Saturday, October 24, 2020

ඩයනාකරණය වූ සීසර් ගේ මිනිමරුවෝ!!!

 


ශ්රී ලංකා පාර්මේන්තු මංත්රිනී ස ජ බ උප සභාපතිනි ඩයනා ගමගේ මැතිණිය සීසර් ව ඝාතනය කලේ මාර්ක් ඇන්තනි බව ඊයේ පාර්ලිමේන්තුවේදී ප්රකාශ කලාය. පාවාදීමක් කර එම පාවාදීම වීරක්රියාවක් ලෙස පෙන්වන්නට උත්සාහ ගැනීමේදී වයර් මාරු වී ඉතිහාසය ප්රබන්දකරණය වීම ස්වභාවික ය. එමනිසා ඇය ගේ මේ නව ඓතිහාසික සොයාගැණිමට අප සුභ පතමු!
රෝම ආඥාදායක ජූලියස් සීසර් ව රෝමයේ පොම්පේ හී සනාතන මැදුරේ දී ඝාතනය කෙරුනේ ක්රිස්තු පූර්ව 44 මාර්තු මස 15 දා ය. පුරවැසියන් ගේ අදහස් වලට ගරුකරමින් පාලනය වූ රෝම සමූහාන්ඩුව තම ආඥාදායකත්වය යටතට ගැනීමට විරුද්දව යැයි පවසමින් සීසර් ව ඝාතනය කලේ ඔහු ගේ සෙනෙටයේම සාමාජිකයන් විසිනි. සෙනේට් සභිකයන් හැට දෙනෙකු කුමන්ත්රණය කල මේ ඝාතනයට මුල් වී කටයුතු කලේ මාකස් බෘටස් (Marcus Brutus), ගේයස් කැසියස් (Gaius Cassius) සහ ඩෙසිමස් බෘටස් (Decimus Brutus) යන සෙනේට් සභිකයන් ය.
එම දෛවෝපගත දිනයේ දී සීසර් සෙනේට් සභාවට පැමිනේද්දී ලුසියස් ටිලියස් සිම්බර් (Lucius Tillius Cimber) නම් සෙනේට් සභිකයා සීසර් ගේ උර සළුව ඉවත් කර උරහිස නිරාවරණය කරදෙද්දී, පබ්ලිස් සර්වියස් කැස්කා ලොන්ගස් (Publius Servilius Casca Longus) යන සෙනේට් සභිකයා විසින් පලමු පිහි පහර සීසර් ගේ බෙල්ලට එල්ල කලේය. වහා හැරුනු සීසර් කැස්කාට ගර්ජනා කර ඔහු ගෙන් පිහිය ගැනීමට පොර බැදීය. එහි දී කැස්කා, "සොයුරනි උදවු කරන්න" යැයි අනෙක් කුමන්ත්රණ කරුවන් ට ආයාචනා කලේය. ඒ සමගම කුමන්ත්රනකරුවන් කන්ඩායමක්ම සීසර් ට පිහි වලින් පහර දෙන්නට විය.
එම කන්ඩායම අතර තමා දරුවෙක් මෙන් හදා වඩා ගත් සීසර් ගේ හිතමිත්ර බෲටස් (Marcus Junius Brutus) ද සිටිනු දැක සීසර් "ඔබත් දරුවා?" (καὶ σύ, τέκνον?) යැයි අවසන් වදන් පවසා මිය ගිය බව ඉතිහාසයේ සඳහන් ය. පසුකාලීනව ශේක්ස්පියර් ගේ ජූලියස් සීසර් නාට්යයේ "බෲටස් ඔබත්?" (Et tu Brute?) ලෙස ලතින් බසින් නිර්මානය වුනේ මේ අවසන් වදන් ය.
තියුනු ආයුද වලින් 23 වතාවක් ඇනීමේ තුවාල හේත්වෙන් වූ අධික රුධිර වහනයෙන් සීසර් මියගියේය. බෲටස් සහ අනෙකුත් කුමන්ත්රණ කරුවෝ, "රෝම ජනතාවෙනි , අප නැවත නිදහස් ය" යැයි කෑගසමින් රෝම නුවර වීදි සංචාරය කලද සීසර් ට ආදරය කල රෝම පොදු ජනයා තම දොරවල් වසාගෙන කුමන්ත්රන කරුවන් ට විරෝදය දැක්වීය.
කුමන්ත්රන කරුවන් ගේ අභිලාශය වූයේ සීසර් ගෙන් පසු බලය තම අතට ලබාගැනීමට වුවද, සීසර් ගේ කල්යාන මිත්ර මාර්ක් ඇන්ටනි (Marcus Antonius) මැදිහත් වී කුමන්ත්රනයට හවුල් නොවූ සෙනේට් සභිකයන් එක කර ගෙන වී රෝම අධිරාජ්යය කුමන්ත්රණකරුවන් ගේන් බේරාගත්තේය. සීසර් පත් කල නිලදාරීන් එම තනතුරුවලම තබා, සීසර් ගේ මුණුබුරෙකු සහ ඔහු ගේ පදවිප්රාප්තිකයා ලෙස නම් කර තිබූ ගේයස් ඔක්ටේවියස් (Gaius Octavius) ව නව නායක ලෙස පත්කිරීමට කටයුතු යෙදීය. ගේයස් ඔක්ටේවියස් සමග සීසර් ගේ කුමන්ත්රණකරුවන් හා විරුද්දවාදීන් ට එරෙහිව යුද්ද කල මාර්ක් ඇන්ටනි ගේයස් ඔක්ටේවියස් ව ඔගස්ටස් සීසර් (Caesar Augustus) නමින් අධිරාජයෙකු ලෙස ඉස්තාවර කිරීමට මහත් කාර්යභාරයක් කලේය.
එලෙස තම අබිවෘද්දිය නොව තම මිතුරු සීසර් ගේ සහ ඔහු නම් කර සිටි අනුප්රාප්තික එවකට දහ අට වියැති ගේයස් ඔක්ටේවියස් ව සීසර් හැර ගිය නායක තනතුරේ ස්ථාපනය කිරීමට දිවි නොතකා සටන් කල, සීසර් ගේ හිතෛශී මාර්ක් ඇන්ටනි ව සීසර් ගේ මිනීමරුවා ලෙස ශ්රී ලංකා පාර්ලිමේන්තුවේ දී නම් කිරීම දෛවයේ සරදමකි.
මේ කතා ඇසුනොත් සීසර් ව මරාදැමූ කුමන්ත්රනකරුවන් වන මාකස් බෘටස්, ගේයස් කැසියස් සහ ඩෙසිමස් බෘටස් පස්ස පැත්තෙන් හිනා වනු ඇත. එබැවින් මේ ගොං කතාව හැන්සාඩ් ගතකර අපේ ගොබ්බ පාර්ලිමේන්තු මංත්රී ලා ගේ කියුම් කෙරුම් ලෝකයටම ගෙනයෑමට අපි අදිටන් කරගනිමු.
Like
Comment
Share

8 comments:

  1. මෝඩ කතා හරි කිව්වට මේ ගෑනි රට වෙනුවෙන් 20 වෙනි සංශෝධනේට ජන්දේ දුන්නා. ඒක හොද නැද්ද. අනාත ජෙවිපේයි, බංකොලොත් සජියාගේ අනාථයෝ ටිකයි තමයි මේ වෙන කතාවක් ඇදලා ගන්නේ. මේ ලිපි පලවෙන්නෙත් ඒ නිසාම තමයි.

    ReplyDelete
  2. Welcome back (Wijebahu)

    ReplyDelete
  3. ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 50% වැඩි පිරිසක් කාන්තාවන් උවද කාන්තාවන් රටේ කාන්තාවන්ට චන්දය නොදීම අපුරු කාරනයකුයි .
    මොකද ඔවුන් දන්නවා මේ ස්ත්‍රී වාදිනියන් අමු අවස්ථාවාදීන් බව, බලන්න සරසා තුමෝ සජිත් ගේ පක්ෂය මේ ගෑනිව පාර්ලිමේන්තු යැව්වේ ජාතික ලැයිස්තුවෙන් එහෙම යවපු ගෑනි හැසිරෙන්නේ මෙහමයි. තව කියනවා කාන්තා නියෝජනය ගැන, කවුරුත් කියන්නේ නෑ කාන්තා නියෝජනයෙන් රටට ලැබුන ප්‍රතිලාභ ගැන.

    ReplyDelete
  4. Welcome back, good to have you

    ReplyDelete
  5. මාර්ක් ඇන්ටනි කුමන්ත්‍රණයට එහෙන් මෙහෙන් සම්බන්ධ බවට සැක තිබුනයි කියල සමහර ඉතිහාසඥයො මත පල කරල තියනව. Gaius Trebonius ඇන්තනි එක්ක සාකච්චා කලත් ඇන්ටනි එකතුවුනේ නෑ කියල තමයි පිලිගන්නෙ.https://en.wikipedia.org/wiki/Assassination_of_Julius_Caesar
    හැබැයි ඇන්ටනි කුමන්ත්‍රණය ගැන ටිකක් හරි දැනගෙන ඉඳල තියනව. //The incident where Antony was removed from his post in Italy was the beginning of the break up in his relationship with Caesar. Antony’s attitude towards his leader took a turn for the worse, and Caesar quickly grew to distrust his lieutenant. Perhaps this is why Antony never told Caesar that he was approached by conspirators. While he refused to play a role in Caesar’s assassination, his inaction sealed his master’s fate. As he would be the most senior lieutenant left alive in the event of Caesar’s death and his leader’s factions would certainly retaliate, perhaps Antony did nothing because he realized he would become the leader of the Caesarian faction?//
    https://historycollection.com/really-romes-womanizer-chief-5-interesting-facts-mark-antony/

    සැක විතරයි තියෙන්නෙ. මහරවිට ඩයනා ගමගේ මැතිනිය වෙනත් ඉතිහාසඥයන්ට නොලැබුන මූලාශ්‍ර හොයාගෙන ඇන්ටනිගේ ගිල්ට් එක තහවුරු කරගන්න ඇති. ලොකු ආඩම්බරයක් රටට

    ReplyDelete
  6. දයාබර බ්ලොග් රචකය. පසුගිය වසරක කාලයක් පුරාවට ඔබ පෝස්ටුවක් ලියා නොමැත! ඔබගේ බ්ලොගය අපගේ සින්ඩියේ 5. පුරාවස්තු (Antiques) ගොනුවේ දක්වා ඇත.බ්ලොග් ලෝකයේ ස්වර්ණමය යුගය ඇති කිරීමට අප වෙහෙස වෙයි. එයට ඔබගේ නොමසුරු වෙහෙස කැපවීම හා දායකත්වය අවශ්‍යයය. කරුණාකර නැවත ලියන්නට පටන් ගන්න. ඔබගේ ලිපි කියවන්නට පාඨකයින් බලා සිටී. ලිවීම ඇරඹීමට සුදුසුම දිනය පසුවී හමාරය! එබැවින් අදම; මේ මොහොතේම පටන් ගන්න! ස්තූතියි!

    ReplyDelete
  7. තේරුමක් නෑ. හ්ම්..

    ReplyDelete