Sunday, October 26, 2025

තරුණයන් අතර ජවිපෙ කුල්ල කුජීතවීම ට හේතු!



1960 ගනන් වල බිහි වූ ජවිපෙ තරුණයන් අතර බට කැළේට ගිණි ගත්තා වගේ ජනප්‍රිය වූ පක්ශයකි. භික්ශුවකින් බලාපොරොත්තු වුනාටත් වඩා දැඩි ඇවතුම් පැවතුම් කැපකිරීමක් කර ජවිපෙ සමග අත්වැල් බැඳගැනීම ඒ බොහෝ තරුණ තරුණියන් ගේ අභිලාශය විය. තම පවුල් වලින් අයින් වෙමින්, විශ්වවිද්යාල අධ්යාපනය පවා අත හරිමින් ඔවුන් කල කැපවීම් වර්තමාන තරුණ පරපුරට සිතා ගත නොහැකිය. 


එකල තරුණ තරුණියෝ ජවිපෙට බැඳුනේ ජවිපෙ නායකයින් දේශනා කල සමාජ අසාදාරණ වලට එරෙහි නිසාය. නායකයෝ ජවිපෙ ආරම්භ කරේ ඉංග්‍රීසියෙන් කතා බහ කල, පිට රටවල උසස් අධ්යාපනය ලැබූ වාමාංශිකයන් මෙන් නොව කොමියුනිස්ට් වාදය පිලිඹඳ පොත් ඉන්ංග්‍රීසියෙන් කියවීමට නොහැකි වූ නිසා ඇති වූ මදි පුංචිකම් වසාගන්නටය.


රූපවාහිනී සහ සමාජ මාධ්ය මගින් ලෝඅකය දකින්නට හැකි කාලයේ තරුණ තරුණියන් ව බොරු කියා රැවටීම කල හැකි දෙයක් නොවේ. ඔවුන් අනිකාට සිදුවන සමාජ අසාදාරනයට සංවේදී නැත. 


මෙවැනි සංවේදී වෙනස්වීම් සිදු වූ ලාංකික සමාජයේ ජවිපෙ ට තරුණයන් අතර තිබූ තැන ගිලිහෙද්දී ජවිපෙත් තම ගොදුර වූ තරුණයන් අත හැර මැදි වයසේ බලාපොරොත්තු කඩ වූ මයිනන් සහ මයිනියන් ව ඉලක්ක කලේය. අතීතයේ තිබූ ඇවතුම් පැවතුම් නොව පන්ති පහ ද අත හැර දැමූ ජවිපෙ ඒ වෙනුවට තෝරා ගත්තේ අරූ හොරා මූ හොරා යනුවෙන් අමූලික චෝදනා එල්ල කරමින් මයිනන් අතර ඊරිසියාව පැතිරවීම ය. 


වෛරයෙන් මත් වූ මයිනන් ගේ චන්දෙයෙන් ආන්ඩුව පිහිටෙවු ජවිපෙ ධනපති පන්තිය පෙන්වා මයිනන්ටත් පොහොසත් අනාගතයක් පොරොන්දු විය. පන්ති වෛරය වෙනුවට තමන් වෛර කරනා ඉහල පන්තියට ඇතුල්වීමේ ගේට්ටුව අවහිර වී තිබීම ට වෛර කිරීමේ කලාව ජනගත කලේය. 


මයිනන් ඇන්දුනාට සමාජ ජාලා අතර සැරිසරන තරුණයන් ඇන්දී ජවිපෙ ට ආකර්ශනය වුනේ නැත. අනාගතේ මොකක් වෙද්දැයි අපි කල්පනාවෙන් බලා සිටිමු!

Friday, October 24, 2025

තායි ආන්ඩුවේ අලි ඇත්තු ත්‍රස්තවාදය පරදවමු!

 වර්තමාන තායි ආන්ඩුව ශිනවත්‍රා පවුලෙන් එලවා එලවා පලිගන්නවා, අර නහයෙන් පෙන්නන්න පුළුවන් අහවල් ආන්ඩුව අහවල් පවුලෙන් පලිගන්නවා වගේ. ශිනවත්‍රා ලා දලදා මාලිගාවේ තදබල පාර්ශව කරුවන්. ඔවුන් යම් වැදගත් වැඩකට කලින් දලදා වන්දනා කරලා පිහිට අපේක්ශා කරනවා. ඒ නිසාම ශිනවත්‍රලා පලවා හැරිය ආන්ඩුව, ඔවුන් ගේ අනුග්‍රහය ලැබූ සියලුම ප්‍රොජෙක්ට්ස් වලට ප්‍රහාර එල්ල කරනවා. ඔවුන් ලංකාවට පරිත්යාග කරපු අලි ඇත්තු වර්තමාන තායි ආන්ඩුව විසින් ආපහු ඉල්ලන එක ඒ පලිගැනීමේ එක් දිගුවක්.

මෙච්චර අලි ඇත්තු දිනපතා විවිද හේතු නිසා මැරෙන, මරාදමන රටේ විහාරස්ථාන වලට අලි ඇත්තු නෑ... තායිලන්තෙන් හිඟාකන්න ඕනි. අතීතයේ මේ රටේ හදාපු වැවු අමුණු සහ විහාරතාන ඔක්කොම හැදුවේ හීලෑ අලි ඇත්තු උපයෝගී කරගෙන. ඒ කාලේ බැකෝ සමන් ලා හෝ බැකෝ මැශින් තිබ්බෙ නෑ... අලි රොශාන් ලා නම් හිටියා වෙන්න ඇති. අමතක කරන්න එපා, පෘතුගීසීන් ලංකාවට එන කාලෙත් අපේ ලොකු ම අපනයනයක් වුනේ අලි ඇත්තු.


දැන්වත් මේ රටේ මිනිස්සු පිටරටවලින් අලි ඇත්තු හිඟා කන එක නවත්තලා අපේ රටේ අලි ඇත්තුන් ව හීලෑ කිරීම පටන් ගන්න ඕනි. වන අලි ඇතුන් විසින් කරනා වගාබිම්, දේපොල හා මිනිස් ජීවිත් හානි වගේම වන අලි ඇතුන් ගේ ජීවිත් හානි වලක්වාගැනීමේ ක්‍රමයක් තමා මේ හීලෑ කර අවශ්ය අයට මුදලට විකිනීම.