams, the scholarship he has exhibited in his writings whenever it is due, his well mannered and disciplined treatment towards erudite persons, and being his old friend’s stern disciple.
He used to say that Dr Kaluarachchi with magnificent academic qualifications including a doctorate, and vast experience in the practice of dentistry should have been in a university teaching and training undergraduate and postgraduate students. He considered Dr Kaluarachchi’s versatile potential has been wasted by his departure from the university system, and it is a loss for the country than for the man himself. On Dr Kaluarachchi’s fiftieth birthday, I remember Dr Kudalagama telling us that Dr Kaluarachchi should be reinstated to his original designation, at least by then, to allow the young man to serve the country for another decade or more.
Dr Kudalagama’s close relationship with Dr Kaluarachchi has consistently progressed ever since they met at one of the most hostile battlefields in the Sinhala blogging arena at the time. I presume that their mutual understanding, respect, and trust have strengthened outside the blogging arena via email correspondence. Dr Kudalagama loved writing to and reading from Dr Kaluarachchi, and he used to tell it to us in a sort of academic rejuvenation. He believed none in the Sinhala blogging community for personal interactions in his doctrine that what matters is what we write but not who we are. He was very sarcastic about and critical of organised get-togethers amongst bloggers, an endeavour he ridiculed as an initial attempt to form dogmatic cults. ‘Weblogs are meant for the expression of individual thoughts,’ he said ‘and the beauty of the blogosphere is when a diverse array of individual thoughts are niched in its realm. There is absolutely no need for cultic amalgamation.’
Ctd…
Part 3
DeleteHowever, he breached his own principle for two exceptional cases, Dr Kaluarachchi and Mr Jayatunge, and he communicated with both of them incessantly. He loved the entertainment of nostalgia with our good old friend Aruna Perera who happened to be more coeval with our generation. Aruna’s premature exit from blogging was felt seriously by Dr Kudalagama. He always appreciated Maathalan’s frankness and straightforwardness, and deemed Maathalan has delivered the highest service to the propagation of blogging in Sinhala medium through his own contribution as well as his helping hand towards neophytes. In caring sincerity, Dr Kudalagama used to advocate Maathalan that he should always consult a properly qualified doctor in his illness rather than a dispenser or a pharmacist.
I shall conclude this note, which has been written in response to the above comment directed to Dr Kaluarachchi regarding Dr Kudalagama’s identity, with something Dr Kudalagama told me several months back. His last visit to Sri Lanka, as far as I could remember, was about ten to fifteen years ago. He told me several months back that he would ‘fancy’ a visit to the country perhaps for one last time. ‘Keerale, I would fancy a farewell trip to Kandy for the Bradby, one last time. It would also provide’, he said ‘an opportunity to have a rejuvenation by conversing with the Rt. Hon. Sarasa about Peradeniya days, and to go on a trip to some unvisited archeological sites with the master Pra Jay, especially to his much loved Maha Lenama. More importantly, such meeting would also leave reliable evidence with Sarasa and Pra Jay that Bandula Kudalagama existed, so that others will not have to waste their time in palaeozoological research in search of the creature!’
May I add that Dr Kaluarachchi will anyhow receive legal documents about Dr Bandula Kudalagama’s existence since he has entrusted Dr Kaluarachchi as the custodian of the most resourceful personal library of Dr Kudalagama situated in Colombo.
In support of Dr Kaluarachchi, let me put my money on Dr Kaluarachchi’s side for the challenge. Mr Jayatunge is declared ineligible to bet on the challenge in order to prevent another infamous conflict of interest!
Segiriye Keerale
//
End.
අතිගරු කලානිධි බන්‍ධුල කුදලාගම මැතිඳුන් හට නිදුක් නිරෝගී සුව ප්‍රාර්තනා කරමු..... එතුමන් හට ඉක්මනින් ම මාහැඟි වියුණු සහ ආලෝචන ලිවීමේ ශක්තිය ලැබේවා....
Deleteඅන්නේකයි
ReplyDeleteඇති මයෙ සීදේවි...
Deleteසරසා තුමෝ,
ReplyDeleteමේ මිනිහ කොන්ද පණනැති මනුස්සයෙක්, කිසිම ප්‍රතිපත්තියක් නෑ පෞරුෂතත්වයක් නෑ ඕන පැත්තකට වැනෙනවා.
@ ලන්කා Lankika Sithuwili
Deleteමේ මරාවාදීන් මොන බයිලා ගැහුවත් ඔහු මෙරට වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී සරල කුඩාම තැනකින් පැමිණි පොදු මිනිසාගේ ජනපතිවරයායි. සමුපකාර සේවකයෙක් මෙරට ජනාධිපති වු පළමු පුද්ගලයා තමන් බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා කියාසිටියේ 95 වැනි ජාත්‍යන්තර සමුපකාර දිනය වෙනුවෙන් කුරුණැගලදී පැවති උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමිනි.
පොදුජනතාවගේ ව්‍යාපාරයක් වූ සමූපකාර ව්‍යාපාරය ශක්තිමත් කිරීම සඳහා රජයක් ලෙස ගත හැකි සෑම තීන්දු තීරණයක්ම ගන්නා බව ප්‍රකාශ කළ ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා සමූපකාර ව්‍යාපාරය බදුවලින් නිදහස් කිරීම සම්බන්ධයෙන් ඉදිරියේ දී උපරිම ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව ද සඳහන් කළේය.
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ පෙරේදා (ජුලි 01) පස්වරුවේ කුරුණෑගල මාලිගාපිටිය ක්‍රීඩාංගණයේ පැවැති 95 වන ජාත්‍යන්තර සමූපකාර දින සැමරුම් උත්සවය අමතමිනි.
පොදු ජනතාවගේ හිතවතා ලෙස කටයුතු කරන මානවවාදී ව්‍යාපාරයක් වු සමූපකාර ව්‍යාපාරය ශක්තිමත් කිරීම යනු රටේ දුගී භාවය තුරන් කිරීමේ වැඩපිළිවෙළේ ප්‍රධාන සාධකයක් බව ද ජනාධිපතිවරයා මෙහි දී සඳහන් කළේය.
විදේශ වත්කම් ශක්තිමත් කිරීමට මෙන්ම අපනයන ආදායම වැඩි කිරීම සඳහා ද සමූපකාර ව්‍යාපාරයට අයත් බොහෝ ක්ෂේත්‍ර වැඩිදියුණු කළයුතු බව සදහන් කළ ජනාධිපතිතුමා තිබෙන කර්මාන්ත වැඩිදියුණු කිරීම මෙන්ම නව කර්මාන්ත ඇති කිරීමේ වැදගත්කම ද පෙන්වා දුන්නේය.
සමූපකාර ව්‍යාපාරයේ තිබෙන ගැටලූ නිරාකරණය කර ගනිමින් එය හෙට දවසේ ශක්තිමත් ව්‍යාපාරයක් බවට පත් කරමින් නව ජවයක් සහ නව වැඩපිළිවෙළක් ඔස්සේ ඉදිරියට ගෙන යාමට රජයේ සියලූ වගකීම් නොපිරිහෙළා ඉටුකරන අතරම මෙරට සමූපකාර ව්‍යාපාරයේ 2020 දැක්ම සාර්ථක කර ගැනීම සඳහා ක්ෂේත්‍රයේ සියලූදෙනා තම වගකීම් ඉටුකළයුතු බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. ‘සමුපකාර සංවර්ධන 2020 දැක්ම’ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා විසින් මෙහි දී ජනාධිපතිතුමා වෙත පිළිගන්වනු ලැබීය.
සමුපකාර මණ්ඩලය මගින් වයඹ පළාත් සමුපකාර සේවක අරමුදල සඳහා ලබාදුන් රුපියල් මිලියන 100 ක මුදලට අදාළ චෙක්පත මෙහි දී ජනාධිපතිතුමා අතින් නිල වශයෙන් පිළිගන්වනු ලැබීය.
ජාත්‍යන්තර සමූපකාර දින සැමරුමට සමගාමීව සංවිධාන කළ තරගවල ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් වෙත සම්මාන සහ සහතික පිරිනැමීම ද ජනාධිපතිතුමා අතින් සිදු වූ අතර අඩු ආදායම්ලාභී පවුලක් වෙනුවෙන් ඉදිකළ නිවසක යතුර ප්‍රදානය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය. වයඹ පළාත් මාර්ග, ප්‍රවාහන, සමුපකාර සංවර්ධන හා වෙළෙඳ, නිවාස ඉදිකිරීම්, කර්මාන්ත සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය ගුණදාස දෙහිගම මහතා විසින් ජනාධිපතිතුමා වෙත ද සමරු තිළිණයක් පිළිගැන්වීය.
ඔහු රටට විශාල සේවයක් කලත් එය දූෂිත මරා කල්ලිය මෙන් ලොකුවට නොපුම්බා සරල ලෙස කරන නිසා කාටවත් බැලුබැල්මට පේන්නේ නැහැ. නමුත් වඩාත් විමසිලිමත් වුණොත් ඔබට පෙනෙයි සමුපකාර ක්‍රමය හරහා ඔහු කරන අතිවිශාල සේවය ග්‍රාමීය ජනතාවට.
Lankika SithuwiliJuly 2, 2017 at 9:29 PM
Delete//මේ මිනිහ කොන්ද පණනැති මනුස්සයෙක්, කිසිම ප්‍රතිපත්තියක් නෑ පෞරුෂතත්වයක් නෑ ඕන පැත්තකට වැනෙනවා.//
මේ වගේ කොන්ද පන නැති නැති කාලකන්නියෙක්ට චන්ද දුන්නෙත් මහම මෝඩ පොන්න හැත්තක් නේද ලාන්කික තුමෝ ?
Anonymous July 3, 2017 at 1:23 AM
Deleteමෙසේ කීම වැරදියි, මහින්ද රාජපක්ෂ මහතාගේ 2005-2009 පාලන කාලය ඉතාම හොඳින් සහ මහජනතාව කෙරෙහි සංවේදීව සෑහෙන හොඳින් ගෙවී ගියත් ඔහු සහ ඔහුගේ වටේ රොක්වූ කේවට්ට රැල විසින් 2010 - 2015 දක්වා සිදුකල අශීලාචාර ක්‍රියා නිසා ඔහුව බලයෙන් පහ කිරීමට සිදුවිය. නමුත් ඔහු වෙනුවට අපට තෝරා ගැනීමට සිදුවූයේ ඔහුටත් අන්ත ගොන් රැලකි. මහින්ද මහතාද තමන් අතින් වැරදි සිදුවූ බව පිළිගත් බව ඔබද දකින්නට ඇති, දැන් කළ යුත්තේ එකේනෙකා කාකොටා ගැනීම නොව අප සැම එක් රැස්ව වඩාත් හොඳ පාලන කණ්ඩායමක් පත්කර ගැනීමයි. මහින්ද මහතාද සිය වැරදි නිවැරැදි කරගෙන අලුත් මුහුණුවරකින් පැමිණියහොත් ඔහුට එම කණ්ඩායම තුළ අද්විතීය තැනක් හිමිවනු ඇත.
Ano 3.18 AM
Delete++++++++++++++++++++++++++++++++++++++++++++
මඩේ සිට වූ ඉන්නක් වැනිය....
ReplyDeletePl Yahapalana idiots, if you have nothing productive to do (like your Govt) pl don't waste our time by writing idiotic comments in other blogs. Better to write some ideas for Garbage management for Yahapalana govt.
ReplyDeleteWell said.
DeleteI second it !
++++++++++++++++++++++++++++++++++++++++++++++++
හරමානිස්ගේ කතාව නම් මරු! මෙතන තියෙන්නේ පෞරුෂතත්ව ප්‍රශ්නයක්. අපේ ලොක්කා හිතාගෙන ඉන්නේ තවම ගමේ ග්‍රාමසේවක කියලා.
ReplyDelete:D
Delete//අපේ ලොක්කා හිතාගෙන ඉන්නේ තවම ගමේ ග්‍රාමසේවක කියලා.//
Deleteඔය ග්‍රාම සේවකල ඔක්කොම එහෙම නැහැ. විශේශයෙන්ම 1977 වෙනකන් ග්‍රාමසේවක කියන්නේ වැදගත් වෘත්තියක්. 1977 එතෙක් පැවති ග්‍රාම සේවක වසම් කෑලි කඩල , ජොබ් කාඩ් අනුව හූඇන්පී හෙන්චය්යන්න්ට තනතුරු දුන්න. එතනින් පස්සෙ තමා මේ වගේ පීචං ඩයල් ඔතෙන්ට ආවේ. උන් 1988-89 කාලේ ගෝනි බිල්ලො වුනෙත් ඒ වගෙ 1977 පත් වුනු පීචන්ම ඩයල් ටික.
මෙයාටත් ඔය තනතුර 1977 දි දීල තියෙන්නේ 2001 දි කොටි නායකයො බලන්ඩ ඇපල් අරන් ගිය ආරක්ශක ලේකම් නේ. ඒ ඉතින් සුපිරිම පීචන් බුවෙක්නෙ. මෙයා ඒ කාලෙත් ආප්ප තියරිය දාලා හූඇන්පියට හේත්තු වෙල ඉන්ඩ ඇත්තේ.
ඕක ග්‍රාම සේවක කමේ ප්‍රශ්නයක් නෙමේ, ඕකුන් පොඩි කාලෙම ලබපු පිම්පි හැදියාව. ඒ පිම්පි හැදියාව 1977 න් පස්සෙ ග්‍රාම සේවක කමට සුදුසුකමක් උනා.
මේ යන විදිහට හෙට අනිද්දට සිරිසේන උන්නැහේ කියන්න බැරි නෑ "පත්තරවල තියෙනවා මේක ජනතා විරෝධී ආණ්ඩුවක් කියලා, මාත් ජනතාවගේ පැත්තේ, ඉතින් අපි මේ ආණ්ඩුවට විරුද්ධව පාරට බහින්න ඕනේ කියලා.."
ReplyDeleteහිතවත් අසංග මාන්පිටිය,
Deleteඔබේ අදහස්ට එකඟ වුණත් යමක් කීමට කැමතියි. ජනපතිවරයාත් එජාප ප්‍රමුඛ හවුල් රජයත් තමන්ගේ ලෙහෙසියට පහසුවට සියල්ල පටලා වත්මන් රජය මල විකාරයක් බවට පත්කොට ඇත, කැබිනට් ප්‍රකාශකවරු තුන් කට්ටුව කතා තුනක් කියති. නමුත් සැබෑවටම යහපාලනයක් වෙනුවෙනුවෙනුත් ඒකාධිපතින්ට විරුද්ධ ශීලාචාර ප්‍රජාතන්ත්‍රවාදය්ක් පැතු මා ජන. 08 හංසයා ඉදිරියේ කතිරය ගසා දැඩි කලකිරීමට පත්වූ අයෙක්මි. නමුත් ජනප්‍රවාදයේ පරිදි අත පය වකුටු කරගෙන නිදා සිටි ගැමුණු කුමාරයා තම මවට ඒ ගැන හේතු පැහැදිලි කළේ “තමන්ට දෑත දෙපය දිග හැරීමට නොහැක්කේ උතුරෙන් හැඩි දෙමළු සහ දකුණෙන් ගොළු මුහුද නිසා” ය කියමින් බව වංශ කතාකරු කියයි. වර්තමාන ශ්‍රී ලංකාවද පිරී ඉතිරී ඇත්තේ අයිතිවාසිකම් ඉල්ලා කරන අරගලවලිනි. සයිටම් අහෝසි කර නිදහස් අධ්‍යාපනය රැකගනිමු යැයි වහසි බෙණෙමින් සරසවි ශිෂ්‍ය ශිෂ්‍යාවෝ වීදි ආක්‍රමණය කරති. පෞද්ගලික අධ්‍යාපනයට ඉඩ දී අධ්‍යාපනයේ නිදහස සුරකින්නයි තව පිරිසක් අධිකරණයට යති. යුද්ධය අවසන්ව වසර අටක් ගත වීත් තම ගම් බිම්වලට යා නොහැකි වුණු ජනතාව මෙන්ම යුද්ධයෙන් දරුවන් අතුරුදන්වූ මා පියන්ද උතුරේ උද්ඝෝෂණයකය. මළවුන් සැමරීමේ අයිතිවාසිකම දකුණට ලැබෙන මුත් උතුරට අහිමිද යන ප්‍රශ්නයද නැගෙනු පෙනේ. සටන් වදින සෑම කෙනෙකුම පාහේ කියන්නේ “යහපාලනය” ගෙන එන්නට තමන් ඡන්දය දුන් බවයි. ඒකාධිපති ගමන නවතා ප්‍රජාතන්ත්‍රවාදය වෙත යාම ආරම්භ කොට මාස 30ක් ගත වූ නමුත් අයිතිවාසිකම් උදෙසා වන අරගලයන්හි නිමක් ඇතැයි නොපෙනෙයි. තම අයිතිවාසිකම් පිළිබඳ ප්‍රශ්නය මෙතෙක් විසඳී නැතුවද, අයිතිවාසිකම් උදෙසා වන සටන කරගෙන යාම උදෙසා අවකාශයක් විවෘත වී ඇති බව තත්ත්වය පිළිබඳ මැදහත් සිතින් විමසන්නකුට පෙනී යන කරුණකි. වෙනත් වචනයකින් කිවහොත් තවදුරටත් අත පය හකුළුවා ගෙන සිටීම අවශ්‍ය නැත.
මා දන්නා පරිති බටහිර රටක සිටින බව සිතිය හැකි ඔබ දන්නවා ප්‍රජාතන්ත්‍රීය සමාජයක අයිතිවාසිකම් භුක්ති විඳිය හැක්කේ අන් අයගේ අයිතිවාසිකම් සහ නන් වැදෑරුම් නිදහස ආරක්ෂා කෙරෙන ප්‍රමාණයට පමණකි. එහෙයින් අයිතිවාසිකම් ගැන කතා කරන විට “යුතුකම්” පිළිබඳවද කතා කිරීම අවශ්‍ය වෙයි. දරදඬු පාලනයකට එරෙහිව සටන් කරන පුරවැසි සමාජයක් අයිතිවාසිකම් ගැන පමණක් සවිඥානික වීම ස්වභාවික වුවත්, සාපේක්ෂ ප්‍රජාතාන්ත්‍රික වටපිටාවකදී පුරවැසි සමාජය යුතුකම් පිළිබඳ උනන්දු නොවුණහොත් අයිතිවාසිකම්වල දිගු කාලීන පැවැත්මට එය අහිතකර වීමට පුළුවන් වන්නේ ජන සමාජය තුළ අයිතිවාසිකම් නොඉවසන ප්‍රවණතාවයක් ඇති විය හැකි බැවිනි. ඔබ මේ අදහස් සමග එකඟ ද?
අසංග දන්නවනෙ රටක මානව හිමිකම් මුල් බැහැ ගැනීමේදී අදියරය ගණනාවක් පසු කරගෙන යන බව; දේශපාලන වශයෙන් විශාල ආධිපත්‍යයක් ඇති රටවල අයිතිවාසිකම් සම්බන්ධයෙන් විශාල උනන්දුවක් තිබෙනවා. ශ්‍රී ලංකාවේ දශක කිහිපයක් පුරා රාජ්‍ය බලයේ ආධිපත්‍ය බොහොම ප්‍රබල විදිහට තිබුණා. අවුරුදු 40ක පමණ කාලයක් හදිසි නීතිය පැවතුනා. දකුණේ කැරළි දෙකක් සහ උතුරේ අවුරුදු විසි හයක් දිග්ගැස්සුණු උග්‍ර යුද්ධයක් පැවතුනා. රටේ ජනතාව මේ තත්ත්වයන්ට ගොදුරුව මිය ගියා. මෙවැනි තත්ත්වයන් යටතේ අපේ ජීවිතවලට අපේ නිදහසට තර්ජන එල්ල වෙනවා. මේ ආකාරයට රාජ්‍යයේ ආධිපත්‍යය ප්‍රබලව තිබියදී අප අයිතිවාසිකම් පිළිබඳ සාකච්ඡා කිරීම සාමාන්‍ය දෙයක්.
Deleteනමුත් අසංග මේ තත්ත්වයන් ඉක්මවා ගිහින් ප්‍රජාතන්ත්‍රීයකරණය වෙතට යොමුවෙන විට ප්‍රජාතන්ත්‍රීය සමාජයක් ඇති කර ගැනීමට නම් තවදුරටත් අයිතිවාසිකම් පිළිබඳ කතා කිරීම පමණක් ප්‍රමාණවත් නැති බව අපිට තේරෙනවා. තමන්ගේ අයිතිවාසිකම් කැඩෙන විට අපි ඒ පිළිබඳ තැවෙනවා. ඊට ප්‍රතිකර්ම සොයනවා. නමුත් සෙසු සමාජයේ අයිතිවාසිකම් කැඩෙන විට අප ඒ දෙස ‘අපිට මොකද?’ කියන හැඟීමෙන්. එහෙත් පරිණත ප්‍රජාතන්ත්‍රීය පසුබිමක නම් අපේ අදහස් මිට වඩා දියුණු මට්ටමක තිබිය යුතුයි. මෙයින් පෙන්නුම් කරන්නේ අයිතිවාසිකම් කියන සංකල්පය පූර්ණ වශයෙන් අපේ හිත්වල පැලපැදියම් වෙලා නැති බවයි. ඔබ සහ සර ස සැබෑ ලාංකිකයින් ලෙස මීට ඒක්ක්ඟද? නැතිනම් අදහස් දක්වන්න අප විවෘතව සාකච්ඡා කරමු.
ලංකවේ වෙසෙන "ප්‍රජාතන්ත්‍රීය සමාජයක" ජීවත්වන පුරවැසියෙකු ලෙස මට අයිතිවාසිකම් තිබෙන නමුත් මගේ අයිතිවාසිකම් සුරක්ෂිත වෙන්නේ සමාජය හොඳ තත්ත්වයකට පත්වුවහොත් පමණයි. ඒ හොඳ තත්ත්වයේදී අනිත් පිරිස්වලත් අයිතිවාසිකම් ආරක්ෂා විය යුතුයි. ඔවුන් ඉන්නේ බියෙන් හෝ අනාරක්ෂිත බවකින් නම් වෙනත් වැරදි ක්‍රියාමාර්ගයන් වෙතට එම පිරිස් යොමු වීමේ ඉඩකඩත් වැඩි වෙනවා. රටක ආර්ථීක තත්ත්වය කඩා වැටෙන විට ප්‍රචණ්ඩත්වය, හොරකම වැඩිවෙනවා. ඒනිසා අපි කවුරුත් අපිට ජීවත් විය හැකි ආකාරයේ හොඳ සමාජ තත්ත්වයක් ඇති කරගත යුතුයි. ඔබ මේ සමග එකඟද?
මගේ මතය අනුව හියුමන් රයිට්ස් හෙවත් "මානව අයිතිවාසිකම්" යන පුළුල් සංකල්පය මානව වර්ගයා විසින් ක්‍රමයෙන් දියුණු සමාජයක් ගොඩනැගීමේදී ඇති කර ගත් වැදගත් සංකල්පයක්. එය නුතන තත්ත්වයට එළැඹීමට විවිධ පරිච්ඡේද පසු කළා. ඒ අනුව අයිතිවාසිකම් සමඟ යන යුතුකම් මාලාවක්ද පවතිනවා. වඩාත් හොඳ පරිණත ප්‍රජාතන්ත්‍රවාදයක නම් මේ හැම පැතිකඩක් පිළිබඳවම අවධානය යොමු කර වඩාත් ප්‍රසන්න සමාජ වටපිටාවක් ඇති කර ගත යුතුයි. මෙයයි අපිට ඇති අභියෝගය අසංග/ සරස. ඔබලාත් අපිත් සියල්ලම පතන 2020 සිහින රාජ්‍ය තුළ මේ ත්ත්වය කෙබඳු විය යුතුද?
සරස/ අස්ංග මට පෙනෙන හැටියට නම් ශ්‍රී ලංකාවේ මානව අයිතිවාසිකම් පිළිබඳ කතා කළොත් අපි තවමත් ඉන්නේ ආත්මාර්ථකාමී අවදියකයි. අපි හිතනවා ජීවත්වන පරිසරය පිරිසිදුව පැවතිය යුතුයි කියල. ඒ වෙනුවෙන් අපි කරන්නේ අපේ කුණු වෙන කෙනෙක් ළඟට දාන එකයි. රාත්‍රියේ සුඛෝපභෝගි වාහානවලින් එන පිරිස් දරිද්‍රතාවයෙන් පෙළෙන මිනිසුන් ඉන්න ප්‍රදේශවලට තමන්ගේ කුණු කසල බැහැර කරන අයුරු අපි රූප රාමුවලින් දුටුවා. මෙයින් සිදුවෙන්නේ විශාල ගැටීමක්. මම වගේම අනිත් කෙනාත් හොඳින් සිටිය යුතු බව අපි තනි තනිව සිතිය යුතුයි. විශේෂයෙන්ම කසල කළමනාකරණයේදී ජනතාව දැනුවත් කරන්නට රජයට විශාල වගකීමක් තිබෙනවා. මේ සඳහා ජනතාව අතර විනයක් ඇති කළ යුතුයි. මෙහිදී පුරවැසියන්ටත් රජයටත් වගකීමත් තිබෙනවා. විශේෂයෙන්ම පුරවැසියන්ගේ සිතීමේ ක්‍රියාව සඳහා විනයක් ඇති කිරීමේ වගකීම සහ ඊට අවශ්‍ය තොරතුරු සම්පාදනය කිරීමේ වගකීම රජයට තිබෙනවා. නමුත් වත්මන් විසුළු කිසිදු නායකත්වයක් (Leadership) හෝ කළමණාකාරීත්වයක් (Administration/ Management) නැති රජයට ඒ වෙනුවෙන් වැඩපිළිවෙලක් තිබේද? නැත්නම් අප පතන අනාගත රජයේ වැඩපිළිවෙළ කෙබඳු විය යුතුද?
සරස සහ අසංග කියවලත් ඇති “අපටත් වැසිකිලියක්” නමින් කේ. ජයතිලක මහත්මයාගේ කෙටි කතාවක් තිබෙනවා. ඒ කතාවේ හැටියට මෙයින් අවුරුදු සියයකට වගේ එපිට ලංකාවේ බොහෝ නිවෙස්වලට වැසිකිලි තිබුණේ නැහැ. නමුත් රජයේ හදිසි තීරණයක් අනුව වැසිකිලියක් හැදුවේ නැතිනම් මහජන සෞඛ්‍ය පරීක්ෂකරවරයා නඩුදානවා යැයි ප්‍රචාරයත් සමග මිනිසුන් තුළ ඇතිවූ දැඩි බිය නිසාම අකමැත්තෙන් වුණත් නිවෙස්වල වැසිකිලි හැදුනා.
Deleteඉතින් සරස, අසංග සහ පාඨක මිත්‍රවවෘනි පරිසරය සහ අයිතිවාසිකම් සම්බන්ධ ප්‍රශ්නයේදී එය මුල සිටම සමාජයට ඉගැන්වුවහොත් වෙනසක් ඇති කර ගැනීමට පුළුවන් නේද? මම හිතන විදිහට අනිවාර්යයෙන්ම අපේ සිත් සතන්වලට මේ අදහස් එන්න අවශ්‍යයි. කවුරු හරි මගේ ඉස්සරහට ඇවිත් හිසට ගැහුවොත් මම නොසිතාම හිස ඉවතට ගන්නවා. ඒ වගේ මෙවැනි අවස්ථාවලදී එයට ප්‍රතිචාර ක්ෂණිකව ඇතිවන ආකාරයට (අනිච්ඡානුක ක්‍රියාවක් වශයෙන්) අපේ සිත්සතන් වෙනස්ව තිබිය යුතුයි. එය විශාල ක්‍රියාවලියක් ඔස්සේ සිදුවන්නක්. අපිට අවශ්‍ය වෙන්නේ රටක ප්‍රජාතන්ත්‍රවාදය මානව හිමිකම් ආරක්ෂා කරන්න නම් ඒ සඳහා හොඳ පුරවැසියෝ හදන්න අවශ්‍යයි.
නමුත් සරස / අසංග මට පෙනෙන ලෙසට අද ලංකාවේ අධ්‍යාපන ක්‍රමය යන්නේ විභාග කේන්ද්‍රීයවයි. කෙසේවුවත් ශිෂ්‍යත්වයෙන් පටන්ගත්තම අද දරුවන්ට තිබෙන්නේ පන්ති යන්නයි. මේ පන්තිවලින් හොඳ පුරවැසියන් බිහිවෙනවද සරස? මේ වගේ හැලහැප්පීම් වලට බඳුන්වූ සමාජයක, දේශපාලන වශයෙන් දිර්ඝ කාලයක් අස්ථාවරව පැවති රටක මේ ක්‍රියාවලිය පහසු දෙයක් නෙවෙයි. එය පළමු ශ්‍රේණියටත් පෙර ඇරඹිය යුතු ක්‍රියාවලියක්. ළදරු පාසල්වල සිට විවිධ ක්‍රියාකාරකම් තුළින් මේ අදහස් දරුවා තුළ ඇති කළ හැකියි. එසේ නොමැතිව මිනිසුන් කෘත්‍රිම ආකාරයෙන් හිතන්නේ “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ නීතිවල මගේ අයිතිවාසිකම් තිබෙනවා; මගේ අයිතිවාසිකම කැඩුණොත් මම මානව හිමිකම් කොමිසමට හෝ ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා” වැනි පටු පරාසයක නම් හොඳ සමාජයක් හදා ගැනීම දුෂ්කරයි. මේ අදහස වැරදිද? ඔබේ මතය කුමක්ද?
ඇත්තෙන්ම සරස/ අසංග සියවස් එක හමාරක් (වෙරළබඩ ප්‍රදේශ නම් ඊටත් වැඩියී) යටත් විජිතයක් වශයෙන් ඉඳලා එයින් නිදහස ලැබීම විශාල වෙනසක්, නිදහස ලබද්දී අපිටම පරිපාලනය කරගැනීමට හිමි වුණ ආයතන ව්‍යුහය අපට පෙන්නේ පිටින් දුන්නා වගේ. වෙනත් බොහෝ රටවල් අරගල කර ලබාගත් දේ අපට හරියට නිකන් දුන්නා වගේ. මේ පරිවර්තන අවදියේදී නිදහස පතා කළ සටන රටවල්වල දේශපාලන ව්‍යුහය තීරණය කිරීමට අතිශයින්ම වැදගත්.
Deleteඔබලා පිළිගන්නවා ඇති ඉන්දියාවේ නිදහස් අරගලය බටහිර අධිරාජ්‍යවාදීන් පළවා හරින්න කළ සටනක් පමණක්ම නෙවෙයි. සමාජය විශාල පරිණාමයකට ලක් කරන්න ඒ නායකයන් කටයුතු කළා. ඉන්දීය කිවියර රවින්ද්‍රනාත් තාගෝර් කිව්වේ සුද්දා පළවා හරින්න කියන දේ පමණක් නෙවෙයි. එතුමා කිව්වේ අපි හොඳ සමාජ ක්‍රමයක් හදන්න ඕන කියන එකයි. ඔහුගේ නිර්මාණවල දෙවියන් වහන්සේ නිරන්තරයෙන් හිටියා. ඒ තුළ තිබුණේ ස්වභාව ධර්මයේ නීතිය. ඔහු ඒ හරහා උත්සාහ කළේ එවන් සමාජයක් සකස් කර ගත යුතුය යන අදහස් ගෙන ඒමටයි. නිදහස සම්බන්ධයෙන් ඔහු තුළ තිබුණා වූ දැක්ම සහ අදහස් ප්‍රකට කළ "ගීතාංජලී" කාව්‍ය එකතුව ගත් විට එවැනි අදහස් ලෝකයේ වෙන කොහෙන් වත් හමු නොවන තරම්. නිදහස යනු පරිපූර්ණ මනුෂ්‍යයෙක් බිහිකිරීමට හේතුවන නිදහසක් විය යුතුයි. විය යුත්තේ එසේ නොමැතිව රටේ එක ජන කොටසක් පළවා හැරලා තව ආධිපත්‍ය තිබෙන කොටසක් ගෙන්වන එක නෙවෙයි. ඇත්ත වශයෙන්ම විප්ලවය කියන්නේ එයටයි. ලේ හැලීමෙන් පමණක් නෙවෙයි විප්ලව ඇති වෙන්නේ. චින්තනමය වශයෙන් අදහස් තුළින් ඇති කළ විප්ලවයක් වශයෙනුයි මම එය දකින්නේ.
කෙසේ නමුත් සරස/ අසංග ලංකාවේ එවැනි ප්‍රබුද්ධ මට්ටමින් ඇති වුණ නිදහසක් නෙවෙයි තිබුණේ. ඒ ප්‍රබුද්ධ ස්වභාවය අපේ දේශපාලනය තුළ පවා නැහැ. ශ්‍රී ලංකාවේ චින්තනමය වශයෙන් එවැනි පෙරළියක් ඇතිවී තිබෙනවාද කියල ඉතිහාසය පිරික්සා බැලුවත් මම දන්න තරමට හමුවෙන්නේ නැහැ.
එකල ලංකාවේ නිදහස පතා සටන් කළ නායකයන්ව හැඳින්වුයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවාදීන් වශයෙන්. ඔවුන් කල්පනා කළේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඇති කරගෙන අධිරාජ්‍යවාදීන් ගෙන ගිය වැඩපිළිවෙළ ඒ අයුරින්ම තමන් විසින් කරගෙන යෑමයි. (සිංහල ජාතික ව්‍යාපාරය විසින් මොවුන්ට කිව්ව්වේ කලු සුද්දන් කියායී)
කිතු වසින් 1931 ඩොනමෝර් ප්‍රතිසංස්කරණය යටතේ සර්වජන ඡන්ද බලය ලබා දෙන විට ඒ. ඊ. ගුණසිංහ මහත්මයා සහ ඉතා සුළු පිරිසක් හැරෙන්නට වෙන කිසිදු දේශීය නායකයෙක් එයට කැමති වුණේ නැහැ. එහිදී කාන්තාවන්ට ඡන්ද බලය ලබා දීමට විරුද්ධ වීම වැනි දේ සිදුවුණා. අපට ඡන්ද බලය හිමිවෙන්නේ අධිරාජ්‍යවාදීන්ගේ කැමැත්ත මතයි. අපේ නායකයන් එයට බොහෝ පිටුපසින් හිටියේ. ඒ ඇතිවූ දුර්වලතාවය අදටත් තිබෙනවා. අපිට නිවැරදි අඩිතාලමක් දාගන්න නොහැකි වී තිබෙනවා. ප්‍රගතීශීලි හෙවත් මානව නිදහස, මානව ගරුත්වය සහිත රාජ්‍ය ක්‍රමයක් ගොඩනඟා ගන්න අපට නොහැකි වී තිබෙනවා. මේ ගැන ඔබගේ වටිනා අදහස් හා යෝජනා ඉදිරිපත් කළ හැකි නම් ඉතාම අගෙයි.
හිතවත් ඇනෝතුමනි. ඔබ සංවාදයට ගන්නේ ඉතා වැදගත් කරුණක්. මුලික වශයෙන් ඔබ කියන දෑට මා එකඟයි. මා විස්තරාත්මක පිළිතුරක් ඉක්මනින්ම මීට එක්කරන්නම්.
Deleteහිතවත් අසංග,
Deleteබොහොම ස්තූතියි ! ඔබගේ අදහස් ඉඩ ලැබෙන පරිදි ලියා දක්වන්න, හදිසියක් නැත. අපි හරවත් සංවාද සඳහා වේදිකාවක් තනාගමු.
/* දරදඬු පාලනයකට එරෙහිව සටන් කරන පුරවැසි සමාජයක් අයිතිවාසිකම් ගැන පමණක් සවිඥානික වීම ස්වභාවික වුවත්, සාපේක්ෂ ප්‍රජාතාන්ත්‍රික වටපිටාවකදී පුරවැසි සමාජය යුතුකම් පිළිබඳ උනන්දු නොවුණහොත් අයිතිවාසිකම්වල දිගු කාලීන පැවැත්මට එය අහිතකර වීමට පුළුවන් වන්නේ ජන සමාජය තුළ අයිතිවාසිකම් නොඉවසන ප්‍රවණතාවයක් ඇති විය හැකි බැවිනි. ඔබ මේ අදහස් සමග එකඟ ද? */
Deleteපලමුව මේ ආණ්ඩුව සාපේක්ෂව ප්‍රජාතන්ත්‍රවාදීයයි මම පිළිගන්නේ නෑ. යහපාලන ආණ්ඩුවට වසය තවම අවුරුදු දෙකහමාරයි. මෙය රාජපක්ෂ රජයේ මුල් අවුරුදු දෙකහමාර සමග සංසන්දනය කොට බලන්න. ඉතාම අවදානම්, අර්බුදකාරී වටපිටාවක උනත් රාජපක්ෂ රජයේ මුල් කාලසීමාව මීට වඩා ප්‍රජාතන්ත්‍රවාදීයි.
ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික අංග වන ජනතා කැමැත්ත මේ රජය ඉතා වංචනික ලෙස උල්ලංඝනය කොට තිබෙනවා. පාර්ලිමේන්තුවේ විපක්ෂ නියෝජනය වලක්වා තිබෙනවා. ලංකාවේ විපක්ෂ නායකයෙක් ඉන්නවද ? ඔහු රජයට විපක්ෂ ජනතා මතය නියෝජනය කරනවද ? මැතිවරණ දිගින් දිගටම කල් දානවා. ඉතින් කොහොමද කියන්නේ මේ රජය සාපෙක්ෂව ප්‍රජාතන්ත්‍රවාදීයි කියලා ? මේ රජය තාම කරලා නැත්තේ, මාධ්‍ය මර්ධනය කරන එකයි, පෙලපාලි වලට වෙඩිතියන එකයි විතරයි. ඒක කාලය පිළිබඳ ප්‍රශ්ණයක් විතරයි.
රාජපක්ෂ ආණ්ඩුව ඒකාධිපති, දූෂිත, වනචර, සල්ලාල, මර්ධනකාරී ලෙස හැඳින්වීම තරුණයින් අතරත්, දේශපාලන නවකයින් අතරත් ජනප්‍රිය දෙයක්. එහෙත් එය ප්‍රජාතන්ත්‍රීය වටිනාකම් අතින් ඊට පෙර පැවති, චන්ද්‍රිකා, ප්‍රේමදාස, ජේආර්, ආණ්ඩුවලට වැඩිය හොඳවත් නරකවත් නෑ.
ඉතින් අයිතිවාසිකම් පිළිබඳ උද්ඝෝෂණ වැඩි වෙලා තියෙන්නේ, යහපාලන ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදී නිසා නෙවෙයි. ඔවුන්ට කිසිම ප්‍රශ්ණයකට පිළිතුරු නැති නිසා. ඔවුන් දීපු පොරොන්දු ඉටු කරන්න බැරි නිසා. ඔවුන්ව බලයට ගේන්න විශාල වැඩකොටසක් කරපු තරුණ, නවක ඡන්ද දායකයින්ව බරපතල රැවටීමකට ලක් කරලා තිබෙන නිසා.
පුරවැසි අයිතිවාසිකම් හා වගකීම ගැන ඔබේ අදහසට මා එකඟයි. බොහෝ වෙලාවට "අයිතිවාසිකම මගේ. වගකීම උඹේ" කියලා හිතාගෙන තමයි වැඩි දෙනෙක් වැඩ කරන්නේ.
සමාජයක් හැටියට හිතන එක අපිට ටිකක් නුපුරුදු වැඩක්. මම, මාගේ පවුල, මගේ යාලුවෝ, මගේ නෑදෑයෝ, මගේ ගම, මගේ පළාත වගේ යනාදී වශයෙන් තමයි අපි හිතන්න පුරුදු වෙලා තියෙන්නේ. ඒ අතින් යුරෝපා රටවල් ඉදිරියෙන් ඉන්නවා කියලා මා පිළිගන්නවා. පුද්ගලිකව තමන්ට, තම පවුලට, ගමට, පලාතට අවාසි උනත්, සමාජයක් හැටියට යුතුකම්, වගකීම් ඉෂ්ඨ කරන්න ඔවුන් මැලි වෙන්නේ නෑ.
මර්ධනකාරී වටපිටාවක් තිබ්බත් නැතත්, පුරවැසියන් හැටියට අපි අපේ වගකීම් ගැන සංවේදී වෙන්න ඕනේ කියන එකයි මගේ අදහස. එසේ නොමැතිව දිනා ගන්නා අයිතිවාසිකමක් කල් පවතින්නේ නෑ.
උදාහරණයක් ලෙස සයිටම් අර්බුදයේදී (පුද්ගලිකව මම ඉන්නේ සයිටම් විරෝධී ස්ථාවරයක ) සිසුනුත්, වෛද්‍යවරුනුත් සිය අයිතිවාසිකම් ගැන සංවේදී වන ප්‍රමාණයට සිය යුතුකම් ගැන සංවේදී නෑ කියන එකයි මගේ අදහස. ඔවුන් බොහෝ විට සටන දිනයි. නමුත් ඒ ටික කාලයකයි. තව වසර කිහිපයකින් මේ ප්‍රශ්ණයම වෙනත් නමකින් කරලියට එයි.
මානව අයිතිවාසිකම් පිළිබඳ මගේ අදහස ප්‍රචලිත බටහිර මානව හිමිකම් පිළිබඳ සංකල්පයට වඩා තරමක් වෙනස්. යුරෝපය ඔවුන් මාධ්‍ය මගින් පෙන්වන තරමටම මානව හිමිකම් අතින් පරිපූර්ණ නෑ. යුරෝපයේ මානව හිමිකම් අවුරුදු සියගානක් තිස්සේ ඔවුන්ගේ සංස්කෘතියත් සමග බද්ධව ක්‍රමිකව ගොඩ නැගුනක්. ස්වීඩනයේ කාන්තා සම අයිතිවාසිකම් පිලිබඳ සංකල්ප 1300 ගණන් තෙක් ඈතට දිව යනවා. ඒ වගේම එය වයිකිං සංස්කෘතියෙන්ම පැවත එන්නක්. නමුත් අදටත් මෙහි කාන්තාවන්ට 100% සම අයිතිවාසිකම් නෑ. සම වැටුප් නෑ. එය තවමත් නොනොමි සටනක්.
Deleteඉතින් යුරෝපා මානව හිමිකම් සංකල්ප ගෙඩිපිටින් ගෙනල්ලා, ඉතා කෙටිකලකින් ලංකාව වගේ රටක පැලපදියම් කරන්න පුළුවන් කියලා මම විශ්වාස කරන්නේ නෑ. අපිට එහෙම කරන්න කියලා කවුරු හරි බලපෑම් කරන්නේ සැබෑවටම අපිට ආදරේට නෙවෙයි.
අපි අපේ සංස්කෘතිය තුල අපිට ගැලපෙන හිමිකම් සංකල්ප හොයා ගන්න ඕනේ. ඒකේ අදහස, සෑම සංස්කෘතික අංගයක්ම රැකිය යුතුයි කියන එක නෙවෙයි. උදාහරණයක් ලෙස, යුරෝපයේ පවුලකට වඩා, ආසියාවේ පවුලක බැඳීම වැඩියි. ගුරු ගෝල සම්බන්ධතා වෙනස්. මානව හිමිකම නීති රෙගුලාසිවලින් විතරක් ක්ෂණිකව ඇති කරන්න පුළුවන් කියා මා හිතන්නේ නෑ. එය කල් ගත වෙන, සෙමෙන් කලයුතු වැඩක්. එය පුරුදු පුහුණු කළ යුතු ශික්ෂණයක්.
ජපානය වගේ රටක ක්‍රියාත්මක වෙන මානව හිමිකම් සංකල්ප ඔවුන්ටම ආවේණික ඒවා.
අනෙක් අතට යුරෝපයේ පහුගිය දශක දෙක තුනක කාලයේ ප්‍රචලිත වෙච්ච ඇතැම් හිමිකම් සංකල්ප, පූර්ණ, සාමකාමී පරිසරයක පමණක් ක්‍රියාත්මක කිරීමට සුදුසු එවා. ඒක නිසා තමයි, අද බ්‍රිතාන්‍ය අගමැතිනියට ඔවුන්ගේ මානව හිමිකම් ගැන නැවත සිතා බලන්න සිද්ධවෙලා තියෙන්නේ. ඉතින් වසර 30ක දරුණු යුද්ධයකින් පසුව නැගිටිමින් සිටින අපට, එවැනි මානව හිමිකම් වලින් වෙන්නේ වැඩකට වඩා අවැඩක්. කිහිප දෙනෙක්ගේ හිමිකම් වෙනුවෙන්, වැඩි දෙනෙකුගේ හිමිකම් කැප කිරීමේ අවසාන ප්‍රතිඵලය නැවතත් යුද්ධයකට අත වැනීමක්.
සාධාරණව බලනවානම් මා සිතන්නේ ලංකාවේ මානව හිමිකම් සාධනීය මට්ටමක ඇති බවයි. එයට තව බොහෝ දුර යන්න ඇති බව සැබැයි. නමුත් වසර 30ක යුද්ධයකින් පසුව අප සිටින තැන අනෙක් එවැනි බොහෝ රට වලට වඩා හොඳ නැද්ද? අපේ අසල්වැසියන්ට සාපෙක්ෂව හොඳ නැද්ද ?
හරවත් සන්වාදයක යෙදෙනා ගරු අසන්ග තුමාත් ගරු ඇනෝ තුමාත් දිනේවා!
DeleteLankika Situwili,
ReplyDeleteඔබ වත්මන් ජනතාවාදී යහපාලන රජයේ දැවැන්ත ආර්ථික සංවර්ධනය ලඝු කොට කතා කිරීම කණගාටුදායකයි. දැන් බලන්න ඉන්දියානු සමාගමක් වන හීරෝ සමාගම (අපේ රටේ වැඩිදෙනා දන්නේ හීරෝ හොණ්ඩා යැයි කියු විට), අප රටට බොහෝ සෙයින් පැමිණෙන්නේ හිරෝ හොණ්ඩා යතුරු පැදිය. නමුත් මෙහි මුල් සමාගම යතුරු පැදි නිපදවන සමාගමක් නොව, පාපැදි සමාගමකි.
මේ අය ලංකාවට පැමිණ වී.එච්.එස්. නමින් බියගම ප්‍රදේශයේ පවතින පාපැදි සමාගමකට ආයෝජනය කළේය. ඒ සඳහා ඔවුන් පැමිණියේ 2016 මුල් කාලයේය. ඔවුන් මෙහි 30% පමණ කොටස් ප්‍රමාණයක් මිලදී ගෙන මිලියන ගණනක් ආයෝජනය කළේය. එහිදී ඔවුන් පවසා සිටියේ අපට ජි.එස්.පී ප්ලස් තිබුණට ඔවුනට නැති නිසා ලංකාවේ නිෂ්පාදනයක් විදියට එළියට ගියොත් ජී.එස්.පී සහනය ඔවුන්ටද ලැබෙන බවත්, ඒ නිසා පාපැදි නිපද වීමට ලංකාවේ ආයෝජනය කිරීමට කටයුතු කරන බවත්ය.
වත්මන් ජනතාවාදී යහපාලන රජය යටතේ ජී.එස්.පී ප්ලස් බදු සහනය ලබාදෙන්නේ කිසියම් කොන්දේසි ප්‍රමාණයකට යටත්ව යන මිථ්‍යාව අවස්ථාවාදී දේශපාලන කණ්ඩායම් ( දූෂිත මරා කල්ලිය) විසින් ප්‍රචාරය කෙරෙමින් තිබේ. මෙහි සරළ අදහස වන්නේ යුරෝපා සංගමයේ කොන්දේසිවලට යටත්ව ක්‍රියා කළොත් පමණක් මෙම බදු සහනය ලැබේය යන්නය.
සත්‍ය වන්නේ ජී.එස්.පී ප්ලස් බදු සහනය ලබාදීමේදී මේ කිසිදු කොන්දේසියක් බලපා නැති බවය. යුරෝපා සංගමය ජනවාරි මාසයේ ප්‍රකාශ කර සිටියේ මෙම සහනය ලබාදීම සඳහා ලංකාව සුදුසු කම් ලබා ඇති බවය. එ අනුව පසු ගිය මැයි මාසයේ දී යුරෝපා පාර්ලිමේන්තුවේ සම්මත වී, යුරෝපා කවුන්සිලය මගින් ද අනුමත වී මෙම බදු සහනය ක්‍රියාත්මක වීම ඇරඹිණි.
ඇතැමුන් කියන ආකාරයට කොන්දේසිවලට යටත්ව මේ අවස්ථාව හිමි වූයේ නම් කොන්දේසි කිසිවක් ඉටු නොකර තිබියදී මෙලෙස ඒ සදහා ඉඩ හසර විවර වූයේ කෙසේද? යන්න අප ඔවුන්ගෙන් ප්‍රශ්න කළ යුතුය. ජී.එස්.පී ප්ලස් බදු සහනය ලබාදෙන අවස්ථාවේ දී යුරෝපා කොමිසම විසින් නිවේදනයක් නිකුත් කළ අතර එමගින් කොන්දේසි පනවා එය ලබාදීමට ඔවුන්ට ඕනෑ තරම් අවස්ථාව තිබුණි. නමුත් එවැන්නක් සිදු වූයේ නැත.
බදු සහනය
යුරෝපා සංගමය විසින් මෙම බදු සහනය ලබාදෙන අවස්ථාවේදී නිකුත් කළ නිවේදනයේ ලංකාවට ජී.එස්.පී ප්ලස් බදු සහනය ලබාන දෙන බව සඳහන් කරමින් පවසන්නේ, ඒ වෙනුවෙන් යුරෝපා සංගමය කිසිදු ලාභයක් බලාපොරොත්තු නොවන බවය. මෙම තීරුබදු සහනය ලබාදෙන්නේ මානව හිමිකම්, කම්කරුවන්ගේ තත්ත්වය, පරිසරය ආරක්ෂා කිරීම හා යහපාලනය සඳහා අදාළ වන ජාත්‍යන්තර සම්මුතීන් විසි හතක් තම රට තුළ වලංගුකොට ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා ලංකාව දක්වා ඇති කැපවීම අගය කිරීමක් වශයෙනි. මින් හැඟී යන්නේ මෙම බදු සහනය ලබාදීම මත පදනම්ව යමක් සිදු කළ බව නොව, ලංකා ආණ්ඩුව දැනටමත් ක්‍රියාවට නංවා ඇති යහපාලන ක්‍රියාදාමය අගය කිරීමක් වශයෙන් මෙම බදු සහනය හිමි වූ බවය.
එනම් මානව හිමිකම් සුරක්ෂිත කිරීම, කම්කරු අයිතීන් සුරක්ෂිත කිරීම, තොරතුරු දැනගැනීමේ අයිතිය තාහවුරු කිරීම වැනි කාරණා සම්බන්ධයෙන් මෙතෙක් ගනු ලැබූ ක්‍රියාමාර්ගවල ප්‍රගතිය සැලකිල්ලට ගෙන අගය කිරීමක් වශයෙනි. කෙනෙක් මෙය කිසියම් කොන්දේසියක් මත ලබා දුන්නේ යැයි ප්‍රකාශ කරන්නේ නම් මෙම ප්‍රකාශනයේ ඒ පිළිබඳව සඳහනක් තිබිය යුතුය. එනමුත් එවැන්නක් අපට දක්නට ද නොමැතිය.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොන්දේසි ක්‍රියාත්මක කරන බවට ලංකාව එහි සාමාජිකත්වය දරමින් අත්සන් තබා ඇත. එනිසා ඒවා ක්‍රියාත්මක නො කිරීම හේතුවෙන් මේ තත්ත්වය ඇති වූ බව පැවසීම වඩා යෝග්‍ය වේ. යමක් කිරීමට පොරොන්දු වී ඇතිවිට එය සිදු කළේ දැයි ඔවුන් සොයා බැලීම සාධාරණය. ඒ අනුව ලංකාවට ජී.එස්.පී ප්ලස් බදු සහනය ලැබී, එය අහිමි වී ගියේ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියට ලංකාව අත්සන් තබා, ඒවා ක්‍රියාත්මක කිරීමේදී දැක්වූ ප්‍රගතිය හා අඩුලුහුඩුකම් වාර්තා කිරීමේදී අනුගමනය කළ ක්‍රියා පටිපාටිය සලකා බැලීමෙන් අනතුරුවය. මීට අමතරව වදහිංසාවට එරෙහි ජාත්‍යන්තර සම්මුතියට අත්සන් තබා තිබුණද ඒ තත්ත්වය වෙනස් වී නොමැති බව තහවුරු වීමෙන් අනතුරුවය. අනෙක් කාරණය වන්නේ ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියයි. එහිදී ළමයින් සම්බන්ධයෙන් ගත්විට ළමා සොල්දාදුවන්, ළමා ශ්‍රමිකයින්, ළමයින් බලහත් කාරයෙන් විවාහකරදීම…ආදී ගැටලු ලංකාව තුළ තවමත් නොවිසඳුනු කාරණයක් බවට ඒත්තු යාම නිසාය.
Next>
<Previous
Deleteඑය දූෂිත මරා කල්ලිය විසින් රට විනාශ කොට නැතිකොට දැමූ වනචර සල්ලාල 2005-2015 වනචර දශකයේ 2014 වසරේදී සිවිල් දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය රටවල්වල ක්‍රියාත්මක වන ආකාරය සොයා බැලීම නීත්‍යානුකූලව පැවරී ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානය යටතේ පවතින එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කමිටුවටය. මෙම කමිටුව ජිනීවා හීදී රැස් වී ලංකාව සම්බන්ධයෙන් කාලාන්තර වාර්තාව සලකා බැලූ අවස්ථාවේදී සඳහන් කළ කරුණු සලකා බැලීමෙන් අපට මේ තත්ත්වය සම්බන්ධයෙන් නිවැරදි පිළිතුරක් ලැබේ.
ඒ අනුව ලංකා රජය කියූ කරුණු සහ සිවිල් සංවිධාන විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බලා ඒ සම්බන්ධයෙන් සම්පිණ්ඩන විමර්ශන වාර්තාවක් 2014.10.27 වෙනිදා ප්‍රකාශයට පත් කළේය. එහි පැහැදිලිවම දක්වා ඇත්තේ මේ සම්මුතිය යටතේ කට යුතු කළ යුතු වූ නමුත් එය ඉටු කිරීමට අපොහොසත් වීම සලකා බලා මෙම බදු සහනය අහෝසි කළ බවය. මේ කරණු කවරේද යන්න අපි මදක් විමසා බලමු.
ඒ පිළිබඳව ඔවුන් දක්වා ඇත්තේ මෙසේය. ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවට ගෙනා 18වන සංශෝධනය මගින් ව්‍යවස්ථාදායක සභාවේ ස්වාධීනත්වය අහෝසි කොට, අධිකරණ පද්ධතිය පිහිටුවීමේ පරම බලය ජනාධිපතිවරයා අත රඳවනු ලදී. එමගින් අධිකරණයේ ස්වාධීනතාවයට බරපතල බලපෑමක් එල්ල වී තිබේ. එසේම හිටපු අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක මහත්මිය දෝශාභියෝගයක් ගෙන එමින් ධූරයෙන් පහකරන ලද්දේ නිසි පටිපාටියකින් තොරව පවත්නා නීතිය අමු අමුව උල්ලංඝණය කරමිනි. එනිසා 18වන සංශෝධනය අහෝසි කරන ලෙසත් අධිකරණය හා වෙනත් ස්වාධීන ආයතනවලට පුද්ගයන් පත් කිරීමේ දී පාරදුෂ්‍ය භාවයෙන් හා අපක්ෂපාතී භාවය සහතික කිරීමට අදාළ ව්‍යස්ථානුකූල ක්‍රියා මාර්ග ගන්නා ලෙසත් ව්‍යස්ථාදායකයේ හෝ විධායකයේ සාමාජිකයන් විසින් අධිකරණයේ විනිසුරුවන්ට අයුතු ලෙස බලපෑම් කිරීම වැලැක් වීමඳහා නිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් මානව හිමිකම් කමිටුව ශ්‍රී ලංකා රජයට නිර්දේශ කර ඇත. අප ස්වාධීනව කල්පනා කර බලන්නේ නම් ඉහත දැක්වූ කිසිවකින් රටට හෝ ජනතාවට හානියක් සිදු නො වන බව ප්‍රත්‍යක්ෂය. මෙවැනි දේ නිවැරදිව ක්‍රියාත්මක කිරීම මගින් සැබෑ ලෙසම ඉටුවන්නේ ජනතා අපේක්ෂාවන්ය.
< Previous
Deleteවත්මන් ජනතාවාදී යහපාලන රජය යටතේ අාර්ථික ප්‍රතිපත්තිය
වර්තමාන ජනතාවාදී යහපාලන අණ්ඩුව ක්‍රියාත්මක කරන ආර්ථික ප්‍රතිපත්තිය පිළිබඳව විමසා බැලීමේදී යූරෝපා සංගමයෙන් ජී.එස්.පී ප්ලස් බදු සහනය නැවත ලබා ගැනීම මුල්පෙලේ සාධකයක් ලෙස පෙන්වාදිය හැකිය. මෙම බදු සහනය 2005 වසරේ පමණ සිට මෙරට ක්‍රියාත්මකව පැවති අතර පසුගිය ආණ්ඩුව කාලයේ ගෙන ගිය ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනය හේතුවෙන් එය අපට අහිමි විය. මෙම බදු සාහනය ඉවත් කිරීමට පියවර ගැනීමට ප්‍රථම යුරෝපා සංගමය විසින් විවිධ අන්දමින් දැනුම් දී තිබුණද, ඒ සඳහා කාලය ලබා දුන්නද පසුගිය රජය ඒ පිළිබඳව කිසිදු තැකීමක් නො කළේය. සරලව කියන්නේ නම් ඔවුන් ප්‍රකාශකර තිබුණේ ඔබලා යන මාවත ප්‍රජාතන්ත්‍ර විරෝධීය, එනිසා එය වෙනස් කර මූලික මානව අයිතින් සුරකිමින් පාලන කටයුතු කිරීමට පියවර ගන්නා ලෙස ය. නමුත් පසුගිය ආණ්ඩුව පෙරලා ඔවුන් වෙත දන්වා සිටියේ, ‘අපට මේ ගෙනයන පාලන ක්‍රමය වෙනස් කිරීමට උවමනාවක් නැහැ, ඒ වෙනුවෙන් ජී.එස්.පී බදු සහනය නො මැතිව වුවද අපට කටයුතු කළ හැකි’ බවය. නමුත් එය නැවත ලබා ගැනීම සඳහා වත්මන් ආණ්ඩුවට බෙහෙවින් මහන්සි වීමට සිදු විය. එනම්, 2015 දී බලයට පැමිණි මොහොතේ සිට වසර දෙකක පමණ කාලයක් (2017 වන තෙක්) මේ සඳහා වෙහෙසීමට සිදු විය. ඒ වන විටත් ජාත්‍යන්තර වශයෙන් විවිධ සම්මුතින්ට යටත්ව කටයුතු කිරීමට පියවර ගන්නා බවට එකඟව සිටියේය. එසේම මෙම කොන්දේසි ඉටු කිරීමද එතරම් ලෙහෙසි කටයුත්තක් නො වන බවද මෙහිදී සිහිපත් කළ යුතුය.
මෙවැනි තත්ත්වයක ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා හා විදේශ අමාත්‍යවරයා ඉතාම දූරදර්ශීව සාමූහිකව කටයුතු කරමින් නැවත මෙම බදු සහනය අප රටට ලබා ගැනීමට කටයුතු කිරීම පිළිබඳව අප ඔවුන්ට මහජනතාව වශෙයෙන් ඉතා ගෞරව පූර්වකව ස්තූතිවන්ත විය යුතුය.
මෙම ජී.එස්.පී ප්ලස් බදු සහනය පිළිබඳව සලකා බලන විට මෙම බදු සහනය බංගලිදේශයටද හිමිව ඇත. එම රටෙහි මෙම බදු සහනය ක්‍රියත්මක වීම නිසා විශාල ආර්ථික ප්‍රගතියක් අත් කරගෙන තිබේ. ඒ පිළිබඳව සරලව විමසා බලන්නේ නම් මෙහි වටිනාකම අපට මැන බැලිය හැකිය.
අප රටට ජී.එස්.පී ප්ලස් බදු සහනය ලැබීමට ප්‍රථම බංගලා දේශයේ නිපද වන ඩොලර් සීයක් පමණ වටිනා ඇඟලුම් තොගයක් හා ඒ හා සමාන වටිනා කමින් යුතු මෙරට නිපද වූ ඇඟලුම් තොගයක් යුරෝපා රටකට ගොස් අලෙවි කළේ නම්, එහි සිටින ගැනුම්කරුවනට බංගලාදේශයේ නිපද වූ ඇඟලුම් තොගය ඩොලර් සීයටම ලබා ගැනීමට ඉඩ ප්‍රස්ථාව සැලසේ. නමුත් අපට බදු සහනය නොමැති නිසා අපේ ඇඟලුම් තොගය විකිණීමට සිදු වන්නේ ඩොලර් එකසිය දහයකටය. එවිට 100 -110 අතර පරතරය සලක බලන විට ගැනුම්කරුට වඩා වාසි දායක වන්නේ බංගලා දේශයේ ඇඟලුම් තොගය මිලදී ගැනීමය. නමුත් ජී.එස්.පී ප්ලස් බදු සහනය ලැබීම නිසා ලංකාවේ ඇඟලුම් තොගයත් සීයටම ලබාදිය හැකිය. මෙනිස අප දෙගොල්ලන්ටම එක හා සමානව තරඟ කරමින් යුරෝප රටවලට ඇඟලුම් නිපද වීමට මෙනිසා අවකාශ සැලසී තිබේ. මෙම බදු සහනය ලැබීමේ ඇති වැදගත්කම වන්නේ මෙයයි.
Next>
< Previous
Deleteනමුත් මෙම සහනය ලබාදු පමණින් ගැනුම්කරුවන් මෙරට භාණ්ඩ මිලදී ගන්නේ නැත. ඒ සඳහා මෙරට ඇඟලුම් ආයතන හිමියන්ට යුරෝපා වෙළෙඳපොළ තුළ සිටින ගැනුම් කරුවන් දිනා ගැනීමට සිදුවේ. ඒ සඳහා ඔවුන් ආකර්ෂණය කරගත හැකි උසස් තත්ත්වයේ නිමි ඇඳුම් නිපද වීම ඔවුන් සතු වගකීමකි. අණ්ඩුවකට කළ හැක්කේ මාර්ගයේ පවතින් බාධා ඉවත් කර දැමීම පමණකි. වෙළෙඳ පොළ දිනා ගැනීම කළ යුත්තේ ඇඟලුම් නිෂ්පාදන කර්මාන්ත ශාලා හිමියන්ය. එය නිවැරදිව වටහා ගන්නේ නම් පමණක් මෙහි ප්‍රතිලාභ බුක්ති විඳිය හැකිය. අනෙක් අතට මෙම බදු සහනය හේතු කොටගෙන අපගේ අපනයන භාණ්ඩවල ධාරිතාවය පුළුල් කර ගැනීමේ අවකාශය ද සැලසේ. නමුත් ප්‍රමාණය වැඩි කරගත් පමණින් ලංකවේ ලාභ වැඩිවේ යැයි මින් අදහස් නොවේ. ලාභය තීරණය වන්නේ විකුණන ප්‍රමාණය, විකුණා ලබා ගන්නා මුදල හා එකී භාණ්ඩය නිපදවීමට වැයවන මුදල සංසන්දනාත්මකව ගැලපීමෙන් අනතුරුවය. එනම් ආදායම හා වියදම අතර පරතරය විමසීමෙනි.
මෙහිදී ඇති වන ගැටලුව වන්නේ ජී.එස්.පී ප්ලස් ලැබුණ පමණින් වියදම අඩු නොවීමය. වියදම අඩුවී ඇත්තේ අපේ භාණ්ඩ මිලදී ගන්නා ගැනුම්කරුවාටය. නමුත් අපේ නිෂ්පදකයාට නැවු ගාස්තු, වරාය ගාස්තු හා කම්කරු වැටුප් ආදී මේ සියල්ලම පෙර පරිදිම දැරීමට සිදුවේ. මේ බදු සහනය නිසා ඇති වූ එකම වෙනස නම් ගැනුම්කරුවාට අනෙකුත් රටවල් සමඟ තරඟකාරීව භාණ්ඩ විකිණීමට ලැබී තිබෙන අවස්ථාවය. එනිසා ප්‍රමණය වැඩිකර ගැනීමට උත්සාහ කරන්නේ නම් පමණක් කිසියම් වූ ලාභයක් උපයා ගැනීමට හැකි වේ. මෙය අපි මනාව තේරුම් ගත යුතුය. සමහරුන් සිතන්නේ මෙය දිව්‍යලෝකයෙන් ලැබුණු තැග්ගක් මෙන් අපි කොහොමද මෙය බෙදා ගන්නේ කියාය. නමුත් සත්‍ය නම් පුද්ගලික සැපයුම්කරුවන් යුරෝපීය වෙළෙඳපොළ තුළ හොඳ තරඟයක් ලබාදෙමින් ගැනුම්කරුවන් වර්ධනය කර ගැනීමට කටයුතු කර වැඩි අපනයන ප්‍රමාණයක් අලෙවි කිරීමය. එමගින් ලාබය වැඩි දියුණු කර ගැනීමට හැකිවේ. නමුත් එය සිතන තරම් පහසු කටයුත්තක් ද නොවේ. එනිසා මේ පිළිබඳව අවදානය යොමු කරමින් කටයුතු කළ යුතුය. මේ වන විට ලංකාව තුළ පුහුණු ශ්‍රම හිඟයක් පවතින් අතර, නිෂ්පාදනය වැඩි කිරීමට යාමේදී මේ සාධක බෙහෙවින් බලපෑ හැකිය.
Next >
<Previous
Deleteඅවසාන වශයෙන් අවධාරණය කරන්නේ නම්, මේ වන විට ලංකාවෙන් අපනයනය වන විශාලතම භාණ්ඩය නිමි අැඳුම් අපනයනය (නිමි ඇඳුම් වන නිසා) නිසා මෙයට අමතරව වෙනත් දෑ අපනයනය කිරීමට අප මහන්සි විය යුතුය. ඊට ඇති හොඳම උදාහරණය වන්නේ ඉන්දියානු සමාගමක් වන හීරෝ සමාගමය. අපේ රටේ වැඩිදෙනා දන්නේ හීරෝ හොණ්ඩා යැයි කියු විටය. අප රටට බොහෝ සෙයින් පැමිණෙන්නේ හිරෝ හොණ්ඩා යතුරු පැදිය. නමුත් මෙහි මුල් සමාගම යතුරු පැදි නිපදවන සමාගමක් නොව, පාපැදි සමාගමකි. මේ අය ලංකාවට පැමිණ වී.එච්.එස්. නමින් බියගම ප්‍රදේශයේ පවතින පාපැදි සමාගමකට ආයෝජනය කළේය. ඒ සඳහා ඔවුන් පැමිණියේ 2016 මුල් කාලයේය. ඔවුන් මෙහි 30% පමණ කොටස් ප්‍රමාණයක් මිලදී ගෙන මිලියන ගණනක් ආයෝජනය කළේය. එහිදී ඔවුන් පවසා සිටියේ අපට ජි.එස්.පී ප්ලස් තිබුණට ඔවුනට නැති නිසා ලංකාවේ නිෂ්පාදනයක් විදියට එළියට ගියොත් ජී.එස්.පී සහනය ඔවුන්ටද ලැබෙන බවත්, ඒ නිසා පාපැදි නිපද වීමට ලංකාවේ ආයෝජනය කිරීමට කටයුතු කරන බවත්ය.
මෙමගින් නව තාක්ෂණික ඥනය පමණක් නොව යුරෝපය තුළ ඔවුන් ගොඩනගාගෙන තිබෙන වෙළෙද සබඳතා සමඟ ද ගනුදෙනු කිරීමට මං විවරවේ. මෙය ජී.එස්.පී. ප්ලස් නිසා ඇති වූ ඉතාම හොඳ ප්‍රවනතාවයක් ලෙස පෙන්වාදිය හැකිය. එනිසා මේ පිළිබඳව විමසීමක් නොමැතිව පටු දේශපාලන අරමුණැතිව අවස්ථාවාදී මුග්ධ ප්‍රකාශ නිකුත් කිරීමට ප්‍රථම ඒ පිළිබඳව විමසා බල කටයුතු කරන්නේ නම් මේ රට මීටත් වඩා යහපත් රටක් බවට පරිවර්තනය කළ හැකිය.
(මහාචාර්ය රොහාන් සමරජීව සමඟ නීතිඥ සුදර්ශන ගුණවර්ධන කළ සාකච්ඡාවක් ඇසුරිනි.)
ඇයි රොහාන් සමරජීව මහත්තයෝ කුලියාපිටියේ ඇරපු වොල්ක්ස්-වැගන් කර්මාන්ත ශාලාවන් කොච්චර රැකියා ලැබුනද?
Deleteරොහාන් සමරජීව කියන්නේ බොරුවේ උපත!
Deleteසාරස,
ReplyDeleteරජයේ සේවකින්ගේ විශ්‍රාම ගැනිමේ වයස අවුරුදු 60 කි. සංස්ථා හ පෞද්ගලික අංශයේ විශ්‍රම ගැනිමේ වයස අවුරුදු 55 කි, ඒ ශ්‍රී ලංකාවේ නීතියයි. එහෙත් මේ ආණ්ඩුව යටතේ නියමිත වයස 60 සම්පූර්ණ කොට විශ්‍රාම ගොස් වසර 25 කට පසුවත් ආණ්ඩුවේ ඉහළම තීන්දු තීරණයන් ගැනීමේ නිලධාරින් ලෙස විශ්‍රාම ගිය නිලධාරින් පත් කොට ඇත.
මේ අනුව ශ්‍රීලංකාවේ වයස අවුරුදු 75 ඉක්මවු පුද්ගලයින් රාජ්‍ය සේවයේ ඉහළම තනතුරට පත් කිරීම දැනට විශ්‍රාම ගොස් සිටින බොහො රාජ්‍ය හා පෞද්ගලික අංශවල සේවකයින්ට ඉතා සතුටට පත්ව ඇත. ඒ රාජ්‍ය පෞද්ගලික අංශයේ විශ්‍රාම ගැන්විමේ වයස අවුරුදු 78 ක වේ යන අදහසිනි. හේතුව අවම වශයෙන් ජනාධිපතිවරයා ධූර කාලය තව අවුරුදු දෙකහමාරක් තිබෙන බැවින් අවුරුදු 75 වයස එම නිලධාරියා අවුරුදු 78 දක්වා ජනාධිපති ලේකම් තනතුරේ සිටිය යුතු බැවිනි.
යහපාලන ආණ්ඩුවේ ආර්ථික සම්පූර්ණයෙන්ම හැසිරිවීමට අවශ්‍ය තීන්දු ගන්නේ ජනාධිපති අගමැතිගේ ප්‍රධානත්වටෙන් ඇති ආර්ථික කළමනාකරණ කොමිටිය යි Cabinet Committee on Economic Management (CEM). එහි සම්පූර්ණ මෙහෙයවනු ලබන්නේ විශ්‍රාමලත් රාජ්‍ය නිලධාරියකු වන හිටපු මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආර් පාස්කර්ලිංගම් ය. ඒ මහතාගේ වයස අවුරුදු 85 ඉක්මවාය. එම කොමිටියේ අනික් දෙදෙනා සී මාලියද්ද සහ ඩික්සන් නිලවීරය. සි මාලියද්ද මහතා වයස අවුරුදු 80 ඉක්මවා සිටින හිටපු අමාත්‍යාංශ ලේකම්වරයා ය. ඩික්සන් නිලවීර මහතා ද අවුරුදු 78 ඉක්ම වු හිටපු මුදල් අමාත්‍යාංශ ලේකම්වරයෙකි.
http://www.mnpea.gov.lk/web/index.php?option=com_content&view=article&id=46&Itemid=161&lang=en#advisors
පසුගිය සතියේදී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් ජනාධිපති ලේකම් ලෙස පත් කලේ ඔස්ටින් ප්‍රනාන්දු මහතාය. මේ වනවිට ඔහු රාජ්‍ය සේවාවෙන් විශ්‍රාම ගොස් සිටින් අතර ඔහුගේ වයස අවුරුදු 75 කි. ඔහු පොලොන්නරුව දිසාපති ලෙස සේවය කරන්නේ 1977 වසරේදී ය. එම කාලයේ මෛත්‍රීපාල සිරිසේන මහත අවුරුදු 27 ක් තරුණ ග්‍රාමා සේවා නිලධාරියෙකි. එදා එම ග්‍රාමසේවක නිලධාරියාගේ ඉල්ලා අස්වීම භාරගන්නේ මෙම මැදවියේ දිසාපතිවරයා ය.
එමෙන්ම මේ වනවිට මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර් එච් එස් සමරතුංග අවුරුදු 60 ඉක්මවා ඇත, රටේ ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා ද අවුරුදු 60 ඉක්මවා විශ්‍රාම ගොස් සිටින අයෙකි.
අයිසේ සරාස් තුමෝ, ඉදිරි දින කිහිපය තුල සිදුවන බව කියන ආර්ථික සංවර්ධනයට අදාළ මුදල් අමාත්‍යාංශයේ ඉහළ පුටුවල වෙනස්කම් කිහිපයක් සිදු කිරීමට කටයුතු යොදා ඇති බව ආරංචියි. දැනට ලංකාව වැටි ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා මහින්ද රාජපක්ෂ යුගයේ ආර්ථිකය හැසිර වූ ප්‍රධාන රාජ්‍ය නිලධාරින් කිහිප දෙනෙකු මෙන්ම චන්ද්‍රිකා යුගයේ ආර්ථික උපදේශකයකු ලෙස සිටි නිලධාරියෙකු නැවත ගෙන ඒමට මෛත්‍රී පාර්ශවය කටයුතු යොදමින් සිටින බවට කටකතා පැතිරෙයි.
ReplyDelete2015 සිට පසුගිය දෙවසරක කාලය තුල රජය අපේක්ෂා කල ආර්ථික සංවර්ධන ඉලක්ක සපුරාලීමට දැනට සිටින නිලධාරින් අපොහොසත් වීම මෙන්ම නිසි ලෙස ආර්ථිකය සැලසුම් කොට රටේ අවශ්‍ය සංවර්ධනය කරගෙන යෑමේදී මෙම නිලධාරින් දැක්වූ දැඩි උදාසීන භාවය මෙන්ම නිසියාකාරව ආර්ථිකය කළමනාකරණය නොකිරීම නිසා පසුගිය වසර දෙක තුල ඉතා අඩු ආර්ථික වර්ධනයක් වාර්තා කිරීම මීට හේතුවයි. මේ ගැන සරාස් තුමානන්ගේ අදහස මොකක්ද?
Refer the following statements, the reasons might be there,
Delete//යහපාලන ආණ්ඩුවේ ආර්ථික සම්පූර්ණයෙන්ම හැසිරිවීමට අවශ්‍ය තීන්දු ගන්නේ ජනාධිපති අගමැතිගේ ප්‍රධානත්වටෙන් ඇති ආර්ථික කළමනාකරණ කොමිටිය යි Cabinet Committee on Economic Management (CEM). එහි සම්පූර්ණ මෙහෙයවනු ලබන්නේ විශ්‍රාමලත් රාජ්‍ය නිලධාරියකු වන හිටපු මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආර් පාස්කර්ලිංගම් ය. ඒ මහතාගේ වයස අවුරුදු 85 ඉක්මවාය. එම කොමිටියේ අනික් දෙදෙනා සී මාලියද්ද සහ ඩික්සන් නිලවීරය. සි මාලියද්ද මහතා වයස අවුරුදු 80 ඉක්මවා සිටින හිටපු අමාත්‍යාංශ ලේකම්වරයා ය. ඩික්සන් නිලවීර මහතා ද අවුරුදු 78 ඉක්ම වු හිටපු මුදල් අමාත්‍යාංශ ලේකම්වරයෙකි. //
//පසුගිය සතියේදී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් ජනාධිපති ලේකම් ලෙස පත් කලේ ඔස්ටින් ප්‍රනාන්දු මහතාය. මේ වනවිට ඔහු රාජ්‍ය සේවාවෙන් විශ්‍රාම ගොස් සිටින් අතර ඔහුගේ වයස අවුරුදු 75 කි. ඔහු පොලොන්නරුව දිසාපති ලෙස සේවය කරන්නේ 1977 වසරේදී ය. එම කාලයේ මෛත්‍රීපාල සිරිසේන මහත අවුරුදු 27 ක් තරුණ ග්‍රාමා සේවා නිලධාරියෙකි. එදා එම ග්‍රාමසේවක නිලධාරියාගේ ඉල්ලා අස්වීම භාරගන්නේ මෙම මැදවියේ දිසාපතිවරයා ය.
එමෙන්ම මේ වනවිට මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර් එච් එස් සමරතුංග අවුරුදු 60 ඉක්මවා ඇත, රටේ ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා ද අවුරුදු 60 ඉක්මවා විශ්‍රාම ගොස් සිටින අයෙකි.//
Found any???
රටේ මහ තැන බුද්ධි හීන ගිරාම නාසක වෙනකොට, මෙලෝ වැඩක් බැරි දෙවෙනි මහ තැන සහ ගෝල බාලයෝ ඉතිං “කළුවා මාරපන් ගියා වගේ” නැතෑ ! අනික දැන් පෙට්ටගම බාරව ඉන්න උන්දැ “ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ” නෙව ! අන්තිමේදී වටේ කැරකෙන “කේවට්ට පරපුර” කරන්නෙත් කලක් හිස්වෙලා තිබ්බ තමන්ගේ මඩි තරකරගනු වස්, “ආඬි හත් දෙනාගේ කැඳ හැලිය” අපූරුවට හැඳිගාන එක විතරනේ !
ReplyDeleteදිනපු ගමන් පැනල අත දෙන්නම් අප්පොච්චියේ කියල ඔලුව අතගාපු “ඒරොප්පේ තක්කඩි රාලලත්” ඉතිං මේ ගොබ්බ සේනාව ලවා තමන් හිතේ හැටියට අපූරුවට “බළල්ලු ලවා කොස් ඇට බෑවා” කියහන්කෝ!! අන්තිමට මේ හැංගි හැංගි වෙස් බැන්ද හිටං හුටං, යැංකි ඩිංකි ල එළිපිට නටනකොට තමයි අපේ අන්ද මන්ද ලට තේරුනේ, හයියෙන් හුරේ දාල, බෙර තම්මැට්ටම් ගහල වඩම්මාගෙන ආවට යකෝ “පස්සේ ගෙනා මනමාලි” , “උපං ගෙයිම කනවැන්දුම්” කියල!!!
මචන් සරස,
ReplyDeleteමුං යන්නෙම රැයිතෙට, ඒකයි අවුල හැබැයි අම්බානක්උපදේශක කියල අපේ සල්ලි වලින් තක්කඩි රැලක් පත්කරගෙන හිටියට මොකද එකෙට්ටවත් වැඩක් බෑ. අපේ සල්ලි ටික ගිලිනව ඇරෙන්න. ඇත්තටම වැඩ බැරි උන් උඩ එන්නෙයි වැඩි පුළුවං උං යට යන්නෙයි උත්තරීතර ඡන්දය පුදන උන්ගෙ හිතන පතන විදිය එක්කම තමයි නේද?
එහෙමයි!
Deleteඇත්තටම සරස රටක රාජ්‍ය නායකයෙක් කියන්නෙ සුලු පටු පොරක් නෙවෙයි; අනිවාර්යයෙන්ම පාලනය කරන රටේ හැම එකාගෙම අනාගතය තීරණය කොරන්න ඉහලින්ම ඉන්න කෙනා . ඒ විතරක් නෙවෙයි සමහරක් වෙලාවට මේ අය ලොකේ අනික් රටවල සමස්ථ ලෝකයේම ඉරණම තීන්දු කොරන්නත් හේතු වෙනවා . ඒ කියන්නේ ඉතාම භාරදූර කර්තව්‍යයක් කරන කෙනෙක් . මේ වගේ පොරකට සහජ බුද්ධිමත් කමක්, මනා පල පුරුද්ද , තීරණ ගැනිමේ හැකියාව ඇතුලු නායකත්ව ලක්ෂණ වගේම හොඳ ශාරිරික හා මානසික සෞඛ්‍යකුත් තියන එක අත්‍යාවශ්‍යයි . එතනදි තමයි රාජ්‍ය නායකයාගෙ වයස ගැන කථාව මතුවෙන්නේ , මොකද මනුස්සයෙකුගෙ වයසත් එක්ක ශරීර සෞඛ්‍යය පිරිහිමකට ලක් වෙනව වගේම බුද්ධිය මෙහෙය වලා කරන කාර්යනුත් අඩපන වෙන නිසා . මේතන තියන වෛද්‍ය විද්‍යාත්මක පසුබිම අපේ සරස ඇතුලු දොස්තර සෙට් එක හොඳින්ම දන්නවා ඇති.
ReplyDeleteරටක රාජ්‍ය නායකයෙකුට අනන් මනන් විවෘත කිරීම් , සම්මන්ත්‍රණ සාකච්ඡා , පොර ටෝක් වගේ නා නා ප්‍රකාර දේවල් මැද්දේ තියන ලොකුම වැදගත් කාර්ය භාරය තමයි "තීරණ ගැනීම". ඇත්තට අර මුලින් කිව්වා වගේ රටක ජනතාවක , ලෝකයේ ඉරණම තීන්දු කරන රාජ්‍ය නායකයෙකු සතු බලය තමයි ඔය තීරණ ගැනීම . තීරණ ගැනීමේ කාර්යයෙදි ඉන්පුට් වෙන්නේ දැනුම, අත්දැකීම් , විචාර බුද්ධිය වගේ දේවල් ඒ දේවල් ප්‍රොසෙස් කරල නිවැරදි අවුට් පුට් එක හෙවත් නිවැරදි තීරණයක් ගන්න ඔනි වෙන මානසික හැකියාව හෙවත් මීටරය තමයි වැදගත්ම දේ. දැනුම කියන එක නම් වයස අනුව වෙනස් වෙන්නෙ නැ , ඒත් අත්දැකීම් නම් නම් සම්පූර්නයෙන්ම රඳා පවතින්නෙ වයසත් එක්ක. වයසට යන කොට පොඩි පොඩි ඇදකුද තිබුනත් කෙනෙක් උපතින් අරන් එන විචාර බුද්ධියත් වයසට ගියා කියල නැත්තටම නැති වෙන්නෙ නැ, ප්‍රශ්නෙ තියෙන්නෙ වැදගත්ම පාට් එක හෙවත් මීටරයට වයසත් එක්ක මොකෝ වෙන්නෙ කියන එක . ඉන්පුට් මොනව වුනත් ප්‍රොසෙසරය අවුල් නම් ඉතින් අවුට් පුට් එක ගැන කවර කථාද ඒ නිසා වයසට යත්දී සාමාන්‍යයෙන් මිනිස්සුන්ගෙ දකින තියන මීටරය අප්සැට් ගැහිල්ල රාජ්‍ය නායකයින්ට කරන බලපැම කියන්නෙ ටිකක් විතර වැදගත් මාතෘකාවක් කියල මට හිතෙනවා . මීටරේට අමතරව ක්‍රියාශිලිතාවය , පෞර්ශය වගේ ඒවත් වයසට යන කොට ටිකක් දියවෙන පැත්තට තමයි යන්නේ .
වයසට යත්දි සිදුවෙන මේ විපර්යාස නිසා තමයි රාජ්‍ය /පෞද්ගලික බොහෝ සේවකයින්ට විශ්‍රාම වයසක් කියල එකක් නියම වෙලා තියෙන්නෙ , නමුත් රාජ්‍ය නායකයින්ට හෝ දේශපාලකයින්ට විශ්‍රාම වයසක් කියල එකක් දකින්න නැ . රටක සමස්ථ ක්‍රියාවලින් තුල පුංචි කොටසකට දායක වෙන මනුස්සයෙක් වයස නිසා සේවයට සුදුසු නැති වෙත්දි , මුලු රටක් ගැන තිරණ ගන්න ඇයින්ට වයස නිසා ඒ බලපැම ඇති නොවී තියෙන්න පුලුවන්ද සරස?
The value of assets seized as part of on-going investigations against immediate family members of former president Mahinda Rajapaksa exceed five billion rupees (30 million dollars), according to finance minister Mangala Samaraweera.
ReplyDeleteReal estate and bank accounts of former president's two elder sons and his minister brother Basil, amount to two billion rupees and money laundering investigations were underway, the minister said.
Speaking to reporters at his ministry last week, Samaraweera said 16 local bank accounts of president Rajapaksa's close relative Udayanga Weeratunga had been frozen and the amount involved was three billion rupees.
He said Weeratunga was known to have stashed money in Latvia and Russia.
"Rajapaksa finger prints surfaced in many countries. They are found in Singapore, Dubai, Hong Kong, Ukraine, USA, Britain, Latvia, Russia and Seychelles," the minister said.
He said the government was keen to speedily complete the investigations, but the authorities needed more time to track the international network of the former leader.
Soon after coming to power, the government accused the former president and his immediate family of siphoning off billions of dollars from the country, but so far no evidence of cash abroad has been presented. Minister Samaraweera admitted that there was no direct evidence of any assets in the name of the former president.
President Rajapaksa has accused the government of leading a witch hunt against his family.
At the same time, there had been awkward questions about how his two sons -- legislator Namal and junior navy officer Yoshitha -- acquired vast amounts of wealth on the back of their modest earnings.
Yoshitha has claimed that a multi-million rupee brand-new house at Mount Lavinia was a gift from an elderly aunt who in turn claimed she got money when an unknown person left a bag of gems with her.
Similarly, Basil Rajapaksa has also claimed that a river-front house in Malwana that was being built allegedly in his name was not owned by him.
There are no claimants for the property and courts ordered the sale of the palace with a floor price of 208 million rupees. He faces a money laundering charge at the Pugoda courts.
Both namal and Yoshitha were key players at the Colombo Stock Exchange during its dizzy days in 2009 and 2010 with the duo joining the ranks of top 20 share holders of several listed companies.
Ha ha ha ������
Deletebaila, baila, more baila, more of the same baila and never ending baila and baila forever !!!
Bring in the 18 Billion first and everybody can stop work for 10 years, you f×××ing moron. Shame on these stupid UNP idiots who only knows spreading baseless allegations (just meaningless baila's) but nothing useful.
ආණ්ඩුවේ ප‍්‍රබල ඇමතිවරයෙක් විසින් කොළඹ ප‍්‍රදේශයේ ඉදිකරමින් ඇති සුපිරි නිවසක් සදහා ගෘහ භාණ්ඩ නිපදවීම සදහා ඇණැවුමක් මෙරට ප‍්‍රසිද්ධ ගෘහ භාණ්ඩ සමාගමකට ලබා දී තිබේ.
ReplyDeleteමෙම සුවිසල් ඇණැවුම නිසා එම සමාගම ඉදිරි මාස තුනක කාලයේදී වෙනත් නිසිම ඇණැවුමක් බාර නොගැනීමට තීරනය කර ඇත.
මෙම ඇණැවුමේ නටිනාකම රුපියල් කෝටි ගණනක් යයිද වාර්තා වෙයි. අදාල සුපිරි නිවාසය රුපියල් කෝටි 20කට වඩා වැඩි මුදලක් වියදම් කර ඉදි කර ඇතැයිද පැවසෙයි.
මෙම ප‍්‍රබල ඇමතියරයාගේ ඇමතිකම පසුගිය කැබිනට් සංශෝධනයේදී වෙනස් විය.
අර පොත් හොරා, හරක් විජේසුරියයි, කාලකන්නි මුහුණක් සහිත පිරිමි නර්සුයි තවම ගෙවල් හදන්න පටන් අරන් නැද්ද? උන්ගෙ ඩොලර් කොහෙද එකතු වෙන්නේ?
Deleteතකතිරු මුග්ධ දන්ගොතෝ,
ReplyDeleteපසුගිය සතියේ ඕස්ට්‍රේලියාවෙන් හොඳ යැයි කිව හැකි ප්‍රවෘත්ති කිහිපයක් ම මතුවිණි.
ඉන් ප්‍රධානතම පුවත වූයේ, ඕස්ට්‍රේලියානු කතෝලික පල්ලියේ ලොකුම ලොක්කා වූ, මේ වන විය රෝමයේ වතිකානුවේ පෝප් යටතේ ඉහළ තනතුරක් දරන ජෝර්ජ් පෙල්ස් නම් පූජකයාට එරෙහිව පොලිසිය විසින් ළමා අපචාර චෝදනා ගොනු කිරීමයි. මා හිතන පරිදි මේ චෝදනා කෙළින්ම අපචාර සම්බන්ධයෙන් නොව, මීට දශක කිහිපයකට පෙර කතෝලික පල්ලියේ ප්‍රාදේශීය ලොක්කෙකු ලෙස සේවය කරන කාලයේ ළමා අපචාර සඳහා චෝදනා ලද පූජකයෙකු පිළිබඳව නීති මාර්ගයෙන් කටයුතු නොකර ගොඩින් බේරා දැමීම වැනි කරුණු අරභයා, ගොනු කෙරෙනු ඇත.
ජෝර්ජ් පෙල් ලොක්කාට මේ ආකාරයට චෝදනා ලැබීම, වසර දෙකක් පමණ කාලයක් තිස්සේ ඕස්ට්‍රේලියාව පුරා පැවැත්වෙන ළමා ලිංගික අපචාර පිළිබඳව කෙරෙන රාජකීය කොමිසම් විමර්ශන එක් ප්‍රතිඵලයක් පමණි.
ලංකාවේ ද, පන්සල් වැනි ලිංගික ආතතියකින් කල් ගත කරන්නට සිදු වී ඇති ආගමික නියෝජිතයින් සිටින ස්ථානවල, මේ ආකාරයේ විවිධාකාරයේ ලිංගික අපචාර සිදුවී ඇති බවටත්, තව දුරටත් සිදුවෙන බවටත් සැකයක් නැත. ඒ අකටයුතු සම්බන්ධයෙන් ද, නුදුරු දිනයක දී ම, නිසි ක්‍රමවේදයක් මගින් විමර්ශනයක් කළ යුතුව ඇත.
ගිය සතියේ ම, ඕස්ට්‍රේලියාවෙන් මතුවුණු දෙවන හොඳ පුවත තිබුණේ, පසුගිය වසරේ පවත්වන ලද ජන සංගණනයේ ප්‍රතිඵල අතර ය.
උප්පැන්න සහතිකයේ නැති, සංගණනයකදී පමණක් ප්‍රශ්න කෙරෙන කාරණයක් වූ ආගමික නැඹුරුව ගැන ඇසූ ප්‍රශ්නයට ලැබුණු පිළිතුරු අනුව අනාවරණය වී ඇත්තේ රටේ ජනගහනයෙන් 30% ප්‍රමාණයක් නිර්ආගමික බවයි. වසර පහකට වරක් පවත්වන සංගණනවලදී මේ ප්‍රතිශතය 2006 දී 19% ක් ද, 2011 දී 22% ක් ද වී ඇත. එනම්, නිර්ආගමිකයින් සංඛ්‍යාවේ වැඩිම ඉහළ යාම සිදු වී ඇත්තේ පසුගිය වසර පහක කාලය තුළ ය.
මේ ප්‍රවෘත්තියේ වැදගත් ම කොටස නම්, ජනගහනයේ ඉතුරු 70% පිරිස පිළිපදින ආගම් වෙන් වෙන් වශයෙන් සලකා බලන කළ, ඉන් ඉහළ ම ප්‍රතිශතයක් වාර්තා වී ඇත්තේ කතෝලික ආගම සඳහා වූ නමුත් එය නිර්ආගමික ප්‍රතිශතයට වඩා අඩු අගයක් එනම්, 22.6% පමණක් වීමයි.
මේ ප්‍රවණතාවය දිගටම පැවතුනහොත් තවත් වසර පහළොවක් පමණ කාලයකින් ඕස්ට්‍රේලියාවේ බහුතරයක් ජනතාව නිර්ආගමිකයින් වෙනු ඇති බව පෙනේ.
-රසිකොලොජිස්ට්
ප/ලි
කතෝලික සහ ක්‍රිස්තියානි සියලු ප්‍රභේද එක් කළ විට ජනගහනයෙන් 52% ක් තවමත් ක්‍රිස්තියානි ලබ්ධිකයෝ ය. ඒ අතර බෞද්ධ යැයි තමන් හඳුන්වා ගන්නා මුග්ධ තකතිරු පිරිස ජනගහනයෙන් 2.4% කි.
අඩුකුලේ පර හැත්ත(c) ඔස්ට්‍රේලියා වල ජීවත් වූවත් තමන් ට පහත් ලෙස සැලකූ ශ්‍රී ලන්කාවට ගැරැහීම නතර නොකරති!
Delete"...ඉන් ප්‍රධානතම පුවත වූයේ, ඕස්ට්‍රේලියානු කතෝලික පල්ලියේ ලොකුම ලොක්කා වූ, මේ වන විය රෝමයේ වතිකානුවේ පෝප් යටතේ ඉහළ තනතුරක් දරන ජෝර්ජ් පෙල්ස් නම් පූජකයාට එරෙහිව පොලිසිය විසින් ළමා අපචාර චෝදනා ගොනු කිරීමයි. මා හිතන පරිදි මේ චෝදනා කෙළින්ම අපචාර සම්බන්ධයෙන් නොව, මීට දශක කිහිපයකට පෙර කතෝලික පල්ලියේ ප්‍රාදේශීය ලොක්කෙකු ලෙස සේවය කරන කාලයේ ළමා අපචාර සඳහා චෝදනා ලද පූජකයෙකු පිළිබඳව නීති මාර්ගයෙන් කටයුතු නොකර ගොඩින් බේරා දැමීම වැනි කරුණු අරභයා, ගොනු කෙරෙනු ඇත..."
Deleteමේ චෝදනා වලට අමතරව මේ කාදිනලුත් කලින් ළමයින් අපයෝජන කලබවට චෝදනා තිබෙනවා!
@රසිකොලොජිස්ට්,
Deleteඑම සංගණනයේම තිබුනා නේද මෑත කාලීනව බැලීමේදී ඉන්දියාවේ සිට ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ පිරිස් වල ප්‍රමාණය 8% කට ආසන්න බව. ඒ උදවියගේ ප්‍රමාණය එන්න එන්නම ඉහල යනවා. ඔස්ට්‍රේලියාවේ ජනගහනයෙන් 50% ක් පමණ විදේශීය සම්බවයක් සහිත අය බවත් හෙළි උනා.
එතකොට ඉන්දියාව වැනි රටවලින් එන පිරිස් වැඩි වේ නම් ඒ උදවිය නිර්ආගමික වේද, නැතිනම් ආගමික අන්තවාදී වේද යන්න නම් සැකයක්.
(මං ජිවත් වෙන්නේ සිංගප්පූරුවේ ලිට්ල් ඉන්දියා ප්‍රදේශයේ. එහි අත්දැකීම් සමග කොමෙන්ට් කලේ. අනික මං උනත් අදහන ආගමක් තිබුනත් වෙනි ඕනි කෙනෙක් ඇහැව්වම ඉන්නේ නිර්ආගමික වගේ. හැබැයි මගේ ආගම අදහන පිරිස් ලිට්ල් ඉන්දියා වල වැඩි වෙනවා නං මං කැමතියි. මං ඒ යට දැනටත් උදව් පදව් කරනවා.)
ගම් කබර අඩු කුලේ පද්දන්ට, අනුන්ගේ රටක ජීවත් වෙන්න පිනා චාන්ස් එකක් වැදුනම, පිනට රෙන්න හම්බවුනාම...
Deleteඅර පාට මාරු කරන කටුස්සා ට මොකක්ද හම්බවුනා වගේ කිව්වලු ! ලාංකීයත්වයට නින්දා අපහාස කරන, ලංකාවේ විනාශය පතන කාලකන්නි "අඩුකුලේ පර (c)" හැතිකරය !
රසිකොලොජිස්ට්,
Deleteඔබ තනි නැත. ඔබට කුඩා කාලයේ අත් විඳින්නට වූ දෙයම අත්විඳි දරුවන් ලෝකයේ අනෙක් රටවලත් සිටනා බව දැන් ඔබ අවබෝද කර ගෙන ඇති බව පෙනේ.
ඔබට දැන් එම වින්දිත දරුවන්ගෙන් ඉගෙනීමට දෙයක් ඇත එනම් ඔවුන් අද දඬුවම් කිරීමට ඉදිරියට පැමින ඇත්තේ තම රටට ආගමට නොව තමාට අතවර කල පුද්ගලයාට සහ ඊට සහය දුන් පිරිසටයි.
ඔබත් ලංකාවට සහ බුද්ධාගමට වෛර නොකර, ඔබට අතවර කල පුද්ගලයාට හෝ කන්ඩායමට එරෙහිව නැගී සිටින්න.
අපිත් ඔබ සමග සිට ගන්නෙමු.
සංගීතාගේ හොර මිනිහද ?
ReplyDelete