Tuesday, April 7, 2026

තෙල් අර්බුදය සහ සැඟවුනු වාසි: ශ්‍රී ලංකා මිණිරන් වලට විශාල ඉල්ලුමක්?

 



 


හෝර්මුස් සමුද්‍ර මාර්ගය හරහා ගමනාගමනයට බලපාන මැද පෙරදිග යුද්ධය නැවතත් ලෝකය තුළ තෙල් සැපයුම් පිළිබඳ ගැටළු ඇති කර ඇත.

එහෙත්, සමහර විට එය ශ්‍රී ලංකාවට අපේක්ෂා නොකළ වාසියක් ලබා දෙන තත්ත්වයක් උදා කල හැකි ය.

වර්තමාන ලෝක ආර්ථිකය තෙල් පමණක් මත පමනක් රඳා නොපවතී. ලෝක ආර්තිකය දැඩි ලෙස එකිනෙක හා අන්තර්සම්බන්ධිත සැපයුම් දාම මත රඳා පවතින අතර, එක් අංශයක බාධාවක් අනෙක් බොහෝ අංශ වෙත ගලා යයි.  මේ අර්බුදයේ නොසලකා හැරෙන එහෙත් දැඩි ලෙස වර්තමාන ලෝක ආර්තිකයට  බලපෑමක් කරනු ලබන ද්‍රව්යයක් වන්නේ ලිතියම්-අයන බැටරි සඳහා අත්‍යවශ්‍ය ද්‍රව්‍යයක් වන කෘත්‍රිම මිණිරන් ය.

කෘත්‍රිම  මිණිරන් නිෂ්පාදනයට බොර තෙල් පිරිපහදු කිරීමේ අපපද්‍රව්‍යයක් වන පෙට්‍රෝලියම් කෝක් petroleum coke භාවිතා කරයි. එහෙත්  කෘත්‍රිම  මිණිරන් නිෂ්පාදනයට ඉතා විශාල බලශක්තියක් අවශ්‍ය වේ. තෙල් සැපයුම් අඩුවූ විට, පිරිපහදු අපද්‍රව්ය නිෂ්පාදනය අඩු වන අතර බලශක්ති වියදම්ද ඉහළ යයි. එය කෘත්‍රිම කෘත්‍රිම  මිණිරන් නිෂ්පාදනය ට දැඩි ලෙස බලපෑම් ඇති කරන්නකි.

 

විදුලි වාහන මගින් ගමනාගමනය සහ පුණර්ජනනීය බලශක්ති ගබඩා කිරීම වෙත ලෝකය වේගයෙන් මාරු වන මේ අවධියේ කෘත්‍රිම  මිණිරන් වල  වැදගත්කම ඉතාමත් ඉහල තලයකට පත් වන්නේ ඒවා ලිතියම්-අයන බැටරිවල අත්‍යවශ්‍ය අමුද්‍රව්යයක් නිසා ය. විශේෂයෙන් ලිතියම් අයන් ෆොස්ෆේට් lithium iron phosphate (LFP) බැටරිවල ඇනෝඩ නිශ්පාදනයට  මිණිරන් අත්යාවශ්ය ය . විදුලි වාහන භාවිතය වේගයෙන් වැඩි වන විට, LFP බැටරිවල ඉල්ලුම ඉහළ යයි. මෙය  මිණිරන්  සාම්ප්‍රදායික කාර්මික ඛනිජයකින් එහාට ගෙන ගොස්, ගෝලීය බලශක්ති ගබඩා කිරීමේ අත්‍යවශ්‍ය සම්පතක් බවට පත් කර ඇත.

 

ශ්‍රී ලංකාව ඉහළ පිරිසිදු vein graphite නිෂ්පාදනය කරන අතොලොස්සක් වූ  රටවල් අතරින් එකකි. Vein graphite  95–99% කාබන් අන්තර්ගතය ඇති, අති උසස් ස්වභාවික   මිණිරන් විශේශයකි. ලෝක වෙලෙඳපොලේ බහුල මිණිරන් වලට වඩා මෙය විශේශ වන්නේ, ඉහල ගුණාත්මක මට්ටමට පත් කිරීමට ඉතා අඩු ආයාසයක් අවශ්ය නිසා ය.

කෘත්‍රිම මිණිරන් සහ ඛනිජ තෙල් ය්ධය නිසා සීමා වන විට, ස්වභාවික මිණිරන් වලට ඉතා ඉහල වටිනාකමක් ලැබීම ස්වභාවිකය. ශ්‍රී ලංකාව මේ වෙළඳපොළේ ගෝලීය වැදගත්කමක් ඇති සම්පතක් මත සිටී.

බැරෑරුම් ප්‍රශ්නය වන්නේ මේ තත්වය හඳුනාගෙන ඊට සූදානම්ව අපේ රට ක්‍රියා කරනවාද යන්නයි.

දශක ගණනාවක් තිස්සේ, ශ්‍රී ලංකාවේ ස්වභාවික මිණිරන් කර්මාන්තයBogala Graphite Lanka PLC සහ Kahatagaha Graphite Lanka Ltd— වැනි ආයතන මගින් සිදු කෙරේ. ශ්‍රී ලංකාව මිණිරන් බොහෝ ප්‍රමාණයක් ඛනිජයක් ලෙස ම හෝ අර්ධ පිරිපහදු ආකාරයෙන් අපනයනය කරයි. එමඟින් සැබෑ වටිනාකමෙන් කුඩා කොටසක් පමණක් ශ්‍රී ලංකාවට ලැබේ. සැබෑ ආර්ථික අවස්ථාව වන්නේ අගය එකතුකිරීමේ ක්‍රියාවලිඅ ඉහළට ගෙන යාමයි. පිරිපහදුව, spheroidisation, සහ අවසානයේ බැටරි වලට සුදුසු-ගුණාත්මක ඇනෝඩ් නිෂ්පාදනය ආරම්භ කිරීමේ කාලය දැන් එලඹ ඇත!

හෝර්මුස් අර්බුදය ඛනිජතෙල් අවදානම පිළිබඳ අනතුරු ඇඟවීමක් ලෙස පමණක් නොව, අපේ රටට යම් ආර්තික අවස්තාවන් උදාකරනා සංසිධ්දියක් ලෙස ද හඳුනාගත යුතුය. වේගයෙන් වෙනස් වන  වන ලෝකයක, මිණිරන් වැනි ද්‍රව්‍ය fossil fuels මෙන් ම අත්‍යාවශ්‍ය බව පසක් කර ගත යුතුය!

ශ්‍රී ලංකාවට මිණිරන් සම්පත ඇත. අවශ්‍ය වන්නේ අවස්ථාවන් හඳුනා ගැනීම, නිවැරදි දැක්ම සහ නිවැරදි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමයි

අද ගෝලීය අස්ථිරතාවය, බුද්ධිමත් ව  ක්‍රියා කළහොත්, හෙට ශ්‍රී ලංකාවේ වාසනාව බවට පත්විය හැක.

Tuesday, March 3, 2026

ඉරාන වැසියනි, මේ දුශ්කර අවධියේ ඔබ ගේ ධෛර්යය සහ හැසිරීම පුදුම සහගත ය. මා එය ඉහලින් ම අගේ කරමි! හිස නමා ආචාර කරමි!

 

අමෙරිකාව සහ ඉශ්‍රායලය ඉරානයට පහරදීම සම්බන්දයෙන් මාධ්‍ය මෙහෙයුමක් ද අරඹා ඇති බව බොහෝ දෙනා දන්නා කරුණකි. බොහෝ මාධ්‍ය අමෙරිකා සහ ඊශ්‍රායෙල් පක්ශපාතී නිසා අපට ඉරානයේ නොහොඳත් අමෙරිකාවේ සහ ඊශ්‍රායලයේ හොඳත් හුවා දැක්වෙන බවත් අවිවාදිතය.


එවන් පසුබිමක වුවද, බටහිර මාධ්‍ය පවසන පරිදි උන්මත්තක මිනීමරුවෙකු ලෙස කටයුතු කල තමුන් ගේ අධ්‍යාත්මික නායකයා අහසින් පහරදී මරා දමා තිබියදී ද ඔහු වෙනුවෙන් දහස් සංඛ්යාත ඉරාන වැසියෙන් ප්‍රසිද්දියේ වීථි බැස තම ශෝකය ප්‍රකාශ කරනු අප සැම දැක්කෙමු. ලොක්කා ට ශෝකය පල නොකරොත් වාඩුව ගන්න දෙවන ලොක්කෙකුත් නැත. දෙවන සහ තෙවන පෙල, දහ වන පෙල විතර දක්වාම ලොක්කෝ බෝම්බ ප්‍රහාර වලින් මරණයට පත් ව ඇති පසුබිමක, ආවොත් අරක්කු කාලයි බත් පැකට් එකයි, රුපියල් පන්දාහයි දීමට කෙනෙකුත් නොසිටින තත්වයක් යටතේ,  තම නායකයා ට ගැහුවා මෙන් තමන්ට ද අහසින් ම ගසා දමාවි කියා ඔවුන් බියේ සැඟවුනේ නැත. දස දහස් ගනනින් ඔවුන් ප්‍රසිසිද්දියේ වීථි බැස අමෙරිකාවෙන් හා ඊශ්‍රායලයෙන් පලිගන්නා බවට ශපත ක්ලහ, තවමත් කරමින් පවතී.


ඉරානයට සැතපුම් දහස් ගනනක් ඔබ්බේ වූ ලංකාවේ වැසියෝ ඉන්ධ්න ලබාගැනීමට පෝලිම් ගැසී සිටියද, එවන් පෝලිම් ඉරානයේ නැත. කෑම බීම සහ අනෙකුත් පාරිභෝගික භාන්ඩ ලුහු ලුහුව මිලදී ගැනීමට වෙලෙඳ සැල් වෙත රොක් වී පෝලිමේ සිටිනු දක්නට නැත. තවමත් ඉරානයට අහසින් ටොන් ගනනින් බෝම්බ හෙලත්දී එහි ජනතාව අධිශ්ඨානයෙන් යුතුව තම තමන්ගේ වැඩ රාජකාරී වල යෙදෙමින් ජන ජීවිතය ගෙනයනු පෙනේ. එසේ නොවුනානම් මේ වනවිට සෑම රූපවාහිනී චැනලයකම පෙන්වන්නේ පෙට්‍රෝල් පෝලිමෙ ගහ මරා ගන්නා ඉරාන වැසියන් ය!! වෙලෙඳසැල් හිස්කරමින් ආහාර එකතු කරනා ඉරාන ජනතාව ය!


යම් හෙයකින් ඉහල ඇවරියේ සියලු නායකයන් හා යුධ හමුදා නිලධාරීන් මරා දමා මෙවන් බෝම්බ තොග ගනන් වැටෙනා අස්වස්තාවකට පත් වූවොත් අමෙරිකාවේ, ඉශ්‍රායෙලයේ හෝ අඩුම වශයෙන් අපේ රටේ සාමාන්‍ය ජනතාව කෙසේ හැසිරෙයි ද??


ඉරාන වැසියනි, මේ දුශ්කර අවධියේ ඔබ ගේ ධෛර්යය සහ හැසිරීම පුදුම සහගත ය. මා එය ඉහලින් ම අගේ කරමි! හිස නමා ආචාර කරමි!

Tuesday, November 25, 2025

සමහර දේශපාලන නායකයෝ පන්සල් වලට බුදු පිලිම වලට සහ ස්වාමීන් වහන්සේලාට සලකන විදිය...

 



 

එජාප, ශ්‍රිලනිප, පොහොට්ටු, සජබ ආදී ධනපති හෝ මැද පක්ශ වල බෞද්ධ නායකයෝ කුඩාකාලෙ දහම් පාසැල් ගිය අය. එයාලගේ මවු පියෝ ගමේ පන්සලට සහ සමහර විට තව පන්සල් කීපෙකටම දාන මාන පූජා කරපු, පේරු දානේ කරපු, කඨින පිංකම් කරපු, පොඩි හාමුදුරුවන් වහන්සේලා ගේ අධ්යාපනයට අධාර කරපු උදවිය. ඒ නිසා මේ දේශපාලන නායකයෝත් පන්සලට, චීවරේට, බුදු පිලිමෙට සහ ස්වාමීන් වහන්සේලාට ගරු කරනවා.  ඒක ඒතුමන් ලාගේ හද පතුලෙන්, තම පවුල් ආශ්‍රයෙන් ගොඩනැගුනු සිතුවිල්ලක්.

 

හැබැයි සමහර දේශපාලන නායකයෝ ඕකෙ අනිත් පැත්ත. ඒ හාදයෝ පන්සලට, චීවරේට, බුදු පිලිමෙට සහ ස්වාමීන් වහන්සේලාට ගරු කරන්නෙ නෑ. ඒකට හේතුව තමා ඒ ගොල්ලන්ගෙන් බහුතරයක් කුඩා කාලෙ පන්සල් ආශ්‍රයෙන් හැදුනු උදවිය වුනාට පන්සල් වලට දාන මාන කරන්න, කඨින පින්කම් කරන්න, පේරු දානෙ දෙන්න හැකියාවක් නැති පවුල් වලින් ආව නිසා. ඒගොල්ලෙ බොහෝ විට ගමේ පන්සලේන් යැපුනු අය. බුද්ධ පූජාවට වගකියපු අය. පොඩි හාමුදුරුවරුන් ආශ්‍රය කරමින් එතුමන් ලාට පිරිකර වහයෙන් ලැබේනා දේවල් පරිහරණය කරපු අය.

 

එයින් තවත් සමහරු තමුං ගේ දරිද්‍රතාවය නිසාම වඩා හොඳ ජීවන තත්වයක් පතාගෙන මහණ වෙච්චි උදවිය... ඒ පොඩි හාමුදුරුවරු ගමේ දායකයන් ගේ පුද පූජා නිසා වඩා හොඳ ජීවිතයක් ගත කරලා උසස් අධ්යාපනේට විශ්ව විදාලෙටත් ඇවිත් උපාධිය ගත්තාම උපැවදි වුනු අය. එවන් සමහර පොඩි හාමුදුරුවරු ගමේ ප්‍රභූන් ගේ සහ අතමිට ඇති අය ගේ දාන වලට ඔවුන් ගේ නීවෙස් වලට වැඩියාම පුණානුමෝදනා කරන ගමන් හිත යටින් ඒ නිවාස, යාන වාහන තමුං ගේ ගිහි කල නිවාස එක්ක සංසංදනේ කරලා ඊරිස්යා වෙච්චි අය. තවත් සමහරු නොයෙකුත් තර්ජන වජින් ජීවිතේ බේරගන්න සිවුර පෙරෝගත්තු අය.

 

සමහර පාර්ලිමේන්තු සහ පලාත්පාලන නියෝජිතයෝ අතරේ මේ වගේ අය සෑහෙන ප්‍රමානයක් ඉන්නවා. එතුමන් ලා පන්සලට, චීවරේට, බුදු පිලිමෙට සහ ස්වාමීන් වහන්සේලාට ගරු කරන්නෙ නෑ.... එතුමන්ලාට එවැනි දේවල් දැක්කාම තමුං කරපු වැදි වැඩ ගැන වරදකාරී චිත්තයක් පහල වෙනවා... අපායට අත වනනවා පේනවා... පිනට දානෙ කාලා නේද හිටියේ කියලා තම්ං එක්කම කලකිරිලා කේන්ති යනවා...පස්චත්තාප වෙනවා...

 

ඒ නිසාම එතුමන්ලා පුළුවන් තරම් පන්සලට, චීවරේට, බුදු පිලිමෙට සහ ස්වාමීන් වහන්සේලාට අංචි අදිනවා... අංචි අදින්නන් ට උඩගෙඩි දෙනවා... මේ දේ තේරුම් ගත්තාම ජීවිතේ පහසු වෙනවා.

 

ඔබ සැමට තෙරුවන් සරණයි!

Sunday, October 26, 2025

තරුණයන් අතර ජවිපෙ කුල්ල කුජීතවීම ට හේතු!



1960 ගනන් වල බිහි වූ ජවිපෙ තරුණයන් අතර බට කැළේට ගිණි ගත්තා වගේ ජනප්‍රිය වූ පක්ශයකි. භික්ශුවකින් බලාපොරොත්තු වුනාටත් වඩා දැඩි ඇවතුම් පැවතුම් කැපකිරීමක් කර ජවිපෙ සමග අත්වැල් බැඳගැනීම ඒ බොහෝ තරුණ තරුණියන් ගේ අභිලාශය විය. තම පවුල් වලින් අයින් වෙමින්, විශ්වවිද්යාල අධ්යාපනය පවා අත හරිමින් ඔවුන් කල කැපවීම් වර්තමාන තරුණ පරපුරට සිතා ගත නොහැකිය. 


එකල තරුණ තරුණියෝ ජවිපෙට බැඳුනේ ජවිපෙ නායකයින් දේශනා කල සමාජ අසාදාරණ වලට එරෙහි නිසාය. නායකයෝ ජවිපෙ ආරම්භ කරේ ඉංග්‍රීසියෙන් කතා බහ කල, පිට රටවල උසස් අධ්යාපනය ලැබූ වාමාංශිකයන් මෙන් නොව කොමියුනිස්ට් වාදය පිලිඹඳ පොත් ඉන්ංග්‍රීසියෙන් කියවීමට නොහැකි වූ නිසා ඇති වූ මදි පුංචිකම් වසාගන්නටය.


රූපවාහිනී සහ සමාජ මාධ්ය මගින් ලෝඅකය දකින්නට හැකි කාලයේ තරුණ තරුණියන් ව බොරු කියා රැවටීම කල හැකි දෙයක් නොවේ. ඔවුන් අනිකාට සිදුවන සමාජ අසාදාරනයට සංවේදී නැත. 


මෙවැනි සංවේදී වෙනස්වීම් සිදු වූ ලාංකික සමාජයේ ජවිපෙ ට තරුණයන් අතර තිබූ තැන ගිලිහෙද්දී ජවිපෙත් තම ගොදුර වූ තරුණයන් අත හැර මැදි වයසේ බලාපොරොත්තු කඩ වූ මයිනන් සහ මයිනියන් ව ඉලක්ක කලේය. අතීතයේ තිබූ ඇවතුම් පැවතුම් නොව පන්ති පහ ද අත හැර දැමූ ජවිපෙ ඒ වෙනුවට තෝරා ගත්තේ අරූ හොරා මූ හොරා යනුවෙන් අමූලික චෝදනා එල්ල කරමින් මයිනන් අතර ඊරිසියාව පැතිරවීම ය. 


වෛරයෙන් මත් වූ මයිනන් ගේ චන්දෙයෙන් ආන්ඩුව පිහිටෙවු ජවිපෙ ධනපති පන්තිය පෙන්වා මයිනන්ටත් පොහොසත් අනාගතයක් පොරොන්දු විය. පන්ති වෛරය වෙනුවට තමන් වෛර කරනා ඉහල පන්තියට ඇතුල්වීමේ ගේට්ටුව අවහිර වී තිබීම ට වෛර කිරීමේ කලාව ජනගත කලේය. 


මයිනන් ඇන්දුනාට සමාජ ජාලා අතර සැරිසරන තරුණයන් ඇන්දී ජවිපෙ ට ආකර්ශනය වුනේ නැත. අනාගතේ මොකක් වෙද්දැයි අපි කල්පනාවෙන් බලා සිටිමු!

Friday, October 24, 2025

තායි ආන්ඩුවේ අලි ඇත්තු ත්‍රස්තවාදය පරදවමු!

 වර්තමාන තායි ආන්ඩුව ශිනවත්‍රා පවුලෙන් එලවා එලවා පලිගන්නවා, අර නහයෙන් පෙන්නන්න පුළුවන් අහවල් ආන්ඩුව අහවල් පවුලෙන් පලිගන්නවා වගේ. ශිනවත්‍රා ලා දලදා මාලිගාවේ තදබල පාර්ශව කරුවන්. ඔවුන් යම් වැදගත් වැඩකට කලින් දලදා වන්දනා කරලා පිහිට අපේක්ශා කරනවා. ඒ නිසාම ශිනවත්‍රලා පලවා හැරිය ආන්ඩුව, ඔවුන් ගේ අනුග්‍රහය ලැබූ සියලුම ප්‍රොජෙක්ට්ස් වලට ප්‍රහාර එල්ල කරනවා. ඔවුන් ලංකාවට පරිත්යාග කරපු අලි ඇත්තු වර්තමාන තායි ආන්ඩුව විසින් ආපහු ඉල්ලන එක ඒ පලිගැනීමේ එක් දිගුවක්.

මෙච්චර අලි ඇත්තු දිනපතා විවිද හේතු නිසා මැරෙන, මරාදමන රටේ විහාරස්ථාන වලට අලි ඇත්තු නෑ... තායිලන්තෙන් හිඟාකන්න ඕනි. අතීතයේ මේ රටේ හදාපු වැවු අමුණු සහ විහාරතාන ඔක්කොම හැදුවේ හීලෑ අලි ඇත්තු උපයෝගී කරගෙන. ඒ කාලේ බැකෝ සමන් ලා හෝ බැකෝ මැශින් තිබ්බෙ නෑ... අලි රොශාන් ලා නම් හිටියා වෙන්න ඇති. අමතක කරන්න එපා, පෘතුගීසීන් ලංකාවට එන කාලෙත් අපේ ලොකු ම අපනයනයක් වුනේ අලි ඇත්තු.


දැන්වත් මේ රටේ මිනිස්සු පිටරටවලින් අලි ඇත්තු හිඟා කන එක නවත්තලා අපේ රටේ අලි ඇත්තුන් ව හීලෑ කිරීම පටන් ගන්න ඕනි. වන අලි ඇතුන් විසින් කරනා වගාබිම්, දේපොල හා මිනිස් ජීවිත් හානි වගේම වන අලි ඇතුන් ගේ ජීවිත් හානි වලක්වාගැනීමේ ක්‍රමයක් තමා මේ හීලෑ කර අවශ්ය අයට මුදලට විකිනීම. 

Tuesday, September 9, 2025

ෆීනයිල් ඇසිටෝන්

 




ෆීනයිල් ඇසිටෝන් (Phenylacetone, also known as phenyl-2-propanone) කියන්නෙ පාටක් නැති වතුරෙ දිය නොවන තෙල් වගේ සංයෝගයක්. මහා පරිමානෙන් මෙතැම්ෆෙටමීන් හෙවත් "අයිස්" හදන්න ගන්න අමුද්‍රව්යයක් නිසා ඒක දෙවන කාන්ඩයේ පාලනය කල රසායන ද්‍රව්යයක් හැටියට ඇමෙරිකා එක්සත් ජනපදය 1980 දී නීති සම්මත කලා Schedule II controlled substance in the US of A.

එය රහසිගතව ප්‍රවාහනය කරන විදියක් තමා ඔය ද්‍රාවන උරාගන්න හැකියාව ඇති ටැල්ක් ස්ටෝන් වගේ දේවල්  ෆීනයිල් ඇසිටෝන් ද්‍රාවනයේ බස්සලා ඔක්කොම උරාගත්තතාට පස්සෙ එම ගල් කන්ටේනරේක දාලා  යවන එක. පස්සෙ අවශ්ය තැන දී ඒවා කාබනික ද්‍රාවනයක ගිල්ලුවාම ෆීනයිල් ඇසිටෝන් ගල් වලින් ද්‍රාවනයට යනවා. පස්සේ එම ගල් වල ඇති වටිනාකමක් නෑ... ඒවා ගෙනිහිං කොහේ හරි විසිකරන්න අවශ්යයි.

එහෙම වෙන් කරගත්තු ෆීනයිල් ඇසිටෝන් රසායන ක්‍රියා අදියර තුනකින් මෙතැම්ෆෙටමීන් බවට පත් කරන්න පුලුවන්. ෆීනයිල් ඇසිටෝන් සිට ඒවා මෙතැම්ෆෙටමීන් බවට පත් කරනා රසායන බොහොමයක් වාශ්පශීලී නිසා අඩු පරිසර උශ්නත්වයක් තියෙන තැනක මේ කියාවලිය මහා පරිමාණ වායු සමනය කරන විසාල උපකරන නැතිව  කරන්න පුලුවන්.


මගේ කතාව අවසානයි.

කියැවූ ඔබ සැමට ඉස්තූතියි.

Monday, September 8, 2025

අයිස්


අයිස් හදන්න අවස්ය මැසිම ශීතකරණයක් කියලා දැනගත්තු ලැරිසින්කාවේ ජනාධිපතියා ශීතකරණ ආනයනය තහනම් කලා... දවසක් රතු ලේබල් කන්ටේනරේක ශීතකරන ඉම්පෝර්ට් කරාපු හාදයෙක් කස්ටම් එකට සෙල්ලමක් දාලා වරායෙන් ඒක පන්නගෙන ගියා. මිනිහා ශීතකරෙණ ගෙදර ගෙනිහිං ඒකෙ කොරුගේටඩ් කාර්ටන් එකයි පැකිං වලට ආපු රිජිෆෝම් ටිකයි අරං ගිහිං අනුන් ගෙ ඉඩමක හැංගුවා....ඒක වීසිකරපු පෙට්ටි සහ රිජිෆෝම් දැක්ක එකෙක් පොලිසියට ඔත්තුවක් දීලා ෆ්‍රිජ් එකක් හංගලා කියලා... පොලිසිය ඇවිත් ඒ වීසිකරපු පෙට්ටිය සහ රිජිෆෝම් දැකලා රජයේ රස පරීක්සකටයි මීඩියා කාරයන්ටයි එන්න කියලා... රස පරීක්සක රිජිෆෝම් කෑල්ලක් කාලා ඒක ශීතකරණයක් කිවුවලු... මීඩියා කාරයෝ ඔන්න ශීතකරණයක් සොයාගත්තෝ කියලා හෙඩ් ලයින්ස් ලිවුවලු...

Wednesday, July 30, 2025

සෝවියට් රුසියාව ගොඩනැඟීමේ පසුබිම

 


1917 ඔක්තෝබර් විප්ලවයෙන් පසු, බොල්ෂෙවික් පක්ෂය (ළෙනින්ගේ නායකත්වයෙන්) රුසියාවේ බලයට පැමිණිණ. විප්ලවය පසුකාලීනව ඉතා දැඩි අභියෝගයන්ට මුහුණ දුන්නා.


1. සිවිල් යුද්ධය (1918–1922)


2. විදේශීය බලවේගවල ඇධිප්ත්වය


3. ආහාර හිඟය


4. කර්මාන්තීය හා වාණිජ සංවර්ධනයේ වසංගත වශයෙන් කඩාවැටීම


මෙම තත්වයන් මත රට නැවත ගොඩනැගීම සඳහා සමාජයේ සියලුම ස්ථරයන්හි ජනතාව පරිත්යාගශීලී අරගලයක නිරත වුනා.


රතු හමුදාව (Red Army) ගොඩනැඟීම

රතු හමුදාව, බොල්ෂෙවික් රජය විසින් 1918 ජනවාරි 28 වන දිනදී  ලියොන් ට්‍රොට්ස්කි (Leon Trotsky) විසින් පිහිටුවා ව්යාප්ත කලා

රතු හමුදාවේ සංවිධානයට එකතුවූ පිරිස්:

1. කම්කරුවන් (workers) – බොහෝ දෙනෙක් විප්ලවය සඳහා උපරිම කැපවීමකින් යුතුව සිටිහ. ඔවුන්ගෙන් බහුතරය සාමාන්‍ය අධ්‍යාපනයක් නොමැතිව තිබුණද, විශ්වාසය සහ විප්ලවීය උනන්දුව ඔවුන්ගේ ප්‍රධාන බලවේගය වුනා.

2. ගොවීන් (peasants) – ඔක්තෝබර් විප්ලවය ඔස්සේ ඔවුන්ට වගාබිම් ලබාදීමේ පොරොන්දුව නිසා බොහෝ ගොවීන් බොල්ෂෙවික් පක්ෂයට සහය දැක්වූහ. ඔවුන් අතරින් බොහෝ දෙනෙක් රතු හමුදාවේට අරක්ෂක හෝ සෙබළුන් වශයෙන් එකතුවුනා.

3. ශිෂ්‍යයන් සහ වෘත්තිකයන් (students and professionals) – නව සමාජවාදී ආකෘතියක් ගොඩනඟන්නට කැමති වූ බොහෝ බුද්ධිමතුන් සහ නවකයන් ද රතු හමුදාවට බැඳුනා. ඔවුන් විශේෂයෙන්ම තොරතුරු එක්‍රැස්කිරීම හා ඉහලට සන්නිවේදනය, තාක්ශනය, රූපවාහිනිය, වෛද්‍ය සහ රසායන විද්‍යා කටයුතු වලට අනුයුක්ත වුනා.

කලාකරුවන් සහ විද්වතුන් – විප්ලවීය ජාතික මනෝභාවයක් ව්‍යාප්ත කිරීම සඳහා උදව් කලා.


නව සමාජමය සංකල්ප:

"නොවිකිනෙන යුද හමුදාවක්" – සාමාන්‍ය සෙබළන්ගේ ව්‍යාපෘතික සහ ආදර්ශමය කැපවීම


"ජනතා හමුදාවක්" – සෙබළන්ට සහභාගී ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයට තීරණ ගන්න හැකියාව ලබාදීම (උදා: සෙබළන්ගේ සභා)


**"අධික පරිත්‍යාගයක" සංස්කෘතියක් – උදාහරණයක් ලෙස, ජනතාව විවෘතව තම වාහන, ගොඩනැගිලි හෝ දේපළ රජය සඳහා පරිත්‍යාග කළහ.


3. "War Communism" හා ආර්ථිකය

1918–1921 කාලය තුළ රජය "War Communism" නම් ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළාය. මේවා යටතේ:


කර්මාන්ත මූලිකව රජයට පවරා ගත්තා


ගොවීන්ගේ අතිරික්ත ආහාර රාජ්‍යයට අත්පත් කර ගත්තා


සම්පත් සියල්ල යුද්ධය සඳහා භාවිතා කළා


ජනතාවට දැඩි කටුකභාවයක් විඳීමට සිදු වුනද, සියලු දෙනා රාජ්‍යය සහ රතු හමුදාව ගොඩනඟන්නට එකතු වුනා


1917–1922 අතර සෝවියට් රුසියාව නැවත ගොඩනැඟීමේ ව්‍යාපෘතියට රටේ ජනතාව බහුතරයක් උද්‍යෝගයෙන් සහභාගී  වුනා. රතු හමුදාවත්, නව රාජ්‍යයත් ජනතාවගේ කැපවීම සහ විප්ලවීය ආශාව මත ගොඩනඟන ලදි. එය ඉතිහාසයේ විශිෂ්ටතම ජනතා කැපවීමක් වශයෙන් සලකන්න පුළුවන්

Monday, February 24, 2025

ආන්ඩු බලය ගත්තෙ දෙන්න නෙවෙයි


 මේ රටේ ආන්ඩු බලය ගත්තෙ දෙන්න නෙවෙයි කියලා ටෝක්ස් දෙන කයිතන් ලා ගේ දැන ගැනීම පිණිසයි!


ඔබලා දැන්මම අනාගතේ විපක්ශයක් නැති වෙනවා කියා පුරෝකථනය කරයි. ආන්ඩු බලය ගත්තේ දෙන්න නෙවෙයි කියා කියයි. එය එසේ වුනොත් සිද්ද වෙන දේ....


විපක්ශයක් නැති වුනාම රටේ ඉන්න සියලුම දේශපාලනයට බර උදවිය නිකං ඉඳී ද? ඔබලා ඔවුන් ව සමූලඝාතනය කරයිද??


නෑ.. 


ඒගොල්ලෝ ඇවිත් ඕගොල්ලන් ගේ පක්සෙට බැඳෙනවා... ඊට පස්සෙ ඒගොල්ලන් ගේ සංඛ්යාව වැඩි වෙනවා... ටික ටික  විපක්ස වලට බැඳෙන්න ඉඳලා විපක්සයක් නැති නිසා ඕගොල්ලන්ගෙ පක්සෙට බැඳුනු අය බලය අල්ලනවා...


ඊට පස්සෙ ඉතිං තනි පක්ශෙන් ආන්ඩු කරන පක්ශේ පාර්ශව කීපයක් බලය ලබාගන්න අභ්යන්තර සටන් වල යෙදෙනවා... බලය තියෙන පාර්ශවේ ඇති පදං වංචා දූශන ලොවෙත් නැති වෙන්න කරනවා...


ඔය ඔක්කොටම වඩා මාර සීන් එක තමා ආයෙ වෙන පක්ශෙකට රටේ ආන්ඩු බලය බාර දෙන්නෙ නෑ කියලා කෑගහන උං ව කපාගෙන වෙන අය පක්සේ උඩට එනවා.. ඒක වලක්වන්න සක්කරයටවත් බෑ...


ජොලි නේද?


Tuesday, January 21, 2025

උපාධි කෝච්චිය


 කෝච්චිය

-------------

කෝච්චිය වනාහී විටෙක ජොලිසහගත ද, විටෙක විචිකිච්චා සහගත ද විටෙක විනාශකාරී ද උපාධි ප්‍රදානය කරනා ආයතනයකි. තඹුත්තේගම ඉස්ටේසමෙං ටිකැට් නැතුව යාල්දේවී කෝච්චියේ එල්ලී ටොපි සිකැරැට් විකුනා තුන් වෙනි පංතියේ  දුම් රිය උපාධිය ගත්තු එකා ජනා විය. එය ජොලිසහගත යැ! ඇල්ල ඉස්ටේසමෙං කෝච්චියේ එල්ලී වඩේ විකුනා දුම් රිය උපාධිය ගත්තු එකා ටොපි සිකැරැට් උපාධිකාරයාට නෙලන්නේ දොඹෙන් ම යන්න යැ! ඌ නම් පලමු පන්තියේ විමර්ශන මැදිරි ලෙවල් එකේ බුවෙක් යැ.  මුං දෙන්නාටම උඩින් ඉන්නේ හයිද්‍රාබාද්  කෝච්චි වල තේ විකුනා උපාධිය ලැබූ චායි බෝයි මෝදි යැ.


කියවන ඔහෙලාට වන්දේ මාතරං යැ!

Saturday, October 19, 2024

ගම්මන්පිල ගේ ඉරණම



ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්යාල ආචාර්ය වරයෙකු වූ ජෝන් වික්ලිෆ් John Wycliffe කියන වියත් විද්වතා 1381 දී එවකට ඇරාමික් භාශාවෙන් ලතින් බසට පෙරලා පූජකයන් විසින් අර්ත දක්වන්නට යෙදුන බයිබලය සාමාන්ය ජනතාවට කියවා තේරුම් ගත හැකි වන පරිදි ඉංග්රීසි භාශාවට පරිවර්තනය කලා. ඔහු ගේ තර්කය වුනේ ශුද්ද වූ ලියැවිල්ල පූජක අතරමැදියන්ගෙන් තොරව මහා ජනතාව අතට පත් විය යුතුය කියලායි. වික්ලිෆ් ගේ ලියැවිලි ලියවලා සාමාන්ය මිනිස්සු දේව වචනය අවභෝද කරගත්තොත් තමුන්ට ලැබෙන වාසි ප්රයෝජන නැති වෙයි කියලා බය වෙච්චි පූජකයෝ වික්ලිෆ් ට දරුනු ලෙස අවවාද කලා ඒවා ප්රකාශයට පත් කරන්න එපා කියලා. ඒත් වික්ලිෆ් ඒ අනතුරු ඇඟවීම් වලට කන් නොදුන් නිසා විරුද්දව පෙත්සම් ගහලා එතුමා ව කරදරයට පත් කලා. 1377 දී එකොලොස්වන ග්රෙගරි පාප් වහන්සේ වික්ලිෆ් ව වැරදිකරුවෙක් කරලා පාප් බුලක් ඇරියා (papal bull )කියන්නෙ පාප් වහන්සේ ගේ මුද්රා ලාන්චනය යටතේ යවනා නියෝග වලට ). පූජකයෝ වික්ලිෆ් ගේ ලියවිලි එකතු කර කර ඒවා ගිනිබත් කලා.
පූජකයෝ කොපමන කරදර කලත් 1384 වනතුරු ජීවත් වෙන්න වික්ලිෆ් වාසනාවන්ත වුනා. ඔහු ගේ මරනයෙන් පස්සෙ 1415 දී පස් වන මාටින් පාප් වහන්සේ ගේ අනුමැතියෙන් වතිකානුව වික්ලිෆ් ආගමට එරෙහි වන්නෙක් ලෙස ප්රකාශ කලා. එම ආඥාව ක්රියාත්මක වුනේ 1428 දී... පූජකයන් විසින් වික්ලිෆ් භූමදානය කල ස්තානයෙන් ඔහු ගේ ඇට කටු ගොඩට අරගෙන පුච්චලා භශ්මාවශේ ස්විෆ්ට් ගංගාවේ Swift river පා කර හැරියා....
පල්ලියේ අවවාද වලට පිටින් ගිහින් වාර්තා එලියට දාන ගම්මන්පිල ගේ ඇටකටු කවදාහරි ගොඩ අරන් පුච්චලා කැලණි ගඟේ පාකරයිද සහෝදරවරුනි??

Monday, September 16, 2024

ජර්මන් ආඥාදායකයා බලයට පත්වීම...




1919 සැප්තම්බර් මාසේ හිට්ලර් ජර්මන් කම්කරු පක්ශයට සම්බන්ද වුනා...

ඔහු ඉතාම ඉක්මනින් එම පක්ශයේ ඉහල නැග්ගා

පක්ශයේ යම් ස්තාවරයක් හදාගත්තට පස්සේ එහි නායක කම ඉල්ලා හිට්ලර් බලකලා... නායක කම නොලැබුනොත් පක්ශය හැර යනවා කියලා ඔහු යකා නැටුවා...

ඉන් පසු ඔහුට පක්ශ නායකත්වය ලැබුන

1920 දී හිට්ලර් ජර්මන් කම්කරු පක්ශය රී බෑන්ඩිං කලා... ජර්මන් ජාතික සමාජවාදී කම්කරු පක්ස්ය ලෙස - Nationalsozialistische Deutsche Arbeiterpartei – NSDAP (National Socialist German Workers' Party, commonly known as the Nazi Party) . පසුව නාසි පක්ශය ලෙස හැඳින්වූයේ එම අලුත් පක්ශයයි!

තමුං දක්ශිනාශිකයෙක් වුනත් හිට්ලර් පක්ශය සමාජවාදී කියලා නම් කලේ කොමියුනිස්ට්වාදීන් ව පක්ශයට ඈඳා ගන්නයි.

1923 නොවැම්බර් මාසෙ හිට්ලර් සහ ඔහු ගේ ගෝලබාලයන් දෙදාහක් පමන ජර්මනියේ මියුනිච් නගරයට කඩා වැදුනේ ජර්මනියේ රාජ්ය බලය අල්ලාගන්නයි Beer hall putsch. එහෙත් නගරය වටා දමා තිබූ පොලිස් කෝඩෝනය හිට්ලර් ගේ අරගලකරුවන් ට වෙඩි තිබ්බා. එයින් අරගල කරුවන් පහලොස් දෙනෙක්, පොලිස්භටයන් දෙදෙනෙක් සහ පැත්තකට වෙලා අරගලේ බලං හිටපු හාදයෙක් මිය ගියා. එතනින් ශූක්ශමව පැන ගියත් පසුව හිට්ලර් ව අල්ලාගත් පොලිසිය රාජ්ය ද්‍රෝහී චෝදනා යටතේ ඔහුට නඩු පවරා වසර පහකට හිරේ දැම්මා...

එතෙක් දේශපාලන හාල් කෑල්ලක් ව සිටි හිට්ලර් ජර්මනියේ ජනතාවගේ අවධානයට ලක් වූයේ මේ රාජ්‍ය ද්‍රෝහී අරගලේ නිසායි. හිරේ ඉන්නැද්දී තමා ඔහු පසුකලෙක ඉමහත් ජනප්‍රියත්වයට පත් වූ පොත මගේ යුද්දය Mein Kampf නැමති ලිවුවේ.

පසුකාලෙක හිරෙන් නිදහස් වූ හිට්ලර් වඩා උනන්දුවෙන් පක්ශ කටයුතු කලා.. පක්ශය ගොඩ නැගුවා...

 

ජර්මන් ජනාධිපතිවරණය 1932

 

 

 

මර්තු 13 පලමු වටය

 

අප්‍රේල් 10 දෙවන වටය

 

 

 

පෝල් ෆොන් හින්ඩන්බර්ග් (ස්වාදීන ) 19,359,983 (53.0% )

 

ඇඩොල්ෆ් හිට්ලර් (ජාතික සමාජවාදී ජර්මන් කම්කරු පක්ශය (NAZY Party) 13,418,547 (36.8%)

 

 

 

හිට්ලර් පරාජය වුනා..!!

 

 

 

මහ මැතිවරණය 1932

 

 

 

නොවැම්බර් 06

 

ජාතික සමාජවාදී ජර්මන් කම්කරු පක්ශය (Nazi party) ආසන 196 (33.1%)

 

ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී පක්ශය  (Social Democratic party ) ආසන121(20.4%)

 

කොමියුනිස්ට් පක්ශය (Communist party) ආසන 100 (16.9%).

 

 

 

ජර්මන් මැතිසබය වන රීශ්ටාග් (Reichstag) හී වැඩිම ආසන හිට්ලර් ගේ ජාතික සමාජවාදී ජර්මන් කම්කරු පක්ශය හිමි කර ගත්තා

 

 

 

කර්මාන්ත, මූල්‍ය හා කෘශිකර්ම ක්ශෙස්ත්‍ර වල දැවැන්තයන් 22 ක් හිට්ලර් ව චාන්සලර් කරන්නැයි බලපෑම් කලා...

 

 

 

ඒ අනුව 1933 ජනවාරි 30 දා,  හිට්ලර් මහජන නියෝජිත ක්‍රමයට ජර්මනියේ චාන්සලර් බවට පත් වුනා..

 

1933 පෙබරවාරි 27 වෙනිදා රෑ හිට්ලර් ගේ ගෝලබාලයෝ ජර්මන් පාර්ලිමේන්තුවට ගිණි තිබ්බා... එම ගිණි තැබීම කමියුනිස්ට් පාක්ශිකයන් ගේ වැඩක් ලෙස ජනාධිපතිට සහ පාර්ලිමේන්තු මංත්‍රීවරුන්ට ඒත්තු ගන්වන්න හිට්ලර් සමත් වුනා..

 

1933 මාර්තු 23 දා රීශ්ටාග් මහජන මංත්‍රීවරු පාර්ලිමේන්තු පනතකින් (Enabling Act of 1933) ඕනෑම කරුනක් සඳහා කිසිම කෙනෙකුගෙන් නොවිමසා, කිසිම කෙනෙකුගේ අනුමැතියෙන් තොරව කටයුතු කිරීමේ විධායක බලය (plenary powers) හිට්ලර් වෙත ලබාදුන්නා  ….

 

ස්වාධීන ව ඉදිරිපත් වී 53% ලබාගත් ජනාධිපති කෙනෙකු සිටියදී 36% පමනක් ලබාගෙන පැරදුනු හාදයෙක් රටේ පූර්ණ විධ්යායක බලය අල්ලාගත්තේ එහෙමයි!!

 

රෙස්ට් ඉස් හිස්ටරි පුතා......


Wednesday, August 28, 2024

හිට්ලර් ගේ ආගමනය!




ජර්මන් ජනාධිපතිවරණය 1932 


මර්තු 13 පලමු වටය

අප්‍රේල් 10 දෙවන වටය


පෝල් ෆොන් හින්ඩන්බර්ග් (ස්වාදීන ) 19,359,983 (53.0% )

ඇඩොල්ෆ් හිට්ලර් (ජාතික සමාජවාදී ජර්මන් කම්කරු පක්ශය (NAZY Party) 13,418,547 (36.8%) 


හිට්ලර් පරාජය වේ!!


මහ මැතිවරණය 1932


නොවැම්බර් 06

ජාතික සමාජවාදී ජර්මන් කම්කරු පක්ශය (Nazi party) ආසන 196 (33.1%)

ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී පක්ශය  (Social Democratic party ) ආසන121(20.4%) 

කොමියුනිස්ට් පක්ශය (Communist party) ආසන 100 (16.9%).


ජර්මන් මැතිසබය වන රීශ්ටාග් (Reichstagහී වැඩිම ආසන හිට්ලර් ගේ ජාතික සමාජවාදී ජර්මන් කම්කරු පක්ශය හිමි කර ගනී


කර්මාන්ත, මූල්‍ය හා කෘශිකර්ම ක්ශෙස්ත්‍ර වල දැවැන්තයන් 22 ක් හිට්ලර් ව චාන්සලර් කරන්නැයි ආයාචනා කරයි


ඒ අනුව 1933 ජනවාරි 30 දා,  හිට්ලර් මහජන නියෝජිත ක්‍රමයට ජර්මනියේ චාන්සලර් බවට පත් වේ


1933 මාර්තු 23 දා රීශ්ටාග් මහජන මංත්‍රීවරු පාර්ලිමේන්තු පනතකින් ඕනෑම කරුනක් සඳහා කිසිම කෙනෙකුගෙන් නොවිමසා, කිසිම කෙනෙකුගේ අනුමැතියෙන් තොරව කටයුතු කිරීමේ විධායක බලය (plenary powers) හිට්ලර් වෙත ලබාදෙන ලදී....


රෙස්ට් ඉස් හිස්ටරි පුතා......

Wednesday, August 21, 2024

එහෙම වුනොත් මොකද වෙන්නෙ???

 


එලඹෙන ජනාධිපතිවරනේ දෙවන මනාප ගැනීමකට යන්න වේවි කියලා මැතිවරණ කොමිසම පවා සැක පහල කරමින් දෙවන මනාප ල්ළකුණු කරන ආකාරය ජනතාව දැණුවත් කරනවා..

හදිසියේදී වත් වර්තමාන ජනාධිපති එලඹෙන ජනාධිපතිවරණ පලමු හෝ දෙවන තන ලබා නොගෙනම දෙවන මනාපේ ගනින්න සිද්ද වුනොත් මොකක් වෙයිද?? දෙවන මනාපේ ගනිනකම් එයා නීතියේ හැටියට ජනාධිපති වුනත්, එයා ගේ නියෝග නිලධාරීන් පිලිගනියිද?

අවස්තාවාදී දේශපාලන සංවිදාන අරගලය වගේ ප්‍රහාර එල්ල කරයිද? මේව දැවෙන ප්‍රස්න හිටං!!!

Tuesday, August 20, 2024

චෝර නාග ගීතා සංදාන කතා වස්තුව




පොහොට්ටුවේ හිටපු නයිටික එකතුවෙලා අලුත් නාගපාලක කෙනෙක් ගාවට යන්න කුමන්ත්‍රනේ කරලා... දැන් පරන නාගපාලක ගාවට යන්න බැරි නිසා අපි පවුල් පාලනේට විරුද්දව සංදාන ගතවෙමු කියලා බොරළුනයා යෝජනාකරගෙන මිනිහම ඒකෙ ලොක්කා වෙලා පුතාටත් නිලයක් දෙන්න සෙට් වෙලා... 

සල්ගාදු ක්‍රීඩංගනේ දී හතරවෙනි ඇවරියට වැටුන රත්තර නයා තාම බූමිතෙල් වැඩිලා සිදු වුනු තුවාල වට ඩෙටොල් ගාන ගමන්...

තමුං හිටි හුඹහෙන් ම ආපු ලංසනයා, ප්‍රසන්නයා, මහින්දානන්දනයා වගේ කුඩු බඩු කප්පම් සහ පගා නයි කපලා දාලා උපාදිධාරී නයි වෙන පතිරනයා, කාංචනයා, ශෙහා නයා, කනක නයා, ප්‍රමිතනයා ඒ කියන්නෙ තෙන්නකෝ නයා වැනි උගත් නයි උඩට අරන් පොලේ ගිහින් නාග සංදර්ශනයක් තියන්නයි කස්ටිය සෙට් වෙන්නේ...

මේක කොපමන විහිලුවක් ද කියලා හිතන එස් බීනයා ඔය අලුත් සංදානෙට ගීතනයා කියලා නම දාමු කියලා ආතල් ගන්න බවයි පත්තෙර විස්තරේ කියන්නේ...

Wednesday, August 14, 2024

පරන පගා ඇමතිලා ගේ නව සංදානය...

 


2022 දී නිමල් සිරිපාල ඇමති ජපන් ටායිසේ සමාගමමෙන් පගාව ඉල්ලලා මාට්ටු වුනාම ඒක සජිත් තුමා පාර්ලිමේන්තුවේදී ප්‍රසිද්ද කරලා අලි  ජංජාලයක් සිද්ද වුනේය. 

එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ශ මහතා ගේ නියමය පරිදි නිමල් සිරිපාලට තම ඇමති කමෙන් අස් වෙන්නට සිදු විය. 

පස්සේ, රනිල් විසින් කොමිසමක් පත් කොට සිරිපාලගේ සරමේ ගෑවුන නඩ සෝදා ඔහුට නැවත ඇමතිකමක් දෙන ලදී. ඊට කෘතගුණ සැලකීමක් ලෙස පගා ගත්තා යැයි චෝදනා වලට ලක් වූ ඇමතිලා නව සංදානයක් හදාගෙන රනිල් ට සහයෝගය දෙයි...


විහිලුවක් නේ???

Tuesday, August 13, 2024

අගමැති කෝලම!

 


රනිල් තුමා දිනුවොත් අගමැති වෙන්න බොහෝ දෙනෙක් සූට් මහලා කියා ආරංච් වේ.

වර්තමාන අගමැති දිනේශ් මහතා නැවත අගමැති කම බලාපොරොත්තු වේ.

රවි කරුණානායක සහ වජිර අබේවර්ධන රනිල් පාර්ශවයෙන් අගමැති කම බලාපොරොත්තු වන බව ට කට කතා පැතිර යයි.

ප්‍රසන්න රනතුංග ද දැනටම සූට් එක මහලා බව පැවසුවේ උදයංග වීරතුංග මහතා ය.

නව සංධානය නියෝජනය කරනා නිමල් සිරිපාල ද අගමැති කමට ඇස ගසාගෙන නිදා සිටිනා බවටත් කතා පැතිරෙති.


මේ උභතෝකූටිකයට පිලිතුරක් ලෙස අගමැති මංඩලයක් පත් කිරීමට කටයුතු කරන්න කියා රනිල් තුමාට මා උපදෙස් දීමට කැමැත්තෙමි!

Wednesday, August 7, 2024

පශ්චත්තාප වීම



කලුතර දිස්ත්‍රික් මන්ත්‍රී පියල් නිශාන්ත බොහොම කණගාටු ස්වරයයෙන් "පොහොට්ටුව ඉදිරිපත් කරපු ජනාධිපති අපේක්ශකයා නාමල් මැථිතුමා කියලා කලින් දන්නවානම්, පක්ශෙ හැර ගිය බොහෝ අය එහෙම යන්නෙ නෑ... "කියලා බොහොම දුකෙන් කියනවා ඊයෙ නිවුස් වලට පෙන්නුවා....


රනිල් ගෙ දෙපා ලඟට ගිය පොඩියන් කෙනෙකු ගේ නියම පශ්තාපය අපිට ඒකෙන් බලාගන්න පුලුවන්...


ඒ එක්කම නිවුස් වලට පෙන්නුවා මාධ්ය ආයතන හාදයෝ රනිල් ගෙන් අහනවා පොහොට්ටුවෙන් ආව සියලුම අය විශාල දූශන වංචා කල අය නේද , ඇයි ඒ ගොල්ලන් ව ලඟට ගත්තෙ කියලා...


ඒකට රනිල් කියනවා එයා දූශියොන්ට එන්න කිවුවෙ නෑලු... 

එයා ඉල්ලන්නේ ජනාධිපතිවරනෙට ලු...'

ඔය කියන දූශිතයෝ ඊලඟ මැථිවරනෙන් මහජනතාව පත් කරලා එවන එකක් නැහ ය කියලා...


අන්තෝ ජඨා බහි ජඨා කියන්නෙ මේවා තමයි හිටං!!