Thursday, January 19, 2023

හොරි කසපිය.. බදු ගෙවපිය!!!




කළු ටයි පටි පැලැඳ වැඩි කල බදු හකුලාගන්නැයි විරෝදතා කොරන්න සැට් වන වෘත්තික මාත්තුරුනි...


මේ රටේ වැඩිපුර ඉන්නේ රුපියල් ලක්ශයක් මාසික ආදායම නැති මිනිස්සු ය. ඔවුන් ට බදු ගෙවන්න සිදු වන්නේ නැත.


ඔබ ට වැඩි බදු ගෙවන්න වන්නේ ඔබ ඒ මිනිසුන් ගෙවනා වක්‍ර බදු ඇතුලු බදු වලින් නොමිලේ ඉගෙනගෙන උසස් රැකියාවක් කරනා බැවිනි.


ඔබ දියුනු රටක පාසැල් අවදියේ සිට ම  ජීවත් වුනේ නම් ඔයිට වඩා ගානක් උසස් අද්යාපනයේ ශිශ්‍ය ණය ලෙස මාසික වාරික ගෙවනු ඇත.


ඔබ වෙන රටක රැකියාවකට ගියත් දැණට වඩා ලොකු බද්දක් ගෙවන්න සිදු වනු ඇත..


බදු වැඩි වුනොත් වෘත්තිකයන් මේ රටෙන් පිට රටවලට යාවි වගේ බොලඳ  කතා නොකියන්න...


පිට රට යෑමට අවශ්ය උන්දැලා දැනටමත් මේ රටින් පිට වී ගොසිනි. ඉතිරිව ඉන්නේ එසේ විදේශයක ජීවත් වීමට කැමති නැති අය හෝ කොපමන කැමති වුනත් විදේශයකින් බාර නොගන්නා උන්දැලා බව සලකන්න.

යනවා යනවා කියා තර්ජනය කරන්නේ එසේ කිසිම රටකින් බාර ගැණීමකට ලක් නොවූ සූපිං කෑලි බව මතක තබාගන්න.


ඔබ තිබුන බදුත් කපාදැමූ ගෝඨා එලවන්නට පෙලපාලි ගිහිං, මාධ්ය සාකච්චා තබමින්, බිරියානි කමින් උද්‍යෝගයෙන් වැඩ කල අයෙකු නම්.... අපිටත් මේ වැඩියෙන් බදු වැදුනේ   බොලා ගේ ඒ ගොබ්බ වැඩ නිසා බව සිතේ තබාගන්න...


දැන් කොරපු මෝඩකම් වලට මක් කොරන්නද...?


කරුණාකර බදු ගෙවන්න... 


2 comments:

  1. රටේ සල්ලි පිට රටට යන එක වලක්වලා , විදේශ සිසුන්ටත් මෙහෙ ඇවිත් ඩොලර් ගෙවලා ඉගෙන ගන්න ලංකාවේම පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇති කරනවට ගොමා එක විරුද්ධයි.

    ඊට පස්සේ හොස්පිටල් වල බෙහෙත් නැති උනාම කෑ ගහනව. කොහෙද ඉතිං බෙහෙත් ආනයනය කරන්න ඩොලර්?

    බදු පනතෙන් වෙන්නේ රටේ මිලියන 3 ක්‌ පමණ වෙන පවුල් වලට අවශ්‍ය වෙන සහනාධාර සදහා ඉහල අදායම් ලබන ලක්ෂ 10 ක පමණ පිරිසක් උදව් කිරීම ල.

    අතිගරු සාරස තුමාගේ සටහනට අපගේ ආචාරය

    ReplyDelete
  2. සාරස ලොක්කා ආයෙත් ලියන එකනම් මරු!

    ReplyDelete