Saturday, January 14, 2023

වැඩිවෙන විදුලි බිලට එරෙහිව පාරට බහින්නැයි අන්තරේ ජනතාවට ආයාචනා කරයි!!

 




වැඩිවෙන විදුලි බිලට එරෙහිව පාරට බහින්නැයි අන්තරේ ජනතාවට ආයාචනා කරයි. මාස ගනනක් කොලඹ අල්ලාගෙන පරිපාලන මර්මස්ථාන වලට හා ජාතික රූපවාහිනිය ට ඇතුලු වී දස්කම් පෙන්වූ ජනතාව විදුලි බිල වැඩිවුනා කියා පාරට බසීද?


සරලව ම උත්තරය නැත යන්නය!


මාස ගනනක් කොලඹ අල්ලාගෙන පරිපාලන මර්මස්ථාන වලට හා ජාතික රූපවාහිනිය ට ඇතුලු වී දස්කම් පෙන්වූ ජනතාව එසේ කලේ ඒ වෙනුවෙන් ව්යාපාරික ප්‍රජාව, විදෙස් බුද්ධි අංශ, බෞධ විරෝදී ආගමික කන්ඩායම් පාරට බැස්ස උදවියට  කැම බීම දවසේ කුලිය වැනි දේවල් වලට කෝටි ගනන් අතදිග හැර වියදම් කල නිසා ය. බොරුවට අරගලේ කියමින් අනුන්ට අතපාන්න අව්ශ්‍ය නැති ඉහල පංතිය පාරට බැස්සේ ගෑස්, විදුලිය හා ඉන්ධන වැඩි මුදලකට වත් ලබාගත නොහැකි වූ නිසාය! 


ඔය අනුන්ට අතනොපාන යමක් කමක් ඇති අය ට විදුලිය පිලිබඳ ප්‍රශ්නයක් ඇතිවන්නේ ඉහල මුදලකට වත් එය නොලැබී ගියොත් පමණි. එසේ නොමැතිව බිල වැඩි වුනා කියා පාරට බහින්න තරම් ඔවුන් බොලඳ නැත. ඊටත් වඩා රාජ්‍ය විශ්ව විද්‍යාල හා කාර්මික විද්‍යාල වල භීශනය පතුරුවන අන්තරේ අවශ්ය වෙලාවට තමුන්ගේ ව්යාපෘති වෙනුවෙන් පාවිච්චි කරනවා විනා, අන්තරේ විසින් කරනා අණකිරීම් හෝ ආයාචනා වලට ප්‍රතිචාර දැක්වීමට තරම් සෝ කෝල්ඩ් අරගලේ එක මල්ලේ ලුණු කෑ එහෙත් අතේ මිටේ මුදල් ඇති අනුන්ට අත නොපාන උදවිය මෝඩයන් නොවේ!

2 comments:

  1. කොමෙන්ට් වෙරිෆිකේෂන් අයින් කරන්නකෝ අතිගරු සාරස මැතිතුමනි.

    ReplyDelete
  2. සාරස,

    මේ නිව්ස් එක ගැන මොකද හිතන්නේ?

    //

    ගාලුමුවදොර අරගලයේ ඉදිරිපෙල සාමාජිකයන් විශාල පිරිසක් ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා ජවිපෙ ජාතික ජන බලවේගය, සජිත් ප්‍රේමදාසගේ සජබ පක්ෂය, පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇතුළු විවිධ වර්ගයේ පක්ෂ ගණනාවක් හරහා තරඟ වැදීමට සූදානමින් සිටි.

    මෙම කණ්ඩායම් සතුව අරගලය පැවති කාලය පුරා විශාල වශයෙන් විදේශීය දේශපාලන සහ රාජ්‍ය නොවන සංවිධාන වල සහයෝගය තුලින් ලැබු මුදල් ආධාර විශාල වශයෙන් තිබෙන බවත් ඒ නිසා එම මුදලින් ඔවුන් නිවාස රථ වාහන ආදිය මිලදී ගැනීම් කර ඇති නමුත් තවමත් විශාල මුදලක් ඉතුරු වී ඇති බැවින් එම මුදලින් මැතිවරණයේදී ඉදිරිපත් වීමට ඔවුන් බොහෝ දෙනෙක් තීරණය කර ඇති අතරම ඔවුන් නිශ්චිත එක් පක්ෂයක් නොමැතිව විවිධ දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් ගණනක් හරහා තරඟ කිරීමට සැරසේ. මේ සඳහා විදේශීය විවිධ දේශපාලන සංවිධාන වලින් අවශ්‍ය උපදෙස් ලබා දෙන බවත් ඒ මත පදනම්ව විවිධාකාර දේශපාලනික කණ්ඩායම් වලට ඔවුන් එකතු වීමට තීරණය කරන බවයි නිල නොලත් ආරංචි මාර්ග වලින් පැවසෙන්නේ.

    බස්නාහිර පලාත ප්‍රධාන වශයෙන් සහ දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක කිහිපයක මෙම පිරිස් නාම යෝජනා ලබා දීමට සූදානම් වෙමින් ඇත. මේ පිළිබඳව වැඩි විස්තර ලංකාවේ ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති හරහා විස්තර කෙරෙන බවත් පැවසේ.

    - කීර්ති වර්ණකුලසූරිය (ඉරිදා දිවයින)

    //

    මේ ගැන වැඩි විස්තර ඔබට පැහැදිලි කළ හැකි ද?

    ReplyDelete