Monday, January 23, 2023

කළු සතිය ඇරඹුනේය.

 


ලක්සෙට කොඩිය දාපු හාදයෝ බදු ගැහුවොත් බලාගෙනයි යන තර්ජනාංගුලිය සමග ආන්ඩුවට පොර ටෝක් දෙමින් කළු ඇඳගෙන වැඩට එන කළු සතියේ දෙවෙනි දවස අදයි.


සැබැවින් ම කළු සතිය යන නම යෙදුනේ එවකට මහා බ්‍රිතාන්‍යය දෙවන බොඅර් යුද සමයේ (Second Boer War), 1899 දෙසැම්බර් 10 සිට 17 දක්වා  ස්ටොම්බර්ග්, මාජෙස්ෆොන්ටීන් සහ කොලෙන්සො හී දී සෙබළු 2776 ක ගේ ජීවිත බිල්ලට දෙමින් අත්පත් කරගත් පරාජයටයි. 


එහෙත් අපේ රටේ කළු සතිය උදා වුනේ සමාජයේ 0.1% පමන වන  ලස්සෙට කොඩි දැම්ම වෘත්තිකයෝ හා ගේම් ගසා පඩි පත ලස්සෙට වඩා වැඩි කරගන්නා වෘත්තිකයන් නොවනා හාදයෝ බදු වලට විරෝධ්ය පෑමයි.  


මොන විරෝධය දැම්මත් ආන්ඩුව ගානකට ගන්නා බවක් නොපෙනෙන නිසා කළු සතිය, කළු මාසය වී ඉන් පසු කළු අවුරුද්ද දක්වාම ගමන් කර ඉන් පසු රජය ද , රජයේ සේවය ද මුලුමනින් ම බිමට පාත්කරගනිමින් නියම ආතල් එකක් ලබාගනිත්වා කියා අප ප්‍රාර්තනා කරන්නේ අරගලේට ගිහිං බිරියානි කා බදු වැඩි කරගත් අපේම සගයන් ගැන අනුකම්පා කරමිනි!

3 comments:

  1. අතිගරු සාරසතුමා කළු සතිය සමරන්නේ නැද්ද?

    ReplyDelete
  2. අපි දන්නෙත් නෑ එහෙම කලු සතියක් ගැන. දැන ගත්තත් ඇඳගෙන එන්න කළු ඇඳුනුත් නෑ :(

    ReplyDelete
  3. අඳින්ට කියල කළු ඇඳුමක් හදිස්සියකටවත් නෑ නොවැ

    ReplyDelete