Thursday, January 12, 2023

චන්දය නොපැවත්වීමේ ක්‍රම සහ විධි!





එලඹෙන පලාත්පාලන මැතිවරණය ලබන මාර්තු මැදට කලින් පවත්විය යුතු බවට උසාවි නියෝගයක් ඇතැයි පැවසේ. විපක්ශය පවසන්නේ මේ ව්යාකූල අවස්තාවේ මැතිවරණයක් පැවැත්වූවොත් එය තමුන්ට අවාසි නිසා මැතිවරණ කල්දැමීමකට රජය අර අඳින බවය. 


රජය එසේ ක්‍රියාකරොත් එය ව්යවස්තාව උල්ලංඝනය කිරීමක් නිසා ව්යවස්තාවත් රැකැගෙන දැලිපිහියෙන් කිරි පැණි කන ක්‍රමයක් රජයට කියාදීමට සරස තුමා ඉදිරිපත් වේ.


හොඳින් අහගන්නලා;


මැතිවරණය කල්දමන්නේ මුදල් නැතිකම නිසානම් දීමනා හෝ අතිකාල ලබාගැණීමකින් තොරව මැතිවරණ සේවයේ යෙදීමට රජයේ සේවකයන් කැමති බවය. මේ කතාව ට නිසි මාධ්ය ආවරණයක් දී, රජයේ සේවකයන් ට දීමනා හෝ අතිකාල නොමැතිව පර්ත්යාගයෙන් මැතිවරණ කරන්න එන්නැ‍යි රජය ප්‍රසිද්දියේ ආයාචනා කල යුතුය!!


සියළු රාජ්‍ය සේවකයන් තමුන්ගේ පාක්ශිකයන් යැයි සිතා ජවිපෙ අහවල් මංඩලේ වැඩ වාසය කරන වසන්ත සමරසිංහ  සිතුවාට යතාර්තය එය නොවන බව ඔබත් මමත් දනිමු. මොකා මොන පක්ශයට සපෝට් කලත් දීමනා සහ අතිකාල නැතිව ශ්‍රී ලංකාවේ අභිමානවත් රාජ්‍ය සේවකයන් නියපොත්තක් වත් හෙල්ලන්නේ නැති බවත් අප සැම දනිමු!


සල්ලි දෙන්නෙ නැත්නම් මැතිවරණ නෑ කියමින් ස්ටාලින් ලා ප්‍රමුඛ රාජ්‍ය සේවකයන් පෙලපාලි ගොස්, විරෝදතා පවත්වා රජයට අවශ්‍ය මැතිවරණ කල් දැමීම නොමිලේම කර දෙනු ඇත!

3 comments:

  1. බන්ධුල කුදලාගම මැතිඳු වෙත! ඔබ විසින් අපගේ සින්ඩියට කමෙන්ටුවක් ලෙස ඔබගේ වියනුව පිළිබඳ සටහනක් එක් කොට ඇතත් එයට පෙර සිට ඔබගේ බ්ලොගය අපගේ සින්ඩියේ "පුරා වස්තු වසර 1 - 3 දක්වා නොලියවුනු" කොලමේ රැඳී තිබුනි. එහෙත් මහත්වූ සතුටක් මෙන්ම පුදුමයක් ලෙස ඔබ නැවත ලිවීම අරඹා තිබීම සමග මේ වන විට එය "බ්ලොග් සඟරා" තීරයේ යෙහෙන් වැජඹේ.
    අපගේ සින්ඩිය පිළිබඳව කියනවා නම් දැනට අවකශයේ පවතින වඩාත් විශාල පරාසයක් පුරා පැතිරී ඇති සින්ඩිය අපගේ "සඳකඩ පහන" සින්ඩියයි!
    අපගේ සින්ඩිය පිළිබඳව ඔබගේ බ්ලොගය මගින් ප්‍රචාරණයක් ලබා දෙන්නේ නම් මැනවි!

    ReplyDelete
  2. අඩේ සාරා තමුසේගේ මොළේ තමයි මොළේ මාර ප්ලෑන් එකක් වගේ නේද? ඇත්තටම ඕක කරල බලන්න තියෙන්නෙ ආණ්ඩුවේ හෝතඹුවන්ට.... එක ගලෙන් කුරුල්ලො දෙන්නයි නෙවෙයි කීප දෙනෙක්ම නෙලා ගන්න පුළුවන් වේවි නේද?

    ReplyDelete