Wednesday, January 11, 2023

දේශපාලනමය වශයෙන් වැදගත් 2023!

 මේ 2023 අවුරුද්ද දේශපාලන වශයෙන් කැරකිලා දෙකට නැවෙන අවුරුද්දකි. රජය හැර හැමෝම මැතිවරණ ඉල්ලති. මැතිවරණය පැවැත්වූවොත් තත්වය මෙසේ වනු ඇත:


පොදුජන පෙරමුණ සහ එජාප සංදානය දිනුවොත් වැඩි සංදර්ශන නැතිව රට මේ ලෙසම පවතිනු ඇත.


සජබෙ දිනුවොත් මහජනතාව සජිත් ප්‍රේමදාස මහතා රට ගොඩ ගනී යන විශ්වාසයෙන් මාස කීපය බලා සිට එය එසේ නොවී මහා වියවුලක් වූ සඳ සජිත් ට පලු යන්න බැණ, එතුමා ව දේශපාලණ අනාතයෙකු කරනු ඇත. 

පැරදුනොත්, මෙතරම් විපක්ශයට වාසි වන කලෙක මැතිවරණයක් දිනාගැනීමට හැකියාවක් නැතැයි චෝදනා කර ඔහු ව නායකත්වයෙන් පන්නා දමනු ඇත!


ජාජබ දිනුවොත් මහජනතාව අනුර කුමාර දිසානායක රට ගොඩදාන අන්දම බලා සිට එය එසේ නොවූ කල ඔහු ව දේශපාලන අනාත මඩමට යවනු ඇත.

පැරදුනොත්, මෙතරම් විපක්ශයට වාසි වන කලෙක මැතිවරණයක් දිනාගැනීමට හැකියාවක් නැතැයි චෝදනා කර අනුර වත් නායකත්වයෙන් පන්නා දමනු ඇත!


ස්තිරවම කිව හැක්කේ මේ වසරේ ප්‍රදාන දේශපාලන පක්ශ නායකයන් 

" මග හිටියොත් තෝ නසී, ගෙදර ගියත් තෝ නසී" ක්‍රමයට කෙලවාගන්නා බව ය!

4 comments:

  1. ලන්ඩන් අජිත් මේ ගැන මොකද කියන්නේ අතිගරු සාරස මැතිදුනි.

    අපි පිළිගන්නේ එතුමා කියන දේ විතරයි.

    ReplyDelete
  2. ආගම ආර්ථිකය හා දේශපාලනය කියලා කියන්නේ එකිනෙකට වෙනස් විශේෂඥ විෂයයන් වුණත් ලංකාවේ සංදර්භය (context) තුළ මේ සේරම ඉතාමත් බරපතල විදිහට එකිනෙක හා සම්බන්ධ වී තියෙනවා, බොහෝ දුරට ඉන්දියාවේ උනත් එහෙමයි.

    නමුත් ලංකාවේ දේශපාලනික කරළිය තුළ 2023 වසර ගැන සාකච්ඡා කරද්දී මූලික වශයෙන් පේන්නේ මේ 2023 අවුරුද්ද දේශපාලන වශයෙන් ඉතාමත් සංකීර්ණ තත්ත්වයක් ඇති වියහැකි බව, ලංකාවේ පාලන බලය හිමි ආණ්ඩුවේ කණ්ඩායම් හැර අන් හැමෝම මැතිවරණ ඉල්ලතත් මැතිවරණය පැවැත්වූවොත් තත්වය මෙසේ වනු ඇති බවයි පේන්නේ;

    ආණ්ඩු බලය හිමි රජය මෙහෙයවන පොදුජන පෙරමුණ සහ එජාප සංදානය දිනුවොත් වැඩි සංදර්ශන නැතිව රට මේ ලෙසම කෙටි කාලීන වශයෙන් ඇමරිකානු ඉන්දීය ආධිපත්‍යය තහවුරු වෙමින් ලංකාව තුල පතෝල වැටකොළු ආකාරයට පවතිනු ඇත. නමුත් අධික බදු බර නිසා සහ උද්ධමනය වෙනත් ප්‍රශ්න දුබල කළමනාකරණය ආදී කාරණා නිසා ජනතාව කුපිත වී ආණ්ඩුවේ ජනප්‍රියතාවය ඉක්මනට ඉවර වනු ඇත.

    ආණ්ඩුව පැරදුනොත් රාජපක්ෂ කල්ලියේ පිරිස් එජාපය හැර දමා වෙන්වී ගොස් ටික කලක් නිහඬව සිට නැවතත් කෙමෙන් කෙමෙන් විපක්ෂයේ සිට හිස ඔසවා ලංකාවේ නැවතත් අරගලයක් ආරම්භ කිරීමට කටයුතු කරනු ඇත.

    සජබෙ දිනුවොත් මහජනතාව සජිත් ප්‍රේමදාස රට ගොඩ ගනී යන විශ්වාසයෙන් මාස කීපයක් බලා සිට එය එසේ නොවී මහා වියවුලක් වූ සඳ සජිත්ට අමු තිත්ත කුණුහරුප කියමින් පලු යන්න බැන වදිමින්, සජිත්ව දේශපාලණ අනාතයෙකු ලෙස නන්දසේනට අන්ත අසරණ විදියකට පන්නා දැමීමට බොහෝ දුරට ඉඩ ඇත.

    ඔහු පැරදුනොත්, මෙතරම් විපක්ශයට වාසි වන කලෙක මැතිවරණයක් දිනාගැනීමට හැකියාවක් නැතැයි චෝදනා කර එම පක්ෂයේ උන්නතිකාමී වෙනත් කණ්ඩායම් ඔහුව පක්ෂයේ නායකත්වයෙන් පන්නා දමනු ඇත!

    ජාජබ දිනුවොත් මහජනතාව අනුර කුමාර දිසානායක රට ගොඩදාන අන්දම කෙටි කලක් බලා සිට එය එසේ නොවූ කල ඔහුවද එලෙසම දේශපාලන අනාත මඩමට යවනු ඇත.

    පැරදුනොත්, මෙතරම් විපක්ශයට වාසි වන කලෙක මැතිවරණයක් දිනාගැනීමට හැකියාවක් නැතැයි චෝදනා කර බොහෝ දුරට අනුර වත් නායකත්වයෙන් පන්නා දමනු ඇත!

    මේ නිසා ලංකාවේ දේශපාලනය දෙස පිටින් දකින පරිදි මට නම් පැහැදිලි වශයෙන් කිව හැක්කේ මේ වසරේ ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ශ නායකයන් සියලු දෙනා "මග හිටියොත් තෝ නසී, ගෙදර ගියත් තෝ නසී" ක්‍රමයට කෙලවාගන්නා බව තමයි.

    අලුත් අංකුර දේශපාලන පක්ෂ වලට යම් තරමකින් හෝ අවශ්‍ය සරුපස ඉන් පසුව නිර්මාණය වනු ඇත. එම අලුත් කණ්ඩායම් වලට සුදුසු සමාජ ආර්ථික දේශපාලනික ප්‍රතිපත්ති කුමන ආකාරයක විය යුතු ද සහ ලංකාවේ ආර්ථිකය ගොඩ දාගන්න සුදුසු කුමන වැඩ පිළිවෙළක් ද යන්න පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද දැන් ආචාර්ය කුමාර ඔබට?

    ReplyDelete