Friday, February 10, 2023

පූර්ණකාලීන දීමනා සහ බදු

 



ජ වි පෙ පූර්ණකාලීන් ට සහ පක්ශයෙන් පත් වන පාර්ලිමේන්තු, පලාත්සභා හා පලාත්පාලන ආයතන මංත්‍රී වරුන් ගේ සියලු වැටුප් පක්ශ අටමුදලට බැර කරනා බව පුවුන් පවසන්නේ ආඩම්බරයෙනි. පඩි නැතිව ජීවත් වෙන්නේ කොහොමද කියලා ඇහුවාම වැටුප් වෙනුවට පක්ශයෙන් ඔවුන් හට මාසික දීමනාවක් ලැබෙන බව පිලිගනිති.


ශ්‍රී ලංකා පුරවැසියන් හට රුපියල් වලින් ලැබෙනා සියලු වැටුප් හා දීමනා ආදායම් බදු වලට යටත් බව නීතිය රැකගන්න කෑමොර ගසනා ජවිපේ පූර්ණකාලීන් හා මංත්‍රී ලා දනිති.


එසේ නම් පසුගිය ජනවාරි මාසයේ ඔවුන් හට පක්ශයෙන් ලැබුනු දීමනාවට ආදායම් බදු ගෙවුවාදැයි මම ඔවුන් ගෙන් විමසීමට කැමැත්තෙමි. 


අඩුම තරමින් ලක්ශ හතරක් පහක් මාසික දීමනා ලෙස ලබාගන්නා පූර්ණකාලීන් හා මංත්‍රී ලා ජවිපෙ සිටිනා බව මගේ ඇස්තමේන්තුවයි. 

 එහි දී මා වැරදි නම් නිවැරදි කරන ලෙස ජවිපේ වගකිවයුත්තන් ගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. 


යම් ලෙසකින් ලක්ශය වඩා දීමනා ලබාගෙන උපයනවිට ගෙවනා බදු  ගෙවා නැත්නම්, එය සිරගත කල හැකි වැරද්දක් වන බව මා කපුරුහාමිලාට මතක් කර දීමට කැමැත්තෙමි!

2 comments:

  1. @ ජසෝ

    මචන් ඔය ඔක්කොටම කලින් සජිත්ට හොද කතාවක් ලියල දෙන්න කෙනෙක් සෙට් කරපන් කොලේ බලන් හරි කියවන්න, නැත්නම් ඔය යකා රටේ නැති අමු ගොන් කතා කියල තියන චන්ද ටිකත් නැති කරගන්නව. මමත් කට්ටිය එක්ක ඉන්න වෙලාවට බොරුවට මාලිමාවට වගේ පෙන්නගෙන ඉන්නේ නැත්නම් විළිලැජ්ජයි අපේ ලොක්කා ගැන ප්‍රසිද්ධියේ කියන්න පවා ඔය යකා රැස්වීම් වලට ඇවිත් දොඩවන අමු ගොන් කතා නිසා...

    ReplyDelete
  2. අනුරයියට දී මනාව රු. 99999/- ලු. අනිත් අයට ඊට රුපියල රුපියල අඩුයි ලු. :))))))

    ReplyDelete