Saturday, October 19, 2024

ගම්මන්පිල ගේ ඉරණම



ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්යාල ආචාර්ය වරයෙකු වූ ජෝන් වික්ලිෆ් John Wycliffe කියන වියත් විද්වතා 1381 දී එවකට ඇරාමික් භාශාවෙන් ලතින් බසට පෙරලා පූජකයන් විසින් අර්ත දක්වන්නට යෙදුන බයිබලය සාමාන්ය ජනතාවට කියවා තේරුම් ගත හැකි වන පරිදි ඉංග්රීසි භාශාවට පරිවර්තනය කලා. ඔහු ගේ තර්කය වුනේ ශුද්ද වූ ලියැවිල්ල පූජක අතරමැදියන්ගෙන් තොරව මහා ජනතාව අතට පත් විය යුතුය කියලායි. වික්ලිෆ් ගේ ලියැවිලි ලියවලා සාමාන්ය මිනිස්සු දේව වචනය අවභෝද කරගත්තොත් තමුන්ට ලැබෙන වාසි ප්රයෝජන නැති වෙයි කියලා බය වෙච්චි පූජකයෝ වික්ලිෆ් ට දරුනු ලෙස අවවාද කලා ඒවා ප්රකාශයට පත් කරන්න එපා කියලා. ඒත් වික්ලිෆ් ඒ අනතුරු ඇඟවීම් වලට කන් නොදුන් නිසා විරුද්දව පෙත්සම් ගහලා එතුමා ව කරදරයට පත් කලා. 1377 දී එකොලොස්වන ග්රෙගරි පාප් වහන්සේ වික්ලිෆ් ව වැරදිකරුවෙක් කරලා පාප් බුලක් ඇරියා (papal bull )කියන්නෙ පාප් වහන්සේ ගේ මුද්රා ලාන්චනය යටතේ යවනා නියෝග වලට ). පූජකයෝ වික්ලිෆ් ගේ ලියවිලි එකතු කර කර ඒවා ගිනිබත් කලා.
පූජකයෝ කොපමන කරදර කලත් 1384 වනතුරු ජීවත් වෙන්න වික්ලිෆ් වාසනාවන්ත වුනා. ඔහු ගේ මරනයෙන් පස්සෙ 1415 දී පස් වන මාටින් පාප් වහන්සේ ගේ අනුමැතියෙන් වතිකානුව වික්ලිෆ් ආගමට එරෙහි වන්නෙක් ලෙස ප්රකාශ කලා. එම ආඥාව ක්රියාත්මක වුනේ 1428 දී... පූජකයන් විසින් වික්ලිෆ් භූමදානය කල ස්තානයෙන් ඔහු ගේ ඇට කටු ගොඩට අරගෙන පුච්චලා භශ්මාවශේ ස්විෆ්ට් ගංගාවේ Swift river පා කර හැරියා....
පල්ලියේ අවවාද වලට පිටින් ගිහින් වාර්තා එලියට දාන ගම්මන්පිල ගේ ඇටකටු කවදාහරි ගොඩ අරන් පුච්චලා කැලණි ගඟේ පාකරයිද සහෝදරවරුනි??

Monday, September 16, 2024

ජර්මන් ආඥාදායකයා බලයට පත්වීම...




1919 සැප්තම්බර් මාසේ හිට්ලර් ජර්මන් කම්කරු පක්ශයට සම්බන්ද වුනා...

ඔහු ඉතාම ඉක්මනින් එම පක්ශයේ ඉහල නැග්ගා

පක්ශයේ යම් ස්තාවරයක් හදාගත්තට පස්සේ එහි නායක කම ඉල්ලා හිට්ලර් බලකලා... නායක කම නොලැබුනොත් පක්ශය හැර යනවා කියලා ඔහු යකා නැටුවා...

ඉන් පසු ඔහුට පක්ශ නායකත්වය ලැබුන

1920 දී හිට්ලර් ජර්මන් කම්කරු පක්ශය රී බෑන්ඩිං කලා... ජර්මන් ජාතික සමාජවාදී කම්කරු පක්ස්ය ලෙස - Nationalsozialistische Deutsche Arbeiterpartei – NSDAP (National Socialist German Workers' Party, commonly known as the Nazi Party) . පසුව නාසි පක්ශය ලෙස හැඳින්වූයේ එම අලුත් පක්ශයයි!

තමුං දක්ශිනාශිකයෙක් වුනත් හිට්ලර් පක්ශය සමාජවාදී කියලා නම් කලේ කොමියුනිස්ට්වාදීන් ව පක්ශයට ඈඳා ගන්නයි.

1923 නොවැම්බර් මාසෙ හිට්ලර් සහ ඔහු ගේ ගෝලබාලයන් දෙදාහක් පමන ජර්මනියේ මියුනිච් නගරයට කඩා වැදුනේ ජර්මනියේ රාජ්ය බලය අල්ලාගන්නයි Beer hall putsch. එහෙත් නගරය වටා දමා තිබූ පොලිස් කෝඩෝනය හිට්ලර් ගේ අරගලකරුවන් ට වෙඩි තිබ්බා. එයින් අරගල කරුවන් පහලොස් දෙනෙක්, පොලිස්භටයන් දෙදෙනෙක් සහ පැත්තකට වෙලා අරගලේ බලං හිටපු හාදයෙක් මිය ගියා. එතනින් ශූක්ශමව පැන ගියත් පසුව හිට්ලර් ව අල්ලාගත් පොලිසිය රාජ්ය ද්‍රෝහී චෝදනා යටතේ ඔහුට නඩු පවරා වසර පහකට හිරේ දැම්මා...

එතෙක් දේශපාලන හාල් කෑල්ලක් ව සිටි හිට්ලර් ජර්මනියේ ජනතාවගේ අවධානයට ලක් වූයේ මේ රාජ්‍ය ද්‍රෝහී අරගලේ නිසායි. හිරේ ඉන්නැද්දී තමා ඔහු පසුකලෙක ඉමහත් ජනප්‍රියත්වයට පත් වූ පොත මගේ යුද්දය Mein Kampf නැමති ලිවුවේ.

පසුකාලෙක හිරෙන් නිදහස් වූ හිට්ලර් වඩා උනන්දුවෙන් පක්ශ කටයුතු කලා.. පක්ශය ගොඩ නැගුවා...

 

ජර්මන් ජනාධිපතිවරණය 1932

 

 

 

මර්තු 13 පලමු වටය

 

අප්‍රේල් 10 දෙවන වටය

 

 

 

පෝල් ෆොන් හින්ඩන්බර්ග් (ස්වාදීන ) 19,359,983 (53.0% )

 

ඇඩොල්ෆ් හිට්ලර් (ජාතික සමාජවාදී ජර්මන් කම්කරු පක්ශය (NAZY Party) 13,418,547 (36.8%)

 

 

 

හිට්ලර් පරාජය වුනා..!!

 

 

 

මහ මැතිවරණය 1932

 

 

 

නොවැම්බර් 06

 

ජාතික සමාජවාදී ජර්මන් කම්කරු පක්ශය (Nazi party) ආසන 196 (33.1%)

 

ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී පක්ශය  (Social Democratic party ) ආසන121(20.4%)

 

කොමියුනිස්ට් පක්ශය (Communist party) ආසන 100 (16.9%).

 

 

 

ජර්මන් මැතිසබය වන රීශ්ටාග් (Reichstag) හී වැඩිම ආසන හිට්ලර් ගේ ජාතික සමාජවාදී ජර්මන් කම්කරු පක්ශය හිමි කර ගත්තා

 

 

 

කර්මාන්ත, මූල්‍ය හා කෘශිකර්ම ක්ශෙස්ත්‍ර වල දැවැන්තයන් 22 ක් හිට්ලර් ව චාන්සලර් කරන්නැයි බලපෑම් කලා...

 

 

 

ඒ අනුව 1933 ජනවාරි 30 දා,  හිට්ලර් මහජන නියෝජිත ක්‍රමයට ජර්මනියේ චාන්සලර් බවට පත් වුනා..

 

1933 පෙබරවාරි 27 වෙනිදා රෑ හිට්ලර් ගේ ගෝලබාලයෝ ජර්මන් පාර්ලිමේන්තුවට ගිණි තිබ්බා... එම ගිණි තැබීම කමියුනිස්ට් පාක්ශිකයන් ගේ වැඩක් ලෙස ජනාධිපතිට සහ පාර්ලිමේන්තු මංත්‍රීවරුන්ට ඒත්තු ගන්වන්න හිට්ලර් සමත් වුනා..

 

1933 මාර්තු 23 දා රීශ්ටාග් මහජන මංත්‍රීවරු පාර්ලිමේන්තු පනතකින් (Enabling Act of 1933) ඕනෑම කරුනක් සඳහා කිසිම කෙනෙකුගෙන් නොවිමසා, කිසිම කෙනෙකුගේ අනුමැතියෙන් තොරව කටයුතු කිරීමේ විධායක බලය (plenary powers) හිට්ලර් වෙත ලබාදුන්නා  ….

 

ස්වාධීන ව ඉදිරිපත් වී 53% ලබාගත් ජනාධිපති කෙනෙකු සිටියදී 36% පමනක් ලබාගෙන පැරදුනු හාදයෙක් රටේ පූර්ණ විධ්යායක බලය අල්ලාගත්තේ එහෙමයි!!

 

රෙස්ට් ඉස් හිස්ටරි පුතා......


Wednesday, August 28, 2024

හිට්ලර් ගේ ආගමනය!




ජර්මන් ජනාධිපතිවරණය 1932 


මර්තු 13 පලමු වටය

අප්‍රේල් 10 දෙවන වටය


පෝල් ෆොන් හින්ඩන්බර්ග් (ස්වාදීන ) 19,359,983 (53.0% )

ඇඩොල්ෆ් හිට්ලර් (ජාතික සමාජවාදී ජර්මන් කම්කරු පක්ශය (NAZY Party) 13,418,547 (36.8%) 


හිට්ලර් පරාජය වේ!!


මහ මැතිවරණය 1932


නොවැම්බර් 06

ජාතික සමාජවාදී ජර්මන් කම්කරු පක්ශය (Nazi party) ආසන 196 (33.1%)

ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී පක්ශය  (Social Democratic party ) ආසන121(20.4%) 

කොමියුනිස්ට් පක්ශය (Communist party) ආසන 100 (16.9%).


ජර්මන් මැතිසබය වන රීශ්ටාග් (Reichstagහී වැඩිම ආසන හිට්ලර් ගේ ජාතික සමාජවාදී ජර්මන් කම්කරු පක්ශය හිමි කර ගනී


කර්මාන්ත, මූල්‍ය හා කෘශිකර්ම ක්ශෙස්ත්‍ර වල දැවැන්තයන් 22 ක් හිට්ලර් ව චාන්සලර් කරන්නැයි ආයාචනා කරයි


ඒ අනුව 1933 ජනවාරි 30 දා,  හිට්ලර් මහජන නියෝජිත ක්‍රමයට ජර්මනියේ චාන්සලර් බවට පත් වේ


1933 මාර්තු 23 දා රීශ්ටාග් මහජන මංත්‍රීවරු පාර්ලිමේන්තු පනතකින් ඕනෑම කරුනක් සඳහා කිසිම කෙනෙකුගෙන් නොවිමසා, කිසිම කෙනෙකුගේ අනුමැතියෙන් තොරව කටයුතු කිරීමේ විධායක බලය (plenary powers) හිට්ලර් වෙත ලබාදෙන ලදී....


රෙස්ට් ඉස් හිස්ටරි පුතා......

Wednesday, August 21, 2024

එහෙම වුනොත් මොකද වෙන්නෙ???

 


එලඹෙන ජනාධිපතිවරනේ දෙවන මනාප ගැනීමකට යන්න වේවි කියලා මැතිවරණ කොමිසම පවා සැක පහල කරමින් දෙවන මනාප ල්ළකුණු කරන ආකාරය ජනතාව දැණුවත් කරනවා..

හදිසියේදී වත් වර්තමාන ජනාධිපති එලඹෙන ජනාධිපතිවරණ පලමු හෝ දෙවන තන ලබා නොගෙනම දෙවන මනාපේ ගනින්න සිද්ද වුනොත් මොකක් වෙයිද?? දෙවන මනාපේ ගනිනකම් එයා නීතියේ හැටියට ජනාධිපති වුනත්, එයා ගේ නියෝග නිලධාරීන් පිලිගනියිද?

අවස්තාවාදී දේශපාලන සංවිදාන අරගලය වගේ ප්‍රහාර එල්ල කරයිද? මේව දැවෙන ප්‍රස්න හිටං!!!

Tuesday, August 20, 2024

චෝර නාග ගීතා සංදාන කතා වස්තුව




පොහොට්ටුවේ හිටපු නයිටික එකතුවෙලා අලුත් නාගපාලක කෙනෙක් ගාවට යන්න කුමන්ත්‍රනේ කරලා... දැන් පරන නාගපාලක ගාවට යන්න බැරි නිසා අපි පවුල් පාලනේට විරුද්දව සංදාන ගතවෙමු කියලා බොරළුනයා යෝජනාකරගෙන මිනිහම ඒකෙ ලොක්කා වෙලා පුතාටත් නිලයක් දෙන්න සෙට් වෙලා... 

සල්ගාදු ක්‍රීඩංගනේ දී හතරවෙනි ඇවරියට වැටුන රත්තර නයා තාම බූමිතෙල් වැඩිලා සිදු වුනු තුවාල වට ඩෙටොල් ගාන ගමන්...

තමුං හිටි හුඹහෙන් ම ආපු ලංසනයා, ප්‍රසන්නයා, මහින්දානන්දනයා වගේ කුඩු බඩු කප්පම් සහ පගා නයි කපලා දාලා උපාදිධාරී නයි වෙන පතිරනයා, කාංචනයා, ශෙහා නයා, කනක නයා, ප්‍රමිතනයා ඒ කියන්නෙ තෙන්නකෝ නයා වැනි උගත් නයි උඩට අරන් පොලේ ගිහින් නාග සංදර්ශනයක් තියන්නයි කස්ටිය සෙට් වෙන්නේ...

මේක කොපමන විහිලුවක් ද කියලා හිතන එස් බීනයා ඔය අලුත් සංදානෙට ගීතනයා කියලා නම දාමු කියලා ආතල් ගන්න බවයි පත්තෙර විස්තරේ කියන්නේ...