Sunday, January 15, 2023

මුක්තිය ඉවත් කරගත් සොරිසේන හිඟමනට....

 

ඩාර්ලි පාරේ ශ්‍රී ල නි ප කාර්යාලයේ තේ හදමින් ආවතේව වැඩ කරමින් සිටි කොලුවා වැටුප ලෙස ඉල්ලුවේ පොලොන්නරුවෙන් චන්දය ඉල්ලීමට ටිකට් එක ය. චන්දේ දිනලා යමක් කමක් හොයාගෙන පොරක් වූ එතුමා ආප්ප කා පක්ශය පාවාදී ජනාධිපති වූයේ ශ්‍රී ලාංකික ධනපතීන්, විදෙස් තානාපති සේව, විදෙස් ඔත්තු සේවා, මූලධර්මවාදී ආගමික සංවිදාන සහ ඩයස්පෝරාවේ සහායෙන් ය.


මේ ගොබ්බතුමා ලවා ශ්‍රී ලාංකික රාජ්‍යය අසමත් කරනු රිසි වූ විදෙස් ඒජන්තවරු සහ ඩයස්පෝරාව ඌරාගේ මාළු ඌරාගේ පිට උඩම තබා කපන්නා සේ ජේ ආර් ජයවර්ධන පලමු විධායක ජනාධිපති තුමා ව්යවස්තාවට එක් කල තිබූ ජනාධිපති මුක්තිය ඉවත් කලේය. දැන් ඕනෑම කොල්ලෙක් ට බල්ලෙක් ට ශ්‍රී ලංකා ජනාධිපති ට විරුද්දව මූලික අයිතිවාසිකම් නඩු පැවරිය හැකිය. මෙම මුක්තිය අයින් කරද්දී පලිගැනීමේ නොතිස් ආසාවෙන් සිටි සොරිසේන හිතුවේ ජනතාව පෝලිමේ ගොඩ් මහින්ද රාජපක්ශ ජනාධිපති තුමාට විරුද්දව මූලික අයිතිවාසිකම් නඩු දමාවි කියා ය. එහෙත් එය එසේ නොවීය.


ඒ වෙනුවට කතෝලිකයන් පෝලිමට ගොස් සොරිසේනට විරුද්දව නඩු දමා ශ්‍රේශ්ඨාදිකරනයෙන් කෝටි ඩහයක වන්දියක් ගෙවිය යුතු යැයි තීන්දුවක් ගත්තේය... 


අනුන් ගේ ලණු කා, ව්ය්වස්තාව ජනතාවාදී කරනවා කියා රාජපක්ශලාට නඩු දම්මවන්න බලා සිරි සොරිසේනට සොරි විය!


මම එන්නෙ පොලොන්නරුවෙ ඉඳන්,

සල්ලි හොඳට හම්බ කරන්,

හම්බ කරපු සල්ලි මා ලඟයි...


කතෝලිකයෝ නඩුත් දාල,

අධිකරනෙන් දඩත් කාල

බල්ල වගේ ඉන්නෙ මම තමයි....


5 comments:

  1. හායි සාරස ස' නයිස් ටු සී යූ බැක්..

    ReplyDelete
  2. මේ යකාට නං හොද වැඩේ උනේ. හිරෙත් ගියා නං හරි.

    ReplyDelete
  3. දඩ විතරයි වැරදි කාරයන්ට හිර දඩුවම් නෑ ,,, ආ මේ ඉල්ලන්කාව නේ ...

    ReplyDelete
  4. welcome back Sarasa! කොහෙදෑ ගිහින් උන්නේ?

    ReplyDelete