එජාප, ශ්‍රිලනිප, පොහොට්ටු, සජබ ආදී ධනපති හෝ
මැද පක්ශ වල බෞද්ධ නායකයෝ කුඩාකාලෙ දහම් පාසැල් ගිය අය. එයාලගේ මවු පියෝ ගමේ පන්සලට
සහ සමහර විට තව පන්සල් කීපෙකටම දාන මාන පූජා කරපු, පේරු දානේ කරපු,
කඨින පිංකම් කරපු, පොඩි හාමුදුරුවන් වහන්සේලා ගේ අධ්යාපනයට අධාර කරපු උදවිය.
ඒ නිසා මේ දේශපාලන නායකයෝත් පන්සලට, චීවරේට, බුදු පිලිමෙට සහ
ස්වාමීන් වහන්සේලාට ගරු කරනවා. ඒක ඒතුමන් ලාගේ
හද පතුලෙන්, තම පවුල් ආශ්‍රයෙන් ගොඩනැගුනු සිතුවිල්ලක්.
හැබැයි සමහර දේශපාලන නායකයෝ ඕකෙ අනිත් පැත්ත. ඒ හාදයෝ පන්සලට,
චීවරේට, බුදු පිලිමෙට සහ ස්වාමීන් වහන්සේලාට ගරු කරන්නෙ නෑ. ඒකට හේතුව
තමා ඒ ගොල්ලන්ගෙන් බහුතරයක් කුඩා කාලෙ පන්සල් ආශ්‍රයෙන් හැදුනු උදවිය වුනාට පන්සල්
වලට දාන මාන කරන්න, කඨින පින්කම් කරන්න, පේරු දානෙ දෙන්න
හැකියාවක් නැති පවුල් වලින් ආව නිසා. ඒගොල්ලෙ බොහෝ විට ගමේ පන්සලේන් යැපුනු අය. බුද්ධ
පූජාවට වගකියපු අය. පොඩි හාමුදුරුවරුන් ආශ්‍රය කරමින් එතුමන් ලාට පිරිකර වහයෙන් ලැබේනා
දේවල් පරිහරණය කරපු අය.
එයින් තවත් සමහරු තමුං ගේ දරිද්‍රතාවය නිසාම වඩා හොඳ ජීවන
තත්වයක් පතාගෙන මහණ වෙච්චි උදවිය... ඒ පොඩි හාමුදුරුවරු ගමේ දායකයන් ගේ පුද පූජා නිසා
වඩා හොඳ ජීවිතයක් ගත කරලා උසස් අධ්යාපනේට විශ්ව විදාලෙටත් ඇවිත් උපාධිය ගත්තාම උපැවදි
වුනු අය. එවන් සමහර පොඩි හාමුදුරුවරු ගමේ ප්‍රභූන් ගේ සහ අතමිට ඇති අය ගේ දාන වලට ඔවුන්
ගේ නීවෙස් වලට වැඩියාම පුණානුමෝදනා කරන ගමන් හිත යටින් ඒ නිවාස, යාන වාහන තමුං ගේ ගිහි කල නිවාස එක්ක සංසංදනේ කරලා ඊරිස්යා වෙච්චි අය. තවත්
සමහරු නොයෙකුත් තර්ජන වජින් ජීවිතේ බේරගන්න සිවුර පෙරෝගත්තු අය.
සමහර පාර්ලිමේන්තු සහ පලාත්පාලන නියෝජිතයෝ අතරේ මේ වගේ අය
සෑහෙන ප්‍රමානයක් ඉන්නවා. එතුමන් ලා පන්සලට, චීවරේට,
බුදු පිලිමෙට සහ ස්වාමීන් වහන්සේලාට ගරු කරන්නෙ නෑ.... එතුමන්ලාට එවැනි දේවල්
දැක්කාම තමුං කරපු වැදි වැඩ ගැන වරදකාරී චිත්තයක් පහල වෙනවා... අපායට අත වනනවා පේනවා...
පිනට දානෙ කාලා නේද හිටියේ කියලා තම්ං එක්කම කලකිරිලා කේන්ති යනවා...පස්චත්තාප වෙනවා...
ඒ නිසාම එතුමන්ලා පුළුවන් තරම් පන්සලට, චීවරේට, බුදු පිලිමෙට සහ ස්වාමීන් වහන්සේලාට අංචි අදිනවා... අංචි
අදින්නන් ට උඩගෙඩි දෙනවා... මේ දේ තේරුම් ගත්තාම ජීවිතේ පහසු වෙනවා.
ඔබ සැමට තෙරුවන් සරණයි!