Monday, July 16, 2018

මිල සූත්‍රය!

petroleum pricing formula cartoon සඳහා පින්තුර ප්‍රතිඵලmaths formula cartoon සඳහා පින්තුර ප්‍රතිඵල




ඒවං මේ සුතං යහපාලන සමයං රනිලා කොල්ලුපිටි විහරති අරලියගහ මන්දිරේ රටවිකුනං කන ආරාමේ. 
අථඛෝ අඤ්ඤතරා රිපෝටා අභිකන්තාය රත්තියා අභිකන්ත වණ්ණා ටී වී කැමරං සාකච්චා ඕභාසෙත්වා ශෛල  මංගලා තේනුපසංකමි.
උපසංකමිත්වා මංගලං අභිවාදෙත්වා ඒකමන්තං අට්ඨාසි. ඒකමන්තං ඨිතා ඛෝ සා ශෛල කොලුවා  සමනලං ගාථාය අජ්ඣභාසි.

බහු දේවා මනුස්සා ච
මංගලානි අචින්තයුං 
සා පෙල ගණිතං අසමත්තං 
බ්රෑ හි මංගල මිල සූත්තං?

කෙලවෙන රුපියලං
ඉහලයන ඩොලරං 
පූජා ච පූජනීයා නං 
ඒක X ලෙස ගත්ත මං

රාජගිරිදේසවාසෝ ච 
සබීතා කතපුඤ්ඤතා 
මිලියන් ගනං කුලියං  
ඒක ‍Y ලෙස ගත්ත මං

වෙලෙඳ පොල ලෝකං 
බොර තෛල මිලගනං 
නිතරම ඉහල පහලයං 
ඒක Z ලෙස ගත්ත්ත මං

ශෛල කොල්ලං උපට්ඨානං
සමනලස්ස  සංගහෝ 
කොලුවං ට දෙන මුදල් 
ඒක A ලෙස ගත්තමං

සාගල සමග චරියාච  
හෙලික්පොප්ටරෙන් යන්නෙමෝ 
ගුවන්ගමන් මුදලං 
ඒක B විදියට ගත්තා මං

පිරිවැජ්ජාන කෝපා 
බදු ගසා කරන සාපා 
එකතු කරනා කාසී 
ඒක C ලෙස ගත්ත මංමං

තපෝ ච X උඩ (C+A) තබං ච 
Y වලින් බේදූ ගන්දස්සනං 
(Z+B) වලින් වැඩිකිරියා ච 
ඒතං මංගල දේසනං

පිලිතුරං වර්ගඵලයං  
විස්සං බෙදා  කම්පනී 
එකට සීයට දහයං 
ඒතං මංගලං කොමිසං

ඒතාදිසානි කත්වාන 
සබ්බත්ථ කෙලිනා ඉතා 
අතපය සොත්ථිං ගච්ඡංති
තේසං මංගල ඇමති මංතී 

19 comments:

  1. හුටා වෙන එකෙක්ට දාන්ඩ ඕනේ කමෙන්ටුවක් වැටුනේ , එක පබිලිස් කරන්ඩ එපා ,පීස්

    ReplyDelete
  2. ඔහොම ඉගිරිසියෙන් දැම්මහම ජහ මනයට තේරුම් ඉල්ලේ. සරළ සිහලෙන් දාන්න මෙයා

    ReplyDelete
  3. අදයි දන්නේ මේ මී හරක් ටික ආයෙත් පෙට්‍රල් 145 කරලය කියලා...

    මේ මොංගල් කොල්ලෝ සෙට් එකේ පට්ට මොළේ කියන්නේ උන් මිළ සුත්‍රය හදන්න කලින් 117 ට තිබ්බ ලිටරේ එක පාර 30 කින් වැඩි කරලා 137 කරා. ඊට පස්සේ ඒකට බේස් වෙලා තමයි ඔන්න මිළ සුත්‍රය එන්නේ...

    අපි නිකමට හිතමු පෙට්‍රල් 117 ට තියෙද්දී තෙල් බැරල් එකක මිළ ඩොලර් 90 යි කියලා...
    තිබ්බ ගාණට බේස් උනොත් වැඩි ලාබයක් නැහැ, ඒ නිසා තෙල් බැරල් එකේ මිළ 90 තියෙද්දීම මෙහෙ ගාන වැඩි කරා 137 ට...
    දැන් සුත්‍රය එන්නේ තෙල් බැරල් එක ඩොලර් 90 නම් පෙට්‍රල් 137 යි කියන ගාණට බේස් වෙලා...
    ඔන්න දැන් 95 ක් වගේ වෙච්ච ගමන් 145 යි වගේ කතාවක්...

    ඇත්තම කතාව ඩොලර් 90 ට තිබ්බ තෙල් බැරල් එක ඊළඟ මාසේ ඩොලර් 95 වෙනවනම් පෙට්‍රල් වැඩි වෙන්න ඕනේ 123.50/- ට වගේ...

    ReplyDelete
    Replies
    1. මුන් ටික එකතු වෙලා ජනතාවට කෙලවනවා..
      පවු අර යහපාලනේට කඩේ ගිය සිංහල බ්ලොග් ලියන අප්පුල ටික!

      Delete
  4. කලින් ආන්ඩුව කාලෙ රටේ නීතියක් නෑ කියලා කෑ ගහපු අය හිතුවෙ යහපාලනේ ආවම වංචාව දූෂණය නාස්තිය නැතිවෙයි, කුඩු නැතිවෙයි, නීතිය අකුරට ක්‍රියාත්මක වෙයි, ආහාර වලට වස විස ගැසීම නවතියි, පාතාලය ඉවරෙටම ඉවරවෙයි, කෑම බීම අඩුවට ලැබෙයි, සල්ලි වලින් සාක්කු පිරෙයි, ගොවියො රජ වෙයි, පඩි වැඩිවෙයි වාගේ දේවල්නෙ. දැන් වෙලා තියෙන්නෙ ඒකෙ අනිත් පැත්ත. මිලියන ගනනින් පරිපූරක ඇස්තමේන්තු සම්මත කරගන්නවා උන්ගෙ සුඛ විහරණයට. ඒක රටේ ජනතාවට කරන ලොකුම වංචාවක් නෙවෙයිද? රටේ ත්‍රිවිධ හමුදාවටත් පාලනය කරගන්න බැරි කොළම්බියාවෙ වගේ කුඩු හමුදාවක් රටේ රජ කරන්න ගත්තොත් කොහොමට තියෙයිද?

    ReplyDelete
    Replies
    1. බඩ යන්නම දුන්න නේද හිටං?

      Delete
  5. දැන් ඉතින් ඇතිවෙනකන් නටපන්. 2020 න් පස්සෙ මුන්ට අනිච්චාවත සංඛාරා තමයි!

    ReplyDelete
    Replies
    1. මොන ආණ්ඩුව ආවත් අපේ රටේ වැඩි වෙච්ච දෙයක් ආයේ ලේසියට අඩු වෙන්නේ නැහැ...
      තෙල් ගණන් අඩු උනා කියල කවදාවත් බස් වල, තිරෝද වල ගණන් අඩු කරලා තියෙනවද...

      Delete
  6. මේක මං දැක්කා වෙන කාගේ හරි නමින් fb යනවා

    ReplyDelete
    Replies
    1. කවුරුහරි කොපි කැට් කෙනෙක් :D

      Delete
  7. සොරි වෙන්ඩෝනෙ. වෙන කෙනෙක් ගෙ ෆේස්බුක් වෝල් එකක් තියෙනවා දැකල මං මේක ශෙයා කලා

    ReplyDelete